"එයාර්බස් පළහිලව්ව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව ලිපිය
(වෙනසක් නොමැත)

03:08, 4 පෙබරවාරි 2020 තෙක් සංශෝධනය

එයාර්බස් පළහිලව්ව යන්නෙන් අදහස් වන්නේ, අග්‍රාමාත්‍ය බ්‍රයන් මොල්රොනීගේ (1984–93) ධූර කාලයෙහිදී, එවකට-කිරීටය විසින් පාලනය වූ සංස්ථාවක් වූ එයාර් කැනඩා විසින් එයාර්බස් ජෙට් යානා විශාල සංඛ්‍යාවක් මිලදී ගැනීමෙහිදී, එම ගනුදෙනුව වෙනුවෙන් කැනඩා රජයෙහි සාමාජිකයන්ට රහස් වට්ටම් ගෙවුණු බවට ඇති චෝදනා සමූහය වෙයි. මෙම කොන්ත්‍රාත්තුව වෙනුවෙන් සැපයුම්කරුවන් අතර තරගය පැවති කාලයෙහිදී, එයාර්බස් ( යුරෝපියානු මූල්‍යාතන සමූහයකි) මූල්‍යාතන සමූහයෙහි සභාපති වූයේ, බැවේරියාවෙහි උසස් තලයෙහි ජර්මානු දේශපාලනඥයෙකු වූ ෆ්‍රාන්ස් යෝසෙෆ් ස්ට්‍රවුස් (1915–1988) විය.

ප්‍රශ්නයට තුඩු දී ඇති මිලදී ගැනීමෙහි ඇණවුම පිළිබඳ තීරණය ඉතා දිගු කලක් තිස්සේ පොරොත්තු තත්ත්වයෙහි පැවති අතර, බෝයිං සහ එයාර්බස් යන සමාගම් දෙකම එම කොන්ත්‍රාත්තුව සඳහා දැඩි තරගකාරී ලෙසින් උත්සාහ දැරූහ. සමාගම් දෙක විසින්ම කැනඩාව තුල නිෂ්පාදන සහයෝගීතාවන් ක්‍රියාත්මක කිරීමෙහි යෝජනා ඉදිරිපත් කල අතර, තම කේවල්කිරීමෙහි හැකියාව තියුණු කිරීමට ඩි හැවිලන්ඩ් කැනඩා නම් ගුවන්යානා නිෂ්පාදන සමාගම මිලදී ගැනීමට සහ එකල ඔවුන් සහභාගී නොවූ ෆීඩර්ලයිනර් ව්‍යාපාර ක්ෂේත්‍රයට ඇතුළුවීමට බෝයිං සමාගම උත්සුක විය. අත්‍යන්තයෙහිදී, 1988 වසර වන විට, එයාර්බස් සමාගම වෙත කොන්ත්‍රාත්තුව පිරිනැමුණු අතර, එයාර්බස් A320 යානා 34ක් ඇණවුම් කෙරෙමින්, එයාර් කැනඩා ආයතනයෙහි එවකට භාවිතා වූ බෝයිං 747 ගුවන්යානා ඇණියෙහි සමහරක් යානා විකුණාදැමීමද සිදුවිය. බෝයිං සමාගම විසින් විගසින් ඩි හැවිලන්ඩ් සමාගම විකිණීම සඳහා නියම කල අතර එමගින් එම සමාගම අන්තරායයට ලක් කල මුත්, එය වෙනුවෙන් දොස් පැවරුණේ රජය වෙතය.

"https://si.wikipedia.org/w/index.php?title=එයාර්බස්_පළහිලව්ව&oldid=446679" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි