"සාකච්ඡාව:මැල්කම් රංජිත් හිමිපාණෝ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ප්‍රජාව නොමග යැවීම
පිළිතුරක් දීම
8 පේළිය:
::::හිමිපාණෝ යන්න බෞද්ධ වදනක් නම් එය වෙන් කර තබා ගන්න. ඉංග්‍රීසි විකිපීඩියාවෙහි [[en:Malcolm Ranjith]] ලිපියෙහි සඳහන් His eminence යන පූර්ව නාම අභිධානයට සුදුසු සිංහල යෙදුමක් ලබා දෙන්න. --- [[User:Shwetha|Shwetha]] ([[User talk:Shwetha|talk]]) 15:00, 3 දෙසැම්බර් 2018 (යූටීසී)
::::: ඔබගේ පිළිතුර මගින් ගම්‍ය වන්නේ මේලෙස ඊනියා නාහිමිපාණන් ගේ ඊනියා යෙදවීම / ව්‍යාජ භාවිතය වෙනුවන් සෘජුවම පෙනීසිටින බවයි.මෙය ප්‍රජාව නොමග යැවීමකි. ඔබ යොමුකළ ප්‍රශ්නයට පිළිතුරු දීමට ප්‍රථම මා ඔබගේ සහ සමස්ත ප්‍රජාවගේ අවධානය නැවත , නාහිමිපාණෝ ලෙස මෙසේ ව්‍යාජ යෙදවීම සම්භන්දයෙන් දේශීය විද්වතෙකුගේ ප්‍රකාශයක් කෙරෙහි අවධානය යොමු කරවමි. යු ට්යුබ් අඩවියේ වෙබ් ලිපිනය youtube.com/watch?v=8zaAdpywnP4 ලෙස එම ප්‍රකාශය සොයන්න .--<span style="text-shadow:3px 3px 4px lightskyblue;">[[User:Rsekanayake|<span style="color:#F62817">Rs</span>]][[User talk:Rsekanayake|<span style="color:#1673F5">Ekanayake</span>]]</span> 10:26, 10 දෙසැම්බර් 2018 (යූටීසී)
::::::@[[User:Rsekanayake|Rsekanayake]] ඔබ කරන විවේචනය නිවැරදි විය හැක. නමුත් මේ යෙදුම ප්‍රධාන මාධ්‍ය ඇතුලු බොහෝ පිරිසක් භාවිතා කරයි. බහුතර බෞද්ධයන් ද ඒ ගැටලුවක් කර නො ගනී. විකිපීඩියා ලිපි වල දී සමාජයේ ප්‍රචලිත යෙදුම් මගහැර යාම සන්නිවේදන ගැටලු ඇතිකිරීමට පුලුවන. අද වන විට බොදු/ කිතුනු සැවොම කතෝලික පූජකවරුනට ද හිමි පාණෝ යන යෙදුම යොදති. මා දන්නා සිංහලභාෂාව අනුව හිමිපාණෝ යනු ගෞරාවාර්ථ පදයක් මිස බෞද්ධ වචනයක් නොවේ. මා දන්නා තරමින් ත්‍රිපිටකයේ භික්ෂූන් හැදින්වීමට යෙදී ඇත්තේ හිමි යනු නොව භික්ඛු යන වදන ය. සිංහලේ ගෞරවාර්ථ පදයක් කතෝලික පූජකවරුනට යෙදීම අත්හැරිය යුතු යැයි කීම ඔවුන් එ තරම් ගරු කොට නො සැලකිය යුතු යයි කීමක් වැනි ය. අනෙක් අතට පවතින ව්‍යවහාරයක් ඉවත් කර මෙවැනි ව්‍යවහාරයක් යෙදීම නිගරු කිරීමක් ලෙස පෙනී යාමට ද පුලුවන. යම් ආගමික කොටසක් සිය පූජකවරුනට යොදන යෙදුම් එලෙසින් ම යෙදීම යුතු යැයි සිතමි. එසේ නො කිරීම නිගරුවකි. එවැන්නක් අපේ මධ්‍යස්ථභාවයට ද පටහැනි යැයි සිතමි. [[User:Sasithmadu|Sasithmadu]] ([[User talk:Sasithmadu|talk]]) 02:17, 16 සැප්තැම්බර් 2019 (යූටීසී)
Return to "මැල්කම් රංජිත් හිමිපාණෝ" page.