"සැල්වදෝ්ර් ඩාලි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:චිත්‍රශිල්පියෝ එක් කරන ලදී. HotCat භාවිතයෙන්
සංකේත භාවිතයහි පරිවර්තනය එක්කිරීම
28 පේළිය:
රන් ආලේපිත සහ අධිකතර වු සෑමදෙයක් වෙත ම වූ සිය ඇල්ම, සුඛෝපභෝගීත්වයට වූ යටපත් කළ නොහෙන ආශාව සහ පෙරදිග රෙදිපිළි වෙත වූ ආකර්ෂණය අරාබි පෙළපතක් වෙතින් උරුම වූවක් බව ඩාලි පැවසූ අතර සිය ආදිතමයන් මුස්ලිම්වරුන්ගෙන් පැවතෙන බවට එමගින් ඔහු ඉඟි කළේ ය. <ref>{{cite book|author=Ian Gibson|title=The Shameful Life of Salvador Dalí|year=1997|publisher=W. W. Norton & Company|url=https://www.nytimes.com/books/first/g/gibson-dali.html}} Gibson found out that "Dalí" (and its many variants) is an extremely common surname in Arab countries like [[Morocco]], Tunisia, [[Algeria]] or [[Egypt]]. On the other hand, also according to Gibson, Dalí's mother's family, the Domènech of Barcelona, had Jewish roots.</ref>
ඉතා උසස් පරිකල්පනයකින් යුතු වූ ඩාලි අසාමාන්‍ය සහ කැපී පෙනෙන හැසිරීම් පවත්වා ගැනීමෙන් ද සතුටු විය. ඔහුගේ විකේන්ද්‍රීය චර්යා රටාව සහ මහජන අවධානය දිනාගැනීමට සමත් ප්‍රසිද්ධ ක්‍රියාවන් ද ඇතැම්විට ඔහුගේ කෘතීන් දැඩි ලෙස අගය කළ අය ව කම්පාවටත් විවේචනය කළ අය ව ප්‍රකෝපනයටත් ලක් කරමින් ඹහුගේ කලාකෘතීන් අභිබවමින් අවධානයට පාත්‍ර විය. <ref>Saladyga, Stephen Francis. [http://purple.niagara.edu/jlittle/lamplighter/saladyga.htm "The Mindset of Salvador Dalí"]. ''lamplighter (Niagara University)''. Vol. 1 No. 3, Summer 2006. Retrieved July 22, 2006.</ref><ref name="Meisler">{{cite web|last1=Meisler|first1=Stanley|title=The Surreal World of Salvador Dalí|url=http://www.smithsonianmag.com/arts-culture/the-surreal-world-of-salvador-dali-78993324/|website=Smithsonian.com|publisher=Smithsonian Magazine|accessdate=2014-07-12|date=April 2005}}</ref>
 
==සංකේත භාවිතය==
 
ඩාලිගේ සිතුවම්වල සංකේත භාවිතය ඉතා පුළුල් දෘෂ්ටියකින් සහ යටිපෙළකින් යුතු විය. නිදසුනක් ලෙස The Persistence of Memory හි වනා දමා සහ අතුරා තිබෙන ඔරලෝසු තුළින් කාලය සාපේක්ෂ වූවක් මිස ස්ථාවර වූවක් නොවන බවට වූ අයිස්ටයින්ගේ ප්‍රවාදය ඉදිරිපත් කෙරේ. <ref name=Conquete />Salvador Dalí, {{lang|fr|''La Conquête de l'irrationnel''}} (Paris: Éditions surréalistes, 1935), p. 25.</ref>ඔහුට මේ අදහස පෙන්නුම් කිරීම සදහා දිය ව යන ඔරලෝසු පිළිබද සිතුවිල්ල පැමිණියේ උණුසුම් දිනක මෙළෙක් වී ගලා යන කැමෙම්බර්ට් චීස් පෙති කීපයක් දක්නට ලැබීමෙනි. <ref>Salvador Dalí, ''The Secret Life of Salvador Dalí'' (New York: Dial Press, 1942), p. 317.</ref>
 
අලියන් ද ඩාලිගේ සිතුවම් තුළ යළි යළිත් මතුවන රූපයකි. 1944 දී ඇදි Dream Caused by the Flight of a Bee Around a Pomegranate a Second Before Awakening නම් සිතුවම තුළ මෙය යොදාගැනුණි. ගියන් ලොරෙන්සෝ බර්නිනිගේ මූර්ති පාදකයක් වන පුරාණ ශිලාස්ථම්භයක් පිට හිදුවාගත් හස්තියකුගේ රූපයකින් ආභාශය ලැබූ <ref>Michael Taylor in [[Dawn Adès]] (ed.), ''Dalí'' (Milan: Bompiani, 2004), p. 342</ref>ඩාලිගේ අලියන් සිතුවම් කර ඇත්තේ "ඉතා දිගු, පුරුක් එක් වී තැනුණු, මුළුමනින් ම වාගේ අදෘෂ්‍යමාන වූ ආශාවේ පාදයන් සහිත ව" <ref name=countycollection>[http://www.countyhallgallery.com/education/dali_collection.htm Dalí Universe Collection]. ''County Hall Gallery''. Retrieved on July 28, 2006.</ref>පිට මත ශිලාස්ථම්භ දරා සිටින අයුරිනි. සිහින් දුර්වල පාදයන් සමග එක් වූ විට මෙම ෆැලිකමය බව විසින් කැපී පෙනෙන ස්කන්ධයන් අද්භූත යථාර්ථයක් පිළිබද සංවේදනයක් මවයි. "අලියන් දිස්වන්නේ අවකාශයේ ඇති විකෘතියක් පරිද්දෙනි" යැයි එක්තරා විචාරයක කියැවේ. "ඔවුන්ගේ දුර්වල කෙට්ටු දිගු පාද උපරිසැහැල්ලුබවේ සහ ව්‍යුහයේ අසමානතාවය පෙන්නුම් කරයි.” <ref name=countycollection />
 
"I am painting pictures which make me die for joy, I am creating with an absolute naturalness, without the slightest aesthetic concern, I am making things that inspire me with a profound emotion and I am trying to paint them honestly."
 
—Salvador Dalí, in Dawn Ades, Dalí and Surrealism.
 
බිත්තරය ද තවත් ඩාලිනියානු රූපයකි. ඔහු බිත්තරය පූර්වප්‍රසූතිකත්වය සහ අන්තර්ගර්භාෂකත්වය සමග සම්බන්ධ කරමින් බලාපොරොත්තුව සහ ආදරය සංකේතවත් කිරීමට යොදාගනී. <ref name=symb>[http://www.countyhallgallery.com/education/dali_symbols.htm "Salvador Dalí's symbolism"]. ''County Hall Gallery''. Retrieved on July 28, 2006</ref>The Great Masturbator හි සහ The Metamorphosis of Narcissus හි ඒ දිස් වේ. The Metamorphosis of Narcissus මරණය සහ පාෂාණීභවනය ද සංකේතවත් කරයි.
 
තවත් විවිධ සත්ව රූප ඔහුගේ සිතුවම් තුළ සංකේතාත්මක ව නිරන්තර ව භාවිත වේ. කූඹින් මරණය, වියැකීම සහ අසීමාන්තික ලිංගික ආශාව දැක්වීමට යොදාගැනෙන අතර මිනිස් හිසට සම්බන්ධ වුණු ගොලුබෙල්ලන්ගේ රූප ද භාවිත කරයි. (ඔහු ෆ්‍රොයිඩ් ව මුනගැසුණු මුල් අවස්ථාවේ ෆ්‍රොයිඩ්ගේ නිවසින් පිටත බයිසිකලයක් තුළ සිටි ගොලුබෙල්ලකු නෙත ගැටුණි.) පළගැටියන් ද නාස්ති වීමේ සහ භීතියේ සංකේතයක් ලෙස භාවිත වේ. <ref name=symb />
ඩාලි සහ ඔහුගේ පියා කැඩකේස් සමීපයේ මුහුදින් අල්ලාගත් අලුත මුහුදු ඉකිරියන් ආහාරයට ගැනීමට ප්‍රිය කළ අතර ඉකිරියන්ගේ සමමිතික බවින් වසග වූ ඔහු එය ද සිතුවම් රැසක යොදාගත්තේ ය. <ref>{{cite web|url=http://www.ngv.vic.gov.au/dali/salvador/food.html|title=Salvador Dali: Liquid Desire|work=ngv.vic.gov.au|accessdate=February 14, 2015}}</ref>
 
== ආශ්‍රිත නාමාවලිය ==
"https://si.wikipedia.org/wiki/සැල්වදෝ්ර්_ඩාලි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි