"විකිපීඩියා:විකිපීඩියාවට දායකවීම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු වීඩියෝ, පී. ඩී. එෆ්. ගොනු ආදියේ සබැඳි එක්කිරීම
32 පේළිය:
විකිපීඩියා විශ්වකෝෂයේ පවතින ලිපි සියල්ලම ගුණාත්මක ලිපි නොවේ. සමහරක් ලිපි විදග්ධ නැත. සමහරකගේ බස ව්‍යාකූල ය. නැත්නම් පක්ෂපාත ව ලියැවී තිබීමට හෝ යාවත්කාලීන නොවූ කරුණු අඩංගු වීමට පුලුවන. සාමාන්‍යයෙන් ලිපියක් ඉහළ ගුණාත්මක තත්ත්වයෙන් යුතු වීමට සැපිරිය යුතු කරුණු කීපයක් ඇත. පළමුව ලිපිය කුමක් පිළිබදව ද යන්න පහසුවෙන් වටහා ගැනීමට උදව් වන සාරාංශ සටහනක් හෙවත් ආරම්භක ඡේදයක් තිබිය යුතු ය. එමෙන් ම කරුණු මනාව සංවිධානගත කර තිබිය යුතු ය. විශ්වාසවන්ත මූලාශ්‍ර මත පදනම් වෙමින් කරුණු සදහන් කළ යුතු අතර කිසියම් කරුණක් ඉදිරිපත් කරන විට එය තහවුරු කරන මූලාශ්‍රය සදහන් කළ යුතු ය. තවද විෂය වන මාතෘකාවේ සෑම අංශයක් ම ආවරණය කර තිබිය යුතු අතර අපක්ෂපාතී නොනැඹුරු දෘෂ්ටි කෝණයකින් කරුණු ඉදිරිපත් කර තිබිය යුතු ය.
====ලිපියක් සංස්කරණය කිරීම====
[[Help:Introduction to editing (VE)/1|Introduction to editing with VisualEditor]]
පොදුවේ විකිපීඩියා ලිපියක් සංස්කරණය කිරීම ඉතා පහසු ය. ඒ සදහා ප්‍රවේශ විය හැකි ක්‍රම දෙකක් පවතී. විකිමාකප් හෙවත් විකිපීඩියා සලකුණු භාෂාව යොදාගනිමින් මෙන් ම අලුතින් තිබෙන දෘෂ්‍ය සංස්කාරකය තුළිනුත් ඒ කළ හැකි ය. නිල වශයෙන් භාවිත වන ක්‍රමය වන කේත සංස්කාරකයට පිවිසීමට විකිපීඩියා පිටුවක ඉහළ ඇති සංස්කරණය කරන්න යන ටැබය ක්ලික් කිරීමෙන් හෝ ලිපියක මාතෘකාව සමීපයේ ඇති සංස්කරණය කරන්න යන ඈදුම ක්ලික් කිරීමෙන් හෝ හැකි ය. එවිට එම පිටුවේ අන්තර්ගතය සංස්කරණය පිණිස විවෘත වනු ඇත. මෙහි දී ඔබට අලුතින් එක්කිරීමට අවශ්‍ය දේ යතුරුලියනය කළ හැකි අතර සිරස්තල, ඇලකුරු, තදකුරු, සබැදි යෙදීම, පාදසටහන් යෙදීම, රූප ඇතුළත් කිරීම, වගු නිර්මාණය කිරීම වැනි සියලුම හැඩසවීම් කටයුතු කිරීමට විවිධ සංකේත භාවිත කිරීමට සිදු වේ. (බලන්න: [[විකිපීඩියා:සංක්‍ෂේපසහාය|සංක්ෂේපසහාය]]) ඔබට අවශ්‍ය නම් ඉහළින් තිබෙන මෙවලම් තීරුව භාවිතයෙන් කේත පහසුවෙන් එක්කරගැනීමට පුලුවන.