"සෝවාන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
52 පේළිය:
 
== සටහන් ==
[[Category:බුදු දහම]]
සෝවාන් ඵලය ලබා ගන්නට පුළුවන් ස්වාමීන් වහන්සේලාට පමණක් නෙමෙයි. තවමත් ඉගෙන ගන්න අපිට වුනත්, රැකියාවක් කරන කාර්යබහුල ජීවිතයක් ගත කරන අයට වුනත්, විවාහ වී දරුවන් ලබා සිටින ඔබට වුනත් සෝවාන් ඵලය ලබා ගන්නට පුළුවන්. සෝවාන් වීමට අපගේ එදිනෙද කටයුතු අතහැර දමා මහන වීමට වත්, කැලෑ වැදී භාවනා කිරීමට වත් අවශ්‍ය නැහැ. නමුත් අද සමාජයේ කිසිම මිනිසෙකුට මේ පිළිබඳව අවබෝධයක් නැහැ. බුද්ධ කාලයේ සිටි විශාඛාව ඔබට මතකද? ඇය හත් වන වියේදී සෝවාන් බව ලබා සිටියා. එමෙන්ම ඇය අවුරුදු 120 ක් ජීවත් වූ බවත් ඔබට මතක ඇති. ඇය විවාහ වන විටත් සෝවාන් ඵලය ලබා සිටියා. ඇයට දරුවන් ලැබෙන විටත් ඇය සෝවාන් වී සිටියා. එහෙනම් දැන් ඔබට තේරෙනවද සාමාන්‍ය ජීවිතයක් ගත කරගෙන වුනත් සෝවාන් බව ලබා ගැනීමට පුළුවන් බව. ඉතින් ඇයි අපි තවත් පරක්කු වෙන්නේ? මේ ලිපිය කියවන ඔබත් පරිගණකයට හා අන්තර්ජාලයට ගොඩක් සමීපයි කියල මම දන්නවා. මොකද මමත් අන්තර්ජාලයට ගොඩක් කැමතියි. එත් ලස්සන ජීවිතයක් ගත කරන්න අපිත් කැමතියි නේද? ඔය හිතන්නේ මේ ජීවිතේ සුන්දරද? ඇත්තෙන්ම නැහැ. නමුත් සෝවාන් ඵලය කොච්චර සුන්දරද කියලා ඔයා දන්නවද? ඔයා සෝවාන් වෙන්න කැමතිද? සෝවාන් උනා කියල ඔයා ඔයාගේ ජීවිතේ සම්පුර්ණයෙන්ම වෙනස් කරන්න ඕනි නැහැ. සෝවාන් වෙලා ඔයාට රස්සාවක් කරන්න උනත්, විවාහ වෙන්න උනත් , දරුවන් හදන්න උනත් විතරක් නෙමෙයි ඔයා මේ රටේ ජනාධිපති උනත් ඔයාට සෝවාන් වෙන්න පුළුවන්. ඒවගේම ඔයා හොරෙක් , මංකොල්ල කාරයෙක් , මිනි මරුවෙක් උනත් ඔයාට සෝවාන් වෙන්න පුළුවන්. ඔබට මතකද අංගුලිමාල නම් පුද්ගලයා. ඔහු මිනිසුන් 1000 ක් පමණ ගාතනය කල කෙනෙක්. නමුත් ඔහුත් රහත් බවය ලබා ගත්තා. ඉතින් ඇයි අපිට බැරි. ඒවගේම සෝවාන් බව ලබා ගත අය අප අතරම ඉන්නම පුළුවන්. ඔබගේ හොඳම යහළුවා හෝ ඔබගේ ලංගම අසල්වැසියා වුවද සෝවාන් බව ලබා ඇති අයෙක් වීමට පුළුවන්. සෝවාන් වූ පුද්ගලයා කිසිම වෙලාවක කියන්නේ නැහැ තම සෝවාන් වූ කෙනෙක් බව.
සෝවාන් වීම සඳහා අප විසින් අනුගමනය කල යුත්තේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. පංච උපාදානස්කන්ධය තුල පවතින ත්‍රිලක්ෂණය ඉගැනීම වැදගත්ය . ත්‍රිලක්ෂණය යනු
Line 75 ⟶ 74:
2.අනන්ත/අනර්ථ ලක්ෂණය
අනන්ත කියන්නේ මේ ලෝකයේ ඇති සෑම දෙයකම තේරුමක් නැති කමයි. කොටින්ම , අනිච්ච හෙවත් කිසිම දෙයක් අපට කැමති විදියට සිදුනොවන නිසාම මේ ලෝකයේ ඇති කිසිම දෙයක අර්ථයක් නැති බව අවබෝධ වෙනවා නේද? අපේ ජීවන චක්‍රය ගැන හිතන්න. අපි මෙලොවට බිහිවෙනවා, ළදරු අවදියේ පසුවෙනවා, ඉගෙන ගැනීම ආරම්භ කරනවා, විභාග සමත් වෙලා හොඳ රස්සාවකට සම්බන්ද වෙනවා, පුළුවන් තරම් සල්ලි හම්බ කරනවා, අවසානයේ හිඟන්නෙක් වගේ මැරිලා යනවා. මේකද අපේ ජීවිතේ? මේ ජීවිතේ තේරුම මොකක්ද? සිතන්න..... අප උපන් දා සිටම කනවා,බොනවා,නානවා,නිදා ගන්නවා. ඇයි අපි කන්නේ? මරණයෙන් ගැලවෙන්න නේද? ඒත් අපි කවත් නැතත් අපිට අනිවාර්යෙන්ම මැරෙන්නට සිදු වෙනවා නේද? මරනයෙන් පසුවත් අපි නැවතත් ඉපදිලා මේ විදියට දුක් විඳිනවා නේද? ඉතින් මෙලෙස බලන විට අපේ ජීවිතය අර්ථයක් නැති දෙයක් බව තේරෙනවා නේද? ඉති මෙම අවසාන ලක්ෂණය තේරුම් ගැනීමත් සමඟ ඔබ සෝවාන් මාර්ගයට තවත් ලං වෙනවා.
 
[[ප්‍රවර්ගය:මාර්ග ඵල]]
"https://si.wikipedia.org/wiki/සෝවාන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි