"වුඩ්රෝ විල්සන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
10 පේළිය:
[[ඩිමොක්‍රටික් පක්ෂය (එක්සත් ජනපදය)|ඩිමොක්‍රටික් පක්ෂයෙහි]] සාමාජිකයෙක්වූ විල්සන්, [[1912 එක්සත් ජනපද ජනාධිපතිවරණය |1912 ජනාධිපතිවරණය]] ජයග්‍රහණය කිරීමට පෙර, [[ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයෙහි සභාපතිවරයා]] සහ [[නිව් ජර්සිහී ආණ්ඩුකාරවරයා|නිව් ජර්සිහී 34වන ආණ්ඩුකාරවරයා]] වන තනතුරු දැරීය. ජනාධිපතිවරයා වශයෙන්, [[ප්‍රගතශීලි ව්‍යාපාරය |ප්‍රගතශීලි]] ව්‍යවස්ථාදායක ප්‍රතිපත්ති සම්මත කර ගැනීමට ඔහු යුහුසුළු වූ අතර ඒවා 1933 වසරෙහිදී [[නව ප‍්‍රදත්තය]] එළිදැක්වෙන තෙක් අද්විතීය විය. ඔහු 1917 වසරෙහිදී එක්සත් ජනපදය [[පළමුවන ලෝක යුද්ධය|පළමුවන ලෝක යුද්ධයට]] අවතීර්ණ කරමින්, "[[විල්සන්වාදය]] " ලෙසින් හැඳින්වුනු ක්‍රියාකාරී විදේශ ප්‍රතිපත්තියක් සංස්ථාපනය කලේය.
 
[[ස්ටේන්ටන්, වර්ජීනියා]]හී උපත ලද විල්සන්, ඔහුගේ මුල් දිවිය ගත කලේ [[ඔගස්ටා, ජෝර්ජියා]] සහ, [[කොලොම්බියා, දකුණු කැරොලිනා]] හිදීය. [[ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය]] වෙතින් දේශපාලන විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් දිනා ගැනීමෙන් අනතුරුව, ප්‍රින්ස්ටන්හී සභාපතිවරයා බවට පත්වීමට පෙර, විල්සන් විවිධ පාසැල් කිහිපයක උගැන්වීය. 1911 වසරෙහි සිට 1913 වසර දක්වා නිව්ජර්සිහී ආණ්ඩුකාරවරයා ලෙසින්, පක්ෂයෙහි පාලකයන් සමගින් මතවාදී විරසකයන් ඇති කර ගත් විල්සන් බොහෝ ප්‍රගතශීලි ප්‍රතිසංස්කරණ සම්මත කර ගැනුමට සමත් විය. නිව්ජර්සිහී ඔහුගේ සඵලත්වය විසින් ප්‍රගතශීලි ප්‍රතිසංස්කරණවාදියෙක් ලෙසින් ඔහු වෙත ජාතික කීර්තියක් ලබා දුන් අතර, [[1912 ඩිමොක්‍රටික් ජාතික සම්මේලනය| 1912 ඩිමොක්‍රටික් ජාතික සම්මේලනයෙහිදී]] ජනාධිපති අපේක්ෂකත්වය දිනා ගැනුමට ඔහු සමත් විය. තනතුරුධාරී [[රිපබ්ලිකන් පක්ෂය (එක්සත් ජනපදය)|රිපබ්ලිකන්]] ජනාධිපති [[විලියම් හවර්ඩ් ටෑෆ්ට්]] සහ [[ප්‍රොග්‍රෙසිව් පක්ෂය (එක්සත් ජනපදය, 1912)| ප්‍රොග්‍රෙසිව් පක්ෂයෙහි]] අපේක්ෂක [[තියඩෝර් රෝසවෙල්ට්]] පරාජය කරමින් 1912 ජනාධිපතිවරණය දිනා ගත් විල්සන්, [[ඇමරිකානු සිවිල් යුද්ධය| ඇමරිකානු සිවිල් යුද්ධයෙන්]] පසුව ජනාධිපතිවරයා ලෙසින් තේරී පත්වූ පළමු දක්ෂිණ පළාත් වැසියා විය.
"https://si.wikipedia.org/wiki/වුඩ්රෝ_විල්සන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි