"ශ්‍රී ලංකාවේ ඉතිහාසය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
39 පේළිය:
[[අසේල]] රජු ඝාතනය කල [[එලාර]] රජු විසින් [[අනුරාධපුරය]] අගනගරය වූ පිහිටි රට පාලනය අල්ලා ගැනීම අනුරාධපුර රාජධානියේ නැගීමට හේතුවන සාධනීය හේතුවක් විය. එය ලංකාවේම අගනගරය බවට මුල්වරට [[දුටුගැමුණු]] රජු ලංකාව එක්සේසත් කිරීමෙන් පසු පත්වීම එහිලා දැක්විය හැකි මූලික හේතුවක් ලෙස දැක්විය හැක.[[එලාර]] පිහිටි රට රජකරන කාලයේ රුහුණේ [[කාවන්තිස්ස]] සහ මායා රටේ [[කැලණිතිස්ස]] ලෙස ප්‍රාදේශීය රජවරුන් දෙදෙනෙකු පාලනය කලේය. දුටුගැමුණු යනු රුහුණේ පාලක [[කාවන්තිස්ස]] රජුගේ වැඩිමහල් පුත්‍රයාය. මහාවංශ කතෘවරයා [[දුටුගැමුණු]] හඳුන්වා දෙනුයේ ලංකාවේ අසෝක යන අන්වර්ථ නාමයෙනි.දුටුගැමුණු රජතුමා [[දාගැබ්]] නිර්මාණයෙහිලා ප්‍රමුඛතාවයක් දක්වන අතර ඔහු නිර්මාණය කල [[රුවන්වැලිසෑය]] සහ [[අභයගිරිය]] අද්විතීය නිර්මාණ ලෙස ඉතිහාසගතව ඇත.

දෙවන ප්‍රධාන ආක්‍රමණය වන දකුණු ඉන්දීය පංචපාණ්ඩවයින්ගෙන් පලමුවැනියා වන [[පුලහත්ථ]] ගෙන් පසු පිළිවෙලින් [[බාහිය]], [[පනයමාර]], [[පිලයමාර]], [[දාඨිය]] එකිනෙකා මරාගනිමින් රජවිය අවසානයේ රජවූ දාඨිය මරා [[වලගම්බා]] රජ (ක්‍රීස්තුවර්ෂ 89-77) රජ විය [[වලගම්බා]] රාජ සමයෙහි සිදුවූ වැදගත් සිදුවීමක් ලෙස [[මහාවිහාර]] (ථෙරවාද ) සහ [[අභයගිරි]] (මහායාන ) ගැටුමට පිළියමක් ලෙස පාලියෙන් [[ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කිරීම]] මාතලේ අළුවිහාරයේදී සිදුකිරීම පෙන්වා දිය හැක.

[[ගොනුව:SIGIRI2.jpg|140px|thumb|right|alt=සීගිරි බිතු සිතුවම්|සීගිරි බිතු සිතුවම්link=Special:FilePath/SIGIRI2.jpg]]
ලංකාවේ මුල්ම රැජිණිය ලෙස චෝරනාගට පසුව සිහසුනට පත්වූ [[අනුලා]] බිසව (ක්‍රිස්තුවර්ෂ 48-44 ) ඉතිහාසගත වෙයි. [[චෝරනාග]]ට හා [[කුඩාතිස්ස]]ට වසදී මරුමුවට පත් කල අනුලා බිසව ආදරවන්තයින් කිහිපදෙනෙකුටම වසදී මරණයට පත්කිරීම පිළිබඳ ප්‍රසිද්ධය. ඇය අතින් අවසානයට මරුමුවට පත්වූයේ [[කුට්ටකන්නතිස්ස]] රජතුමාය.ලංකාවේ වැඩිම වැව් ප්‍රමාණයක් නිර්මාණය කල රජතුමා ලෙස [[වසභ]] රජ(ක්‍රිස්තුවර්ෂ 67-111 ) හඳුන්වාදිය හැක. [[වල්ලිපුරම් රන්පත]]ට අනුව එය සංඛ්‍යාත්මකව 11 පමණ වේ. [[ගජබාහු]] රජ (ක්‍රිස්තුවර්ෂ 114-136) විසින් චෝලයින් විසින් සිරකරුවන් ලෙස රඳවා තබාගත් 12000 ලාංකිකයින් බේරාගත් බව ඉතිහාසයේ සඳහන් වේ.

[[ථේරවාද]] [[මහාවිහාර]] භික්ෂූන් [[මහායාන]] භික්ෂූන්ව මර්ධනයට ගත් උත්සාහය [[මහසෙන්]] රජසමයේ (ක්‍රිස්තුවර්ෂ 274-301) වැදගත් සිදුවීමකි. මහසෙන් රජු පසුකාලීනව මහාවිහාරීය භික්ෂූන්ගේ පාර්ශවය ගෙන [[ජේතවනාරාමය]] සාදා නිමකර එය [[ථේරවාදී]] භික්ෂූන් සඳහා පූජා කරන ලදී. ඒ නිසා ථේරවාදය තුල තවත් නිකායක් [[ජේතවන නිකාය]] ලෙස ඇතිවිය.[[මහාවංශය]] ලියවෙන්නේ [[ධාතුසේන]] (ක්‍රිස්තුවර්ෂ 459-477) රජසමය තුලදීය.[[ධාතුසේන]] රජුගේ මාමා කෙනෙකු වූ [[මහානාම]] හිමි විසින් [[මහාවංශය]] ලියා ඇත. [[ධාතුසේන]] රජ [[කලාවැව]] නිර්මාණය කල අතර ඔහුගේ පුත් [[කාශ්‍යප]] රජු (ක්‍රිස්තුවර්ෂ 477-495) විසින් [[සීගිරිය]] නිර්මාණය කරන ලදී.
49 පේළිය:
=== [[කෝට්ටේ රාජධානිය]] ===

==[[ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ|කෝට්ටේ]] රාජධානියේ සාහිත්‍ය කෘති==
* [[ලෝ වැඩ සඟරාව]] - වීදාගම මෛත්‍රීපාදයන් වහන්සේ

"https://si.wikipedia.org/wiki/ශ්‍රී_ලංකාවේ_ඉතිහාසය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි