"පරිණාමය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැගය: 2017 source edit
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය Android app edit
1 පේළිය:
{{පරිණාමය3}}
'''පරිණාමය''' යනු පරම්පරාවෙන් පරම්පරාවට ජීව විශේෂයකවිශේෂ ගහණයක ප්‍රවේණික ද්‍රව්‍යයේ ජාන ලක්ෂණවල වෙනස්කම් ඇතිවීමේ ක්‍රියාවලියයි. ජීවියෙකුගෙන් ඔහුගේ දුහිතෘ ජීවියාට යැවෙන ජාන මගින් මෙම ප්‍රවේණික ලක්ෂණ ඇති කරයි. ජානවල විකෘතිතාව හෝ වෙනස් ලක්ෂණ ජීවීන්ට ඇති කිරීම මගින් ජීවීන් අතර පරම්පරාවෙන් පරම්පරාවට උරුමවන ලක්ෂණ ඇති වේ. එම නිසා නව ලක්ෂණ ජීවී ගහණ අතර ජාන මාරුවීමෙන්ද (ආගමන / විගමනය ) විශේෂ අතර තිරස් ජාන මාරුවෙන්ද ඇති වේ. ලිංගිකව වර්ගයා බෝ කරන ජීවීන්ගේ ජාන ප්‍රතිසංවිධානය (recombination) මගින් නව ජාන සම්මිශ්‍රණ සෑදෙන අතර මේවා නිසා ජීවීන් අතර ලක්ෂණවල වෙනස්කම් වැඩි වේ.
[[ගොනුව:Illustration; 'The Evolution of Man' Wellcome L0063036.jpg|alt=|thumb|452x452පික්|විවිද මානව වර්ගයන්හි අස්ති සැකිලි]]
පරිණාමයට හේතු සාධක වූ ප්‍රධාන ක්‍රම 2 ක් ඇත. පළමුවැන්න '''ස්වභාවික වරණයයි'''. නොනැසී පැවති වර්ගයා බෝකිරීමේ හැකියාව ඇති ප්‍රවේණික ලක්ෂණ ගහණයක වැඩිපුර ප්‍රචලිත වීමත් එසේ කළ නොහැකි ගති ලක්ෂණ වඳවීමත්ය. වාසිදායක ලක්ෂණ සහිත ජීවීන් කාර්යක්ෂමව වර්ගයා බෝකිරීම නිසා පරම්පරාවෙන් පරම්පරාවට මෙම වාසි දායක ලක්ෂණ ගමන් කිරීම නිසා ඉහත කී දෙය සිදු වේ. පරම්පරාවෙන් පරම්පරාවට ලක්ෂණවල සාර්ථක, කුඩා, අහඹු වෙනස්කම්වීම මගින් තැනට / කලට සුදුසු සේ අනුගත වේ. එම ස්වභාවික වරණය පරිසරයට ඉතා සුදුසු ජීවීන් තෝරයි. ප්‍රතිවිරුද්ධ ලෙස ජාන ගලනය ගහණයක ලක්ෂණවල සංඛ්‍යාතයෙහි අහඹු වෙනස්කම් ඇති කරයි. යම්කිසි ජීවියෙක් නොනැසී සාර්ථකව වර්ගයා බෝකරනවාද නැද්ද යන්න තුලින් එය ඇති වේ. ජාන ගලනය මගින් හෝ වරණය තුලින් ඇතිවන වෙනස්කම් කුඩා වුවද පරම්පරා ගණනාවක් තිස්සේ එකතුවන මෙම වෙනස්කම් තුලින් කාලයත් සමග ජීවීන්ගේ සැලකිය යුතු වෙනස්කම් ඇති වේ.
7 පේළිය:
 
පරිණාමික ජීව විද්‍යාව තුලින් පරිණාමය සිදුවූවා යන්න සඳහා කරුණු ලේඛනගත කරන අතර එය එසේ වූයේ ඇයිද යන්න සොයා බැලීමට පරීක්ෂණ සොයාගන්නා අතර ඒවාට පරීක්ෂණ ද සිදු කරයි. පොසිල වාර්තා හා ජීවී විවිධත්වය නිසා බොහෝ විද්‍යාඥයින්ට 19 වැනි ශතවර්ෂයේ මැද භාගයේ සිටම විශේෂ කාලයක් තිස්සේ වෙනස් වූ බව පැහැදිලි විය. කෙසේ වුවද, 1859 දී [[චාල්ස් ඩාවින්|චාල්ස් ඩාවින්ගේ]] ස්වභාවිකවරණයෙන් පරිණාමයට සාධක වූ බව කියැවෙන ජීවීන්ගේ සම්භවය නම් කෘතිය එළි දක්වන තුරුම මෙම පරිණාමය කෙසේ සිදුවුනිද යන්න අපැහැදිලිව පැවතිනි. විද්‍යාඥයින්ගේ සංගමය තුළ ඩාවින්ගේ එම සොයා ගැනීම ඉතා ඉක්මණින් පිළිගැනීමට ලක් වූ අතර 1930 දී ඩාවින්ගේ [[ස්වභාවික වරණය]] මෙන්ඩලිය ප්‍රවේණිය සමග එක්කර නවතම පරිණාමික නිමැවුම බිහි වූ අතර එයින් පරිණාමයේ ඒකකය වූ ජානය සමග පරිණාමයේ ක්‍රියාවලිය වූ ස්වභාවිකවරණය සම්බන්ධ විය. මෙම ශක්තිමත් පැහැදිලි කළ හැකි හා අනාවැකි පලකළ හැකි මතය නව සමීක්ෂණ පරීක්ෂණවලට මග සෑදූ අතර (නිතර ඇතිවන නව ප්‍රශ්න නිසා), එය නව ජීව විද්‍යාවේ ජීව විවිධත්වය පිළිබඳ පිළිගන්නා පැහැදිලි කිරීම ලෙස මාධ්‍යයක වැදගත් මූලධර්මයක් බවට පත් විය.
 
== ජීවයේ පරිණාමීය ඉතිහාසය ==
ජීවයේ සම්භවය - ජීවයේ සම්භවය පරිණාමය සඳහා අත්‍යවශ්‍ය මුල් පුරුකක් වන්නට ඇත. නමුදු ජීවින් ඇන්ජිමත් සමග පරිණාමය ඇතිවූවා යන්න තේරුම් ගිය පසු හා පරිණාමය සඳහා පරීක්ෂණ කළ තොරතුරු ලබාගත් පසු ජීවයේ සම්භවය පරිණාමයට සරල ඇති වීම මත නොයැපුනි. දැනට පවතින විද්‍යාඥයින්ගේ ඒකමතික තීරණයට අනුව ජීවය, රසායන ක්‍රියාවල සිට සංකිර්ණ ජීව රසායනික ක්‍රියාවලීන් නිසා ඇති වූවක් බව එය ඒසේ වූයේ කෙසේ ද යන්න පැහැදිලි නැති නමුත් පිළිගැනේ‍. ජීවයේ වර්ධනය මුල් ජීවීන්ගේ ව්‍යුහය, විශ්වයේ ඇදීම, මීමුතු ජීවියාගේ හැඳින්වීම හා ස්වභාවය, ආදී ජාන එකතුව / පොකුණ පිළිබඳ ස්ථිරත්වයක් නොමැත‍. තනිව බෙදන RNA අණු, සරල සෛලවල එකතුව ආදී ලෙසට ඇත‍‍‍. යෝජනා මිස ජීවයේ සම්භවය පිළිබඳ විද්‍යඥයින්ගේ ඒකමතිකත්වයක් නොමැත.
"https://si.wikipedia.org/wiki/පරිණාමය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි