"සෛලය (ජීව විද්‍යාව)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
121 පේළිය:
* සෙෙලයේ මතුපිට සිට භාහිරයට විහිදී යන [[කෂිකා]] සහ [[පිලයි]] - මෙම ව්‍යුහයන් (සියළුම ප්‍රාග්න්‍යෂ්ටිකයින්ගේ දැකගත නොහැකි වේ) ප්‍රෝටීන වලින් තැනී ඇති අතර, සෙෙල අතර සන්නිවේදනයට සහ සෙෙල වල චලනයට උපකාරී වේ.
 
* සෙෙලය ආවරණය කරන [[සෙෙල කොපුව]] – සාමාන්‍යයෙන් [[ප්ලාස්ම පටලය]] ආවරණය කරමින් පවතින [[සෙෙල බිත්තිය]]කින් සමන්විත වේ. නමුත් සමහර බැක්ටීරියාවන් සතුව [[බැක්ටීරියා කැප්සියුලය|කැප්සියුලය]] නමින් තවත් ආවරණයක් පවතී. සෙෙල කොපුව මගින් සෙෙල වෙත දැඩි භාවයක් ලබා දෙන අතරම, සෙෙල අභ්‍යන්තරය භාහිර පරිසරයෙන් වෙන් කරමින්, ආරක්ෂිත පෙරහනක් සේද ක්‍රියා කරයි. බැක්ටීරියාවන්ගේ සෙෙල බිත්තිය [[පෙප්ටිඩෝග්ලයිකෑන්]] වලින් සමන්විත වන අතර එය භාහිර බලපෑම් වලට එරෙහි බාධකයක් ලෙස ක්‍රියාකිරීමේදී වැදගත් වේ. එසේම උපාභිසාරක මාධ්‍යයකදී [[ආස්‍රැති පීඩනය]] නිසා සිදුවන සෙෙල විදාරණය හා (පිපිරී යාමට )ඇති හැකියාව සෙෙල බිත්තිය මගින් වලක්වනු ලබයි. සමහර සූන්‍යෂ්ටික සෙෙල සතුවද ([[ශාක සෙෙලය]] සහ [[දිලීර]] සෙෙල) සෙෙල බිත්ති පවතී.
 
* සෙෙලයේ අභ්‍යන්තර [[සෙෙල ප්ලාස්මය|සෙෙල ප්ලාස්මීය කලාපය]] තුල [[ජීනෝමය]] (DNA), රයිබොසෝම සහ විවිධ වර්ගයේ අන්තර්ගත ද්‍රව්‍යයන් පවතී. ප්‍රාග්න්‍යෂ්ටිකයින් තුල පවතින වර්ණදේහය සාමාන්‍යයෙන් චක්‍රීය අණුවක් වේ.<ref>European Bioinformatics Institute, [http://www.ebi.ac.uk/2can/genomes/bacteria/Borrelia_burgdorferi.html Karyn's Genomes: Borrelia burgdorferi], part of 2can on the EBI-EMBL database. Retrieved 5 August 2012</ref> ප්‍රාග්න්‍යෂ්ටිකයින් සතුව කෙසේ නමුදු න්‍යෂ්ටියක් නොමැති වන අතර, [[DNA]] නියුක්ලොයිඩ කලාපයේ සාන්ද්‍රණය වී පවතී. මීට අමතරව [[ප්ලැස්මිඩ]] ලෙස හඳුන්වන අතිරේක චක්‍රීය වර්ණදේහමය DNA බැක්ටීරියාවන් තුල දැක ගත හැකි වන අතර, ඒවා හීද ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාවයට හේතුවන ජාන වැනි අතිරේක ජාන පිහිටා ඇත.
"https://si.wikipedia.org/wiki/සෛලය_(ජීව_විද්‍යාව)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි