"භූගෝල විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
විද්‍යාව
1 පේළිය:
[[ගොනුව:පෟථිවි_ගෝලයපෟථිවි ගෝලය.jpg|250px|thumb|පෟථිවි ගෝලය]]
 
'''භූගෝල විද්‍යාව''' යනු සාමාජීය වුත් පරිසර විද්‍යාත්මක වූත් සමස්ත පෘථිවි තලයේම මුළුමහත් සෑම ඉසව්වක් දෙසම තම ඇස යොමු කරන්නාවු විෂයකි. විශ්වයේ කුඩාම ඒකකය වන අන්තර් පරමාණුවක ඇති සෑම භෞතික වස්තුවක්ම භූගෝල විද්‍යා විෂය තේමාවට නෑනම් කියයි.භූගෝල විද්‍යාව පිළිබඳව සදහන් කළ ලොව ප්‍රථම පුද්ගලයා වන්නේ ඉරාටෝස්තීන් (Eratosthenes) ය.
7 පේළිය:
ප්‍රධාන ලෙස භූගෝල විද්‍යා විෂය ක්ෂෙත්‍රය ප්‍රධාන තේමා ඒකක ත්‍රිත්වයක් යටතේ අධ්‍යනය කෙරෙයි. එනම්,
# පාරිසරිකභෞතික භූගෝල විද්‍යාව
# මානුෂික භූගෝල විද්‍යාව
# ප්‍රායෝගික භූගෝල විද්‍යාව යනුවෙනි.
13 පේළිය:
මෙලෙස ඒකක ත්‍රිත්වයක් යටතේ එකිනෙකට වෙනස් වූ අනුතේමා රැසක් යටතේ අධ්‍යනය කෙරෙයි.
භෞතික ‍හෙවත් පාරිසරික භූගෝල විද්‍යාව යටතේ පෘථිවි තලයේ උප්පත්ති කතාව හෙවත් ජනිතය සාකච්ඡා කරයි. එදා ඈත අවධියේ පෘථිවි තලය මත පිහිටි පැංජියාව නම් වු හුදකලාවූ විශාල මහද්වීප තලයක සිට ක්‍රමීය විකාශනයක් සිදූව ඇති බව ප්‍රකාශ කරයි.‍මෙම පැන්ජියාව නම් වූ විශාල භූමිස්න්ධය මත තෙදිස් මුහුද නමින් වූ මුහුදක් පැවත ඇත.පසුව එම තෙදිස් මුහුදේ සිට දෙපසට ගලා බසින්නට වූ ගංඟා දෙකකින් මෙම භූමිස්කන්ධය කොටස් දෙකකට බෙදී පසුව අංගාරාලන්තය සහ ගොන්ඩුමානාලන්තය ලෙස කොටස් දෙකකට බෙදි පසුව නූතන මහද්වීප දක්වා සංක්‍රමණය වු ආකාරය ශ්‍රේෂ්ට භූ විද්‍යාඥයකු වූ ඇල්‍ෆ්‍රඩ් වෙග්නර් පවසයි.මේ ආදී වශයෙන් මෙම ඉතිහාසය ප්‍රබන්ධ කතාවක් ලෙස නොව ඒ සඳහා අවශ්‍ය සාක්ෂින්ද ඉදිරිපත් කිරීම භූගෝල විද්‍යාවේ විශේෂත්වයයි.භූමිති සාක්ෂි ,භූ භෞතික සාක්ෂි ආදී වූ සාක්ෂීන්ට අනුව මෙම ඉතිහාසය භූගෝල විද්‍යා විෂය තුළ මූලිකවම අධ්‍යනය කෙරෙයි.
 
පසුව නූතන ශාක සන්තතිය,සත්ව සන්තතිය අතර ඇති අන්තර් සහ සම්බන්ධතා විවිධ පරිසර පද්ධතීන්,පරිසර පද්ධතීන් වල නුතන උපනතීන්,උදාහරණ ලෙස මෑත කාලීන [[සුනාමි]] රළ හෝ මූලාරම්භයේ සිට පරිනත අවස්ථාව දක්වා ඉතාමත් සිත් ඇද ගන්නා ආකාරයෙන් අධ්‍යනය කෙරෙයි. නූතන සමාජ ආර්ථික පසුබිම තුළ පරිසරය සමඟ මානව අන්තර් සහ සම්බන්ධතාවය සහ ඒවායේ අන්තර් ප්‍රතිවිපාක උදාහරණ ලෙස පෘථිවි වායුගෝලීය උෂ්ණත්වය ඉහළ යාම, හරිතාගාර ආචරණය(Green Hut Effect) ඇතිවීම,ග්ලැසියර් දියවීම ,මුහුදු මට්ටම ඉහළ යෑම , සත්ව වර්ග මිහිතලයෙන් තුරන් වීම ආදී වූ කාලීන අර්බුද සහ එම අර්බුද හට ගැනීමට තුඩුදුන් හේතු සාධක එම අර්බුදයන්ගේ භාහිර පසු බලපෑම්,කාලීනව ඇතිවිය හැකි ස්වභාවික අර්බුධකාරීත්වයන් මඟ හරවා ගැනීමට ගත හැකි පියවර ආදිය ඉතාමත් විශ්ලේෂණාත්මකව පාරිසරික භූගෝල විද්‍යා විෂය ක්ෂෙත්‍රයේදී සාකච්ඡා කෙරේ.
"https://si.wikipedia.org/wiki/භූගෝල_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි