"වුඩ්රෝ විල්සන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
12 පේළිය:
[[ස්ටේන්ටන්, වර්ජීනියා]]හී උපත ලද විල්සන්, ඔහුගේ මුල් දිවිය ගත කලේ [[ඔගස්ටා, ජෝර්ජියා]] සහ, [[කොලොම්බියා, දකුණු කැරොලිනා]] හිදීය. [[ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය]] වෙතින් දේශපාලන විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් දිනා ගැනීමෙන් අනතුරුව, ප්‍රින්ස්ටන්හී සභාපතිවරයා බවට පත්වීමට පෙර, විල්සන් විවිධ පාසැල් කිහිපයක උගැන්වීය. 1911 වසරෙහි සිට 1913 වසර දක්වා නිව්ජර්සිහී ආණ්ඩුකාරවරයා ලෙසින්, පක්ෂයෙහි පාලකයන් සමගින් මතවාදී විරසකයන් ඇති කර ගත් විල්සන් බොහෝ ප්‍රගතශීලි ප්‍රතිසංස්කරණ සම්මත කර ගැනුමට සමත් විය. නිව්ජර්සිහී ඔහුගේ සඵලත්වය විසින් ප්‍රගතශීලි ප්‍රතිසංස්කරණවාදියෙක් ලෙසින් ඔහු වෙත ජාතික කීර්තියක් ලබා දුන් අතර, [[1912 ඩිමොක්‍රටික් ජාතික සම්මේලනය| 1912 ඩිමොක්‍රටික් ජාතික සම්මේලනයෙහිදී]] ජනාධිපති අපේක්ෂකත්වය දිනා ගැනුමට ඔහු සමත් විය. තනතුරුධාරී [[රිපබ්ලිකන් පක්ෂය (එක්සත් ජනපදය)|රිපබ්ලිකන්]] ජනාධිපති [[විලියම් හවර්ඩ් ටෑෆ්ට්]] සහ [[ප්‍රොග්‍රෙසිව් පක්ෂය (එක්සත් ජනපදය, 1912)| ප්‍රොග්‍රෙසිව් පක්ෂයෙහි]] අපේක්ෂක [[තියඩෝර් රෝසවෙල්ට්]] පරාජය කරමින් 1912 ජනාධිපතිවරණය දිනා ගත් විල්සන්, [[ඇමරිකානු සිවිල් යුද්ධය| ඇමරිකානු සිවිල් යුද්ධයෙන්]] පසුව ජනාධිපතිවරයා ලෙසින් තේරී පත්වූ පළමු දක්ෂිණ පළාත් වැසියා විය.
 
ඔහුගේ පළමුවන ධූර කාලසීමාවෙහිදී, ඔහුගේ ප්‍රගතිශීලි [[ද නිව් ෆ්‍රීඩම් |නිව් ෆ්‍රීඩම්]] ස්වදේශීය න්‍යායපත්‍රය ක්‍රියාත්මක කිරීමට විල්සන් උත්සුක විය. ඔහු ප්‍රමුඛත්වය ලබා දුන් පළමුවැන්න වූයේ [[1913 ආදායම් පණත]] සම්මත කරවා ගැනුම වූ අතර, එය විසින් [[එක්සත් ජනපද ඉතිහාසයෙහි තීරුබදු |තීරුබදු]] පහළ හෙලමින් ෆෙඩරල් [[එක්සත් ජනපදයෙහි ආදායම් බදු |ආදායම් බදු]] ක්‍රමයක් ක්‍රියාත්මක කලේය. පසුව සම්මත කරවා ගත් බදු පණත් විසින් ෆෙඩරල් [[එක්සත් ජනපදයෙහි වතු බද්ද |වතු බද්දක්]] ක්‍රියාත්මක කෙරුණු අතර වැඩිම ආදයම් බදු අනුපාතිකය සියයට 77 දක්වා ඉහළ නැංවිණි. [[ෆෙඩරල් සංචිත පණත]] සම්මත කරවා ගැනුමෙහිද විල්සන් මූලිකත්වය ගෙන කටයුතු කල අතර, එය විසින් [[ෆෙඩරල් සංචිත පද්ධතිය]] ලෙසින් මධ්‍යම බැංකු ක්‍රමයක් තැණිනි. [[ෆෙඩරල් වෙළෙඳ කමිටු පණත]] සහ [[ක්ලේට්න් ප්‍රතිභාරකාර පණත]] යන ප්‍රධාන නීති දෙකද සම්මත කරවාගනු ලැබුණේ, [[භාරය (ව්‍යාපාරික)|භාර]] නම්වූ විශාල ව්‍යාපාරික වරප්‍රසාද නියාමනය සහ විසුරුවීම සඳහාය. ඔහුගේ අප්‍රිකානු-ඇමරිකානු ආධාරකරුවන්ගේ කලකිරීමට හේතු වන අයුරින්, කැබිනට් සාමාජිකයන් සමහර දෙනෙකුට ඔවුන්ගේ දෙපාර්තමේන්තු තුල [[එක්සත් ජනපදයෙහි විවසනය |විවසනය]] ක්‍රියාත්මක වීමට විල්සන් ඉඩ හැරීය. 1914 වසරෙහිදී [[පළමුවන ලෝක යුද්ධය]] ආරම්භ වත්ම, [[පළමුවන ලෝක යුද්ධයෙහි මිත්‍ර පාක්ෂිකයෝI|මිත්‍ර පාක්ෂික බලවතුන්]] සහ [[මධ්‍යම පාක්ෂික බලවතුන්]] අතර මධ්‍යස්ථතා ප්‍රතිපත්තියක් විල්සන් විසින් අනුගමනය කෙරිණි. [[1916 එක්සත් ජනපද ජනාධිපතිවරණය | 1916 වසරෙහි ජනාධිපතිවරණයෙහිදී]], රිපබ්ලිකානු අපේක්ෂක [[චාල්ස් එවන්ස් හියුස්]] පරාජය කරමින් ඔහු යළි-තේරීපක්වූයේ පටු බහුතරයක් තුලිනි .
"https://si.wikipedia.org/wiki/වුඩ්රෝ_විල්සන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි