"විකිපීඩියා:විකිපීඩියාවට දායකවීම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ලිපිවල නම් වෙනස් කිරීම සහ ලිපි මකාදැමීම, රූප සහ ශ්‍රව්‍ය දෘෂ්‍ය ගොනු එක්කිරීම (පරිවර්තන)
54 පේළිය:
 
ලියාපදිංචි වූ පරිශීලකයන්ට කිසිදු පරීක්ෂාවකින් තොර ව නව ලිපියක් පළ කළ හැකි ය. එහෙත් විකිපීඩියා ගිණුමක් රහිත ව අයි. පී. ලිපිනය හරහා සංස්කරණ සිදුකරන පරිශීලකයන්ට එසේ සෘජු ව ලිපියක් ඇරඹීමේ හැකියාවක් නැත. ඔවුන්ට කිසියම් ලිපියක් පළකිරීමට යෝජනා කළ හැකි අතර එවිට එය වැදගත් ලිපියක් නම් පළකිරීමට තීරණය කෙරෙනු ඇත. ලිපියක් තැනීමට පෙර එම මාතෘකාව සම්බන්ධයෙන් ලිපියක් දැනටමත් ලියැවී ඇත්දැයි සොයාබැලීම වටී. ලිපියට මාතෘකාව යෙදීමේ දී විකිපීඩියාවේ ලිපි නාමකරණ ප්‍රතිපත්තිය ඇසුරු කර ඒ අනුව කටයුතු කළ යුතු ය. ලිපි ලිවීමේ දී අවශ්‍ය වන තාක්ෂණික කරුණු [[විකිපීඩියා:නිබන්ධනය|නිබන්ධනය]] පරිශීලනය කිරීමෙන් දත හැකි ය.
 
====ලිපිවල නම් වෙනස් කිරීම සහ ලිපි මකාදැමීම====
 
විකිපීඩියා ලිපියක මාතෘකාව වෙනස් කිරීම සදහා එය නව සිරස්තලයක් වෙත ගෙන යා යුතු ය. විකිපීඩියා ලිපියක ඉහළ දකුණුපස කෙළවරේ තවත් යනුවෙන් ඈදුමක් දක්නට ඇත. ඒ අසලට මවුස් පොයින්ටරය ගෙන ගිය විට ඇදහැලෙන මෙනුවක් තුළ ගෙනයන්න යනුවෙන් දිස්වනු ඇත. එය ක්ලික් කිරීමෙන් ඔබට එම පිටුව වෙනත් මාතෘකාවක් වෙත රැගෙන යා හැකි ය. මේ සිදුකිරීම සදහා ඔබ ගිණුමට පිවිසී සිටිය යුතු අතර ස්වයංචිරස්ථිත පරිශීලකයෙකු (autoconfirmed user) ද විය යුතු ය. කෙසේනමුත් මෙසේ පිටුවක නම වෙනස් කිරීමට පෙර සලකා බැලිය යුතු කරුණු ([https://en.wikipedia.org/wiki/Wikipedia:Moving_a_page#Before_moving_a_page Before moving a page]) කෙරෙහි අවධානය යොමු කරන්න. ලිපියකට මාතෘකාවක් තෝරාගැනීමේ දී සැලකිය යුතු මූලික කරුණු විකිපීඩියා:ලිපි නම් ([https://en.wikipedia.org/wiki/Wikipedia:Article_titles Wikipedia:Article titles]) පිටුවේ දක්වා ඇත. කිසියම් පිටුවක සදහන් අන්තර්ගය නව පිටුවක් වෙත පිටපත් කිරීමෙන් ලිපියක නම වෙනස් කිරීමට උත්සහ නොකරන්න. එය ලිපියේ සංස්කරණ ඉතිහාසය ඛණ්ඩනය කරන බැවින් සහ විකිපීඩියානුවන්ගේ ප්‍රකාශන හිමිකම් ([https://en.wikipedia.org/wiki/Wikipedia:Copying_within_Wikipedia Copying within Wikipedia]) ද කඩකරන බැවිනි. ඇතැම් පිටු ඔබට හිතුමතයට නම වෙනස්කළ නොහැකි පරිදි ආරක්ෂිත කර තිබිය හැක. එසේ නොවන අවස්ථාවක දී වුවත් ලිපියක් නව මාතෘකාවක් කරා ගෙන යා යුත්තේ ලිපියේ සාකච්ඡා පිටුවේ ඒ පිළිබද ව කථාබහ කර අන් සංස්කාරකවරුන්ගේ ද අවධානයට ලක්කිරීමෙන් අනතුරු ව ය.
ඕනෑම අයෙකුට ලිපියක් සංස්කරණය කිරීමට සහ නව මාතෘකාවකට ගෙනයාමට හැකි වුවත් ලිපියක් මකාදැමීමට හැකි වන්නේ පරිපාලකවරුන්ට පමණ ය. කිසියම් පිටුවක පවතින අන්තර්ගතය මුලුමනින් ම මකාදැමීමෙන් ඔබට එම පිටුව ඉවත් කළ නොහැකි ය. එය හුදෙක් හිස් පිටුවක් වශයෙන් තවදුරටත් විකිපීඩියාවේ පවතිනු ඇත. එමගින් සිදුවන්නේ පාඨකයන් අපහසුවට පත්වීම පමණ ය. විස්තර සදහා ලිපි මකාදැමීම පිළිබද ප්‍රතිපත්තිය ([https://en.wikipedia.org/wiki/Wikipedia:Deletion_policy Wikipedia:Deletion Policy]) සහ ලිපියක් මකාදමන්නේ කෙසේ ද? ([https://en.wikipedia.org/wiki/Wikipedia:How_to_delete_a_page Wikipedia:How to delete a page]) යන පිටු බලන්න. විකිපීඩියා ලිපියක් මකාදමන්නේ හෝ එසේකිරීමට යෝජනා කෙරෙන්නේ එය විශ්වකෝෂයක තිබිය යුතු කරුණක් ගැන නොවන හෙයිනි. එනිසා ඔබ විසින් තැනූ හෝ වැඩිදියුණු කළ පිටුවක් මකාදැමීම ගැන අමනාප නොවන්න. ඔබේ නාමාවාශය (namespace) තුළ ඇති පිටුවක් නිදසුන් ලෙස ඔබේ පරිශීලක පිටුව යටතේ ඇති (User:YourName/ යනුවෙන් සබැදුම ඇති) හෝ පරිශීලක සාකච්ඡා පිටුව යටතේ ඇති (User talk:YourName/ යනුවෙන් සබැදුම ඇති) පිටුවක් මකාදැමීම සදහා අනුගමනය කළ යුතු පිළිවෙත නම් බෙහෙවින් සරළ ය. ඔබ කළ යුත්තේ ගිණුමට පිවිසී එම පිටුව සංස්කරණය කරමින් <nowiki>{{db-u1}}</nowiki> නම් සැකිල්ල එක්කිරීම පමණි. ඔබ තම පිටුවකට එම සැකිල්ල එක්කර ඇති බව දකින පරිපාලකයකු ඒ අනුව කටයුතු කරමින් එම ලිපිය මකාදැමීමට කටයුතු කරනු ඇත. බොහෝවිට එසේ සිදුකෙරේ.
 
====රූප සහ ශ්‍රව්‍ය දෘෂ්‍ය ගොනු එක්කිරීම====
 
 
පින්තූර, ඡායාරූප, ශ්‍රව්‍ය හෝ දෘෂ්‍ය ගොණු ඇතුළත් කර තිබීම ලිපියක ගුණාත්මක බව බොහෝසෙයින් ඉහළ නැංවීමට උපකාරී වේ. කිසියම් ගොණුවක් විකිපීඩියා සහ සහෝදර ව්‍යාපෘතිවල නිදහස් මාධ්‍ය ගබඩාව වන විකිමීඩියා කොමන්ස් ([https://en.wikipedia.org/wiki/Wikimedia_Commons Wikimedia Commons])හි හෝ විකිපීඩියාවෙහි දැනටමත් ඇත්නම් එය පහත කේතය භාවිතයෙන් ලිපියකට එක් කළ හැකි ය.
<nowiki>[[File:ගොනුනාමය|thumb|විස්තරය]]</nowiki>
 
ඇවැසි නම් මෙහි File යන්න වෙනුවටImage යන්න ද භාවිත කළ හැකි ය. එයින් ප්‍රථිඵලයේ කිසිදු වෙනසක් සිදු නොවේ. මෙහි thumb යනුවෙන් යෙදූ විට රූපය thumbnail එකක් ලෙස දිස් වෙයි. එනම් එහි නියම ප්‍රමාණයට වඩා කුඩා ව ය. නිතර යොදාගැනෙන විකල්පය වන්නේ මෙය යි. ඉහත කේතයට ම තවත් උපදෙස් එක්කිරීමෙන් thumbnail එක පිහිටිය යුතු තැන සහ එය එහි දිග, පළල කෙසේවි යුතු ද යන කරුණු තීරණය කළ හැකි ය. එමෙන් ම රූප එක් කළ හැකි thumbnail නොවන වෙනත් ආකාර ද ඇත. (නිද: frame, table හෝ තොරතුරු කොටු තුළ) මේ පිළිබද මෙහි වැඩිදුර විස්තර නොකෙරේ.
 
පින්තූර උඩුගත කළ හැක්කේ විකිපීඩියා ගිණුමක් සහිත පරිශීලකයන්ට පමණි. කිසියම් ගොනුවක් උඩුගත කිරීමට පෙර එහි ප්‍රකාශන හිමිකම් කවරේ දැයි දැනගත යුතු ය. ගොනුව පොදු වසම් සම්පතක් නම් හෝ විකිපීඩියාවේ නිදහස් මාධ්‍ය සම්පත් භාවිතය (නැවත භාවිත කිරීම වැනි - වැඩි විස්තර සදහා ක්‍රියේටිව් කොමන්ස් ....... වරපත බලන්න.) සමග සැසදෙන ප්‍රකාශන හිමිකම් කොන්දේසි සහිත වරපතක් යටතේ සපයා ඇත්නම් එය ඔබ සංස්කරණය කරන විකිපීඩියා විශ්වකෝෂය තුළට නොව විකිමීඩියා කොමන්ස් වෙත උඩුගත කළ යුතු ය. ඒ එවිට එය වෙනත් භාෂාවලින් ඇති විකිපීඩියාවන් ද ඇතුලු ව සියලුම විකිමීඩියා ව්‍යාපෘතීන්ට පොදුවේ භාවිත කළ හැකි නිසා ය. එවැනි නීතියක් නැති නමුත් එසේ කිරීම වඩා ප්‍රයෝජනවත් වේ. නමුත් ඔබ උඩුගත කිරීමට අදහස් කරන රූපය එවැනි නිදහස් හිමිකම් රහිත (සාමාන්‍ය ප්‍රකාශන හිමිකම් සහිත) එකක් නම් එය කොමන්ස් වෙත උඩුගත කළ නොහැකි අතර ඔබට විකිපීඩියා විශ්වකෝෂය තුළට එක්කිරීමට හැකි වනු ඇත. ඒ ද එම ලිපිය උදෙසා සද්භාවයෙන් භාවිත කිරීමක් ලෙස සැලකිය හැකි නම් ය. මේ සදහා සැපිරිය යුතු කොන්දේසි අපගේ [https://en.wikipedia.org/wiki/Wikipedia:NFCC standards for a claim of fair use] නම් පිටුවේ ඇත. මාධ්‍ය සම්පත් උඩුගත කරන සෑම විට ම එහි ප්‍රකාශන හිමිකම් පිළිබද ව අප ව දැනුවත් කිරීමට මතක තබාගන්න.
 
විකිමීඩියා කොමන්ස් හි ගොනු උඩුගත කිරීමේ පෝරමය ([https://commons.wikimedia.org/wiki/Special:UploadWizard File Upload Wizard]) සහ විකිපීඩියාවේ ගොනු උඩුගත කිරීමේ ([https://en.wikipedia.org/wiki/Wikipedia:File_Upload_Wizard File Upload Wizard])ඔබට මාධ්‍ය එක්කිරීම සදහා මගපෙන්වනු ඇත. උඩුගත කරන සියලුම ගොනු විකිපීඩියා හා විකිමීඩියා කොමන්ස් දෙක අතර ම සන්ධානගත කෙරෙන බැවින් ඕනෑම එකකින් අනිකෙහි ඇති ගොනු ද සෙවුම් කර බැලිය හැකි ය. පින්තූර සදහා SVG, PNG, JPEG, XCF, GIF සහ TIFE මාදිලි (වෙනත් මාදිලි ද ඇතුලු ව) පිළිගැනෙනු ඇත. ශ්‍රව්‍ය ගොනු සදහා MIDI හෝ FLAC, Speex හෝ Vorbis යන codecs සමගOgg මාදිලිය පිළිගැනෙනු ඇත. වීඩියෝ සදහා Theora video codec සමග Ogg මාදිලිය භාවිතා කරන්න.
 
====හැඩසවීම සහ කේතකරණය====