"අර්ට්සි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
41 පේළිය:
[[අර්ට්සල් ඇල්ප්ස්]] මත ඔස්ට්‍රියානු-ඉතාලියානු දේශසීමාවෙහි [[ෆීනයිල්ස්පිට්ෂ]] හී නැගෙනහිර වැටිය තුලදී, {{convert|3210|m|ft}} උසකදී, 1991 සැප්තැම්බර් 19 දිනදී ජර්මානු සංචාරකයින් දෙදෙනෙකු විසින් අර්ට්සි සොයාගන්නා ලදි. හෙල්මුට් සහ එරිකා සයිමන් නමැති මෙම සංචාරකයින් දෙදෙනා, හවුස්ලාබ්ජොක් සහ ටීසෙන්හොක් යන ගිරි දුර්ග අතර මාර්ගයෙහි ගමන් කරමින් සිටියහ. මෙම දේහය මෑතකදී මියගිය කඳුනගින්නෙකුගේ බව මොවුහු විශ්වාස කලහ. <ref>[http://www.iceman.it/en/node/233 ඩිස්ක්‍රිප්ෂන් ඔෆ් ඩිස්කවරි] {{වෙබ්ආකයිව්|url=https://web.archive.org/web/20111213024011/http://www.iceman.it/en/node/233 |date=13 December 2011 }} සවුත් ටිරෝල් පුරාවිද්‍යා කෞතුකාගාර වෙබ් අඩවිය තුල </ref> ඊළඟ දවසෙහි, කන්දෙහි රාජකාරියෙහි නිරත [[ජොන්ඩෝමරී|ජොන්ඩෝමර් සන්නද්ධ භටයෙක්]] සහ අසබඩ සිමිලවුන්හුටෙ රැකවලා විසින්, ඉණෙන් පහළ කොටස අයිස් තුල මිදී තිබුණු දේහය, වායව විදිනයන් සහ අයිස්-පොරෝ භාවිතා කරමින් ඉවත් කිරීමට උත්සාහ කල මුත් අයපහත් කාලගුණය නිසා එය අත්හැර දැමීමට සිදුවිය. ඊළඟ දිනයෙහිදී, කණ්ඩායම් අටක් අඩවිය වෙත පැමිණි අතර, ඔවුන් අතර [[හන්ස් කමලන්ඩර්]] සහ [[රයින්හොල්ඩ් මෙස්නර්]] යන කඳු නගින්නෝ වූහ. සැප්තැම්බර් 22 දිනයෙහිදී දේහය අර්ධ-නිල වශයෙන් ගොඩ ගන්නා ලද අතර ඊළඟ දිනයෙහිදී නිල වශයෙන් ඉවත් කර ගන්නා ලදි. අනෙකුත් බඩුබාහිරාදිය හා සමගින් එය [[ඉන්ස්බෘක්]] වෛද්‍ය පරික්ෂක කාර්යාලයය වෙත ප්‍රවාහනය කෙරිණි. සැප්තැම්බර් 24 දිනදී, [[ඉන්ස්බෘක් විශ්වවිද්‍යාලය| ඉන්ස්බෘක් විශ්වවිද්‍යාලයෙහි]] [[පුරාවිද්‍යාඥයා|පුරාවිද්‍යාඥ]] කොන්රඩ් ස්පින්ඩ්ලර් විසින් සොයාගත් සියළු දෙය පරික්ෂණයට ලක් කෙරිණි . සොයාගත් වස්තු සමූහය "වසර හාරදහසක් පමණ පැරණි බව" ඔහු විසින් කාලනිර්ණය කලේ, සමුද්ධෘත වස්තූන් අතර වූ පොරොවක [[දර්ශාවලිය (පුරාවිද්‍යාව)|දර්ශාවලිය]] මත පදනම් කර ගෙනය. <ref>{{උපන්‍යාස පොත |title=අයිස්මෑන්: අන්කවරිං ද ලයිෆ් ඇන්ඩ් ටයිම්ස් ඔෆ් අ ප්‍රීහිස්ටොරික් මෑන් ෆවුන්ඩ් ඉන් ඇන් ඇල්පයින් ග්ලැසියර් |author=බ්‍රෙන්ඩා ෆවුලර් |page=37&nbsp;''ff'' |publisher=චිකාගෝ විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය |year=2001 |isbn=978-0-226-25823-2}}</ref><ref>{{උපන්‍යාස වෙබ් |title=දි ඉන්ක්‍රෙඩිබල් ඒජ් ඔෆ් ද ෆයින්ඩ් |url=http://www.iceman.it/en/oetzi-age |publisher=[[සවුත් ටිරෝල් පුරාවිද්‍යා කෞතුකාගාරය]] |date=2013 |accessdate=3 අගෝස්තු 2015 |url-status=dead |archiveurl=https://web.archive.org/web/20150624085502/http://www.iceman.it/en/oetzi-age |archivedate=24 ජූනි 2015 |df=dmy-all }}</ref>
 
[[සාන්-ජාමාන්-ඔන්-ලයේ (1919) ගිවිසුම|1919 වසරෙහි සාන්-ජාමාන්-ඔන්-ලයේ ගිවිසුම]] තුලදී, [[නෝර්ත් ටිරෝල්|නෝර්ත්]] සහ [[සවුත් ටිරෝල්]] අතර දේශසීමාව ලෙසින් අර්ථදැක්වුණේ [[ඉන් (ගංගාව)|ඉන්]] සහ [[එට්ෂ්]] ගංගාවන්හී [[දියබෙත්ම |ජලාධාරය]] විය. ටීසෙන්හොක් අසබඩ තිබූ (දැනට විස්ථාපනය වී ඇති) ග්ලැසියරය විසින් ජලාධාරය නියම කිරීම සංකීර්ණ කෙරුණු හෙයින්, සීමාව සලකුණු කෙරුණේ උතුරු දෙසට වන්නටය.
 
==ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/අර්ට්සි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි