"අනන්තය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
34 පේළිය:
“අනන්ත” සලකුණෙහි ආරම්භය ආදි රසායනික හෝ ආගමික සලකුණක් මගින් සිදුවූ බව ඇතැම්හු පිළිගනිති. උදාහරණයක් ලෙස “අනන්ත සර්පයා” ලෙස හැඳින්වෙන සත්වයා නිරූපණය කර ඇත්තේ බොහෝ විට “අනන්ත” සංකේතයේ හැඩයට වන අතර ටිබෙටයේ ගල් කැටයම් අතර ද “අනන්ත” සංකේතයට සමාන සංකේත දැකගත හැක.
 
ජෝන් චැලිස් 1655 දී “De Sectionibus conicis” නම් ග්‍රන්ථය ඔස්සේ “අනන්ත සංකේතය” (∞) හඳුන්වා දුන් බව සාමාන්‍ය පිළිගැනීමයි. ඔහු මෙම සංකේතය තෝරා ගැනීමට හේතුව ලෙස ඇතැමුන් ප්‍රකාශ කරන්නේ රෝම ක්‍රමයට 100 ඉලක්කම CIƆ ආකාරයට ලිවීමයි. මෙය එවෘස්කානු සංඛ්‍යා ක්‍රමයෙන් උපු‍ටාගන්නක් වන අතර බොහෝ යන අරුත ගෙන දීමට ද භාවිතා කෙරේ. තවත් මතයකට අනුව වැලිස් සිය සංකේතය ග්‍රීක හෝඩියේ අවසන් අක්ෂරය වන  (ඔමේගා) මත පදනම්ව නිමකර ඇත. තවත් මතයකට අනුව අතින් මුද්‍රණ කටයුතු එකල 8 ඉලක්කම 900කින්90°කින් භ්‍රමණය කර අනන්ත සංකේතය ලෙස යොදා ගැනීම පහසු වීම ඉහත තෝරාගැනීමට හේතුවයි. මෙම සලකුණු ඇතැම්විට “කම්මැලි 8” ලෙස හැඳින්වේ. එමගින් පැත්තට වැටී සිටින 8 ඉලක්කමක් සිහිගැන්වේ.
 
තවත් ප්‍රසිද්ධ තර්කයක් වන්නේ සලකුණ මගින් 900කින්90°කින් හැරවූ වාලුකා යන්ත්‍රයක් දක්වන බවයි. එවිට වාලුකා යන්ත්‍රයේ එක් අර්ධයක් සම්පූර්ණයෙන් වැලිවලින් හිස්වීමට ගතවන කාලය අනන්ත වේ. මෙය අනන්තය නිරූපණයකි. වාලුකා යන්ත්‍රය අනන්ත සංකේතය හඳුන්වාදීමට පෙර සොයාගන්නක් බැවින් මෙම තර්කය නිවැරදි වීමේ හැකියාවක් පවතී.
 
∞ (U +221E) මගින් ∞ සලකුණ ලේඛනයකට එක් කළ හැක.
"https://si.wikipedia.org/wiki/අනන්තය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි