"වසූරිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
5 පේළිය:
වසූරිය රෝගය සමෙහි උගුරෙහි හා මුඛයෙහි කුඩා රැධිර වාහිණි තුළට සීමා වේ. සමෙහි මේවා කුඩා ලප සහිත පැල්ලමක් ලෙස ද පසු කාලීනව ඉස්සුනු දියරයක් පිරී බිබිලි ලෙසට ද හටගනී. වැලියෝලා මිස්රි වෛරස මගින් වඩාත් දියුණු තත්වයට රෝගය ඇති කරන අතර මෙමගින් 30% සිට 35% දක්වා මරණ සංඛ්‍යාවක් ඇති කරයි. වැලිසොරා මයිනර් මගින් ඇතිකරන රෝගය එතරම් දරුණු නොවන අතර එමගින් රෝගයට ගොදුරු වූවන්ගෙන් ආසන්න වශයෙන් 1% ක් බිලිගනී. වැලියොලා මයිනර් මගින් ආසාදිතයන්ට ඇති වන දීර්ඝකාලීන සංකූලතාවයන් වන මුහුණෙහි ඇතවන ඊට ආවේනික කැළැල් ජීවත් වන්නන්ගේ 65 - 85% ක් අතර දක්නට ලැබේ. 2% සිට 5% දක්වා වූ සුළුතරයකට ඇසේ කනීණිකාවේ ඇති වන තුවාල නිසා හටගන්නා අන්ධභාවය, ආතරයිටිස් රෝගය නිසා හන්දිපත්වල ඇතිවන විකෘතිතා හා අස්ථිවල ඇති වන ආසාදනයන් දක්නට ඇත.
 
වසූරිය මානව වර්ගයා තුළ ඇතිවන්නට ඇත්තේ බුද්ධක්‍රි.පූ. වර්ෂ3 10000වන සියවසේ සිටය. රෝගය නිසා 18 වන සියවසේ දී 400000 ක් පමණ යුරෝපා ජාතිකයින් පිරිසක් මරුමුවට පත්වූ අතර එවකට අන්ධවීම් අතරින් තුන්වන ස්ථානයක් ගනී. ආසාදිතයින්ගෙන් 20% සිට 60% අතර ද ළමුන්ගෙන් 50% කට වැඩියෙන් රෝගය නිසා මරණයට පත්වුණි.
 
විසිවන සියවසේදී සිදුකරන ලද ගණන් බැලීම්වලට අනුව වසූරිය රෝගය නිසා මිලියන 300 - 500 ත් අතර පුද්ගලයින් ප්‍රමාණයක් මරණයට පත්ව ඇත. 1967 දී ලෝක සෞඛ්‍ය සංවිධානය තක්සේරු කළ අන්දමට එම වසර තුළ මිලියන 15 ක් වූ රෝගීන් ප්‍රමාණයක් වාර්තා වූ අතර මිලියන දෙකක් මරණයට පත්ව ඇත. දහනවවන හා විසිවන ශතවර්ෂය පුරාවටම දියත් කරන ලද සාර්ථක ප්‍රතිශක්තීකරණ ව්‍යාපාරයක් නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් 1979 දී වසුරිය ලොව තුලින් මුළුමනින්ම තුරන් කිරීමට හැකි වුණි. මේවන විට මුළුමනින්ම ලොවෙන් තුරන් කරන ලද එකම බෝවන රෝගය වන්නේ වසුරියයි.
"https://si.wikipedia.org/wiki/වසූරිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි