"සැල්වදෝ්ර් ඩාලි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
ඩාලි සහ විද්‍යාව (පරිවර්තන)
54 පේළිය:
 
ඩාලි සහ ඔහුගේ පියා කැඩකේස් සමීපයේ මුහුදින් අල්ලාගත් අලුත මුහුදු ඉකිරියන් ආහාරයට ගැනීමට ප්‍රිය කළ අතර ඉකිරියන්ගේ සමමිතික බවින් වසග වූ ඔහු එය ද සිතුවම් රැසක යොදාගත්තේ ය. <ref>{{cite web|url=http://www.ngv.vic.gov.au/dali/salvador/food.html|title=Salvador Dali: Liquid Desire|work=ngv.vic.gov.au|accessdate=February 14, 2015}}</ref>
===ඩාලි සහ විද්‍යාව===
 
20 වන සියවසේ දී ක්වොන්ටම් භෞතිකයේ උපතත් සමග ඇති වූ සුසමාදර්ශ වෙනස කෙරෙහි ඩාලි දැක්වූ වශීකෘත හැගීම විද්‍යාව කෙරෙහි ඔහු තුළ පැවති සවිඥානක බවට නිදසුනකි. වර්නර් හයිසන්බර්ග්ගේ අවිනිශ්චිතතා මූලධර්මයෙන් (uncertainty principal) ආභාෂය ලැබ 1958 දී සිය Anti-Matter Manifesto නම් ලියැවිල්ල තුළ ඔහු මෙසේ රචනා කළේ ය. “මගේ කලා දිවියේ අධිතාත්විකවාදී සමයේ දී මට අවශ්‍ය වූයේ එකල මගේ පියා වූ ෆ්‍රොයිඩ් විසින් හදුන්වා දුන් ඒ විස්මිත වූ ලෝකය, අපේ අභ්‍යයන්තර ලෝකය සිතුවම් හරහා පිළිබිඹු කිරීම යි. නමුත් අද මගේ චිත්‍රවලින් පිළිබිඹු වන්නේ අපේ අභ්‍යයන්තර ය නොව අපට බාහිර වූ ලෝකය වන අතර මනෝවිද්‍යාවේ අතික්‍රමණය කරමින් භෞතික විද්‍යාව කරා මා පැමිණ ඇත. අද මගේ වන්නේ ආචාර්ය හයිසන්බර්ග් ය.”<ref name=triangle>[http://www.thetriangle.org/media/storage/paper689/news/2005/04/29/Entertainment/Dali-Explorations.Into.The.Domain.Of.Science-944328.shtml?norewrite200608080502&sourcedomain=www.thetriangle.org Dalí: Explorations into the domain of science]. ''The Triangle Online''. Retrieved August 8, 2006.</ref>
මේ අනුව 1954 දී The Persistence of Memory සිතුවම කැබලිවලට බිදී ගොස් වෙන් ව පවතින (painting in fragmentation and disintegration) ස්වභාවයකින් The Disintegration of the Persistence of Memory නමින් නැවත සිතුවම් කිරීම නැගී එමින් පැවති විද්‍යාව කෙරෙහි ඩාලි තුළ වූ අවබෝධයේ කැඩපතක් වෙයි. <ref name=triangle />
== ආශ්‍රිත නාමාවලිය ==
<references />
"https://si.wikipedia.org/wiki/සැල්වදෝ්ර්_ඩාලි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි