"විකිපීඩියා:විකිපීඩියාවට දායකවීම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු වීඩියෝ, පී. ඩී. එෆ්. ගොනු ආදියේ සබැඳි එක්කිරීම
5 පේළිය:
==අවතීර්ණ වීම==
නවකයකු වශයෙන් විකිපීඩියාවට පිවිසෙන ඔබ තුළ ඇතැම් විට මෙම ව්‍යාපෘතියේ දැවැන්ත බවත් හමුවන උපදෙස් සහ රීති සමූහයත් හේතුවෙන් කිසියම් චකිතයක් ඇති විය හැකි ය. මුලදී ඔබට සෑම දෙයක් ම වටහා ගත නොහැකි වනු ඇත. ඒ ගැන කණගාටු නොවන්න. මන්දයත් සාමාන්‍ය බුද්ධියෙන් කටයුතු කිරීම ඔබට තහනම් කර නැති බැවින් සහ එය ඔබට නිවැරදි ව මගපෙන්වන බැවිනි. විකිපීඩියාව තුළ ලිපි තැනීමට, ප්‍රතිශෝධනය කිරීමට සහ සංස්කරණය කිරීමට ඉඩ සලසා ඇත්තේ ඔබ විසින් ඒ සිදුවනු දැකීමේ අටියෙන් ම ය. නමුත් ඔබට මෙය වනසා දැමීමට හැකියාවක් නොමැති බව ඔබ මතක තබා ගත යුතු ය. විකිපීඩියාව තුළ සංස්කරණයට සම්බන්ධ බොහෝ උපදෙස්, රීති ආදිය දක්නට ලැබුණත් විකිපීඩියාව සාමූහික ව කෙමෙන් කෙමෙන් ගොඩනැංවෙන දෙයක් බැවින් සෑම දෙයක් ම මුලදී පරිපූර්ණ ව නොතිබීමේ වරදක් නැත.
===මගපෙන්වීම්ම්මගපෙන්වීම් සහ අත්පොත්===ත්
[[File:Editing Wikipedia brochure EN.pdf|link=https://upload.wikimedia.org/wikipedia/commons/1/18/Editing_Wikipedia_brochure_EN.pdf|thumb|upright|A downloadable [https://upload.wikimedia.org/wikipedia/commons/1/18/Editing_Wikipedia_brochure_EN.pdf "Editing Wikipedia guide"] in PDF form written by the staff at the Wikimedia Foundation]]
මෙම පිටුව හැරුණු විට ඔබට මගපෙන්වීමට තවත් බොහෝ [[උදවු පිටු|උදවු:පටුන|උදවු පිටු]] ඇත. [[විකිපීඩියා :නිබන්ධනය|විකිපීඩියා: නිබන්ධනය]] ඔබට සරල මූලික මගපෙන්වීමක් වනු ඇත. [[විකිපීඩියා :පංචස්තම්භ|විකිපීඩියා: පංචස්තම්භ]] ඔබට විකිපීඩියාවේ ප්‍රධාන මූළධර්මයන් කිහිපය විස්තර කරනු ඇත.
===ගිණුමක් තැනීම===
විකිපීඩියාව කියවීම මෙන් ම සංස්කරණය කිරීමද ඔබට ගිණුමක් රහිත ව වුව කළ හැක. ගිණුමක් රහිත ව වුව විකිපීඩියාවට පිවිසෙන ඕනෑම අයෙකුට සෑම ලිපියක් ම පාහේ නැවත නැවත සංස්කරණය කිරීමට හැකියාව ඇත. එසේ නමුදු ගිණුමක් තැනීම විසින් ඔබට වාසි කිහිපයක් අත්කරදෙයි. එනම් නව ලිපි තැනීමට, මාධ්‍ය සම්පත් උඩුගත කිරීමට සහ ඔබගේ අයි. පී. ලිපිනය පිටු ඉතිහාසයහි සටහන් කරගැනීමෙන් තොර ව සංස්කරණය කිරීමට හැකි වීම ය. මෙම සබැදියට පිවිස පෝරමය පිරවීමෙන් ඔබට ගිණුමක් තැනිය හැකි ය. මෙයට ගතවන්නේ ඉතා සුලු මොහොතකි.
Line 13 ⟶ 14:
විකිපීඩියාව තුළ කිසිදු වෙනසකට ලක් කළ නොහැකි නීති රීති මාලාවක් නොමැත. ඇත්තේ පොදු මූලධර්ම කිහිපයක් පමණි. කෙසේනමුත් පිළිපැදිය යුතු ඇතැම් සම්මතයන් මෙන් ම හැසිරීමේ දී අනුගමනය කළ යුතු විනය රීතීන්ද පැනවිය හැකි ය. එනම් සංස්කාරකවරුන් එකිනෙකාට ගරු කරමින් සහයෝගයෙන් කටයුතු කළ යුතු අතර නොමනා හැසිරීම්වලින් වැළකිය යුතු ය.
===සාකච්ඡා කිරීම සහ සම්මුතීන්ට පැමිණීම===
[[File:Editing basics - Talk pages.webm|thumb|upright|thumbtime=1|A screencast demonstrating how to use a talk page. <small>(2:43 min)</small>]]
විකිපීඩියා විශ්වකෝෂයේ තිරය පිටුපස සාමූහික ව කටයුතු කරන දැවැන්ත ස්වේච්ඡා ප්‍රජාවක් සිටී. එවැනි විශාල සමූහයක් තුළ විවිධ මතභේදයන් ඇතිවීම අසාමාන්‍ය දෙයක් නොවේ. මෙවන් අවස්ථාවන්හිදී සාකච්ඡා කිරීම තුළින් සම්මුතියකට පැමිණීම වැදගත් වේ. විකිපීඩියාවේ සෑම ලිපියක් වෙනුවෙන් ම සාකච්ඡා පිටුවක් ඇති අතර පිටුවේ ඉහළ සාකච්ඡාව යන ටැබය මත ක්ලික් කිරීමෙන් එයට පිවිසිය හැකි ය. සාකච්ඡා පිටුවේ දී සංස්කාරකවරුන්ට ලිපිය වැඩිදියුණු කළ යුතු අන්දම ගැන සිය අදහස් පළ කළ හැකි ය. විකිපීඩියාවේ ප්‍රජාවේ සාමාජිකයකු නොවන අයකුට පවා ඊට එක්විය හැකි ය. ඔබ විසින් සිදුකළ කිසියම් සංස්කරණයක් තවත් සංස්කාරකවරයෙකු විසින් ආපසු පෙරළන ලද්දේ යැයි සිතමු; ඔබට ඒ ගැන සාකච්ඡා පිටුවේ විමසිය හැකි ය. සාකච්ඡාව තුළ දී ඔබ ආචාරශීලීව හැසිරීමත් අන් අයද ඔබ මෙන් ම විකිපීඩියාව දියුණු කිරීමේ අරමුණින් ම කටයුතු කරන බව හැගීමත් වැදගත් ය. සංස්කරණ යුද්ධය හෙවත් කිසියම් ප්‍රතිහරණය කරන ලද සංස්කරණයක් නැවත නැවත කිරීම හැකි සෑම විට ම මගහරින්න.
විකිපීඩියාවේ පවතින ලිපි හැරුණු විට අනෙකුත් පිටු සම්බන්ධයෙන්ද සාකච්ඡා පිටු ඇත. නිදසුනක් ලෙස සෑම පරිශීලකයකු ම සදහා පරිශීලක පිටුවක් ඇති අතර ඒ සම්බන්ධවද සාකච්ඡා පිටුවක් දක්නට ඇත. තවත් පරිශීලකයකු සමග අදහස් හුවමාරු කරගැනීමට මෙය භාවිත වෙයි. ඔබට තවත් අයකුගෙන් මෙවන් පණිවිඩයක් ලැබුණු විට ඔබ විකිපීඩියාවට නැවත පිවිසුණු විටක හෝ ලිපියක් කියවන විටක ඒ බව දන්වමින් පණිවිඩයක් දිස්වනු ඇත. ඔබටද තවත් අයෙකුගේ පරිශීලක සාකච්ඡා පිටුව සංස්කරණය කිරීමෙන් ඔබේ කිසියම් පණිවිඩයක් ඔවුනට පැවසිය හැකි ය.
Line 30 ⟶ 32:
විකිපීඩියා විශ්වකෝෂයේ පවතින ලිපි සියල්ලම ගුණාත්මක ලිපි නොවේ. සමහරක් ලිපි විදග්ධ නැත. සමහරකගේ බස ව්‍යාකූල ය. නැත්නම් පක්ෂපාත ව ලියැවී තිබීමට හෝ යාවත්කාලීන නොවූ කරුණු අඩංගු වීමට පුලුවන. සාමාන්‍යයෙන් ලිපියක් ඉහළ ගුණාත්මක තත්ත්වයෙන් යුතු වීමට සැපිරිය යුතු කරුණු කීපයක් ඇත. පළමුව ලිපිය කුමක් පිළිබදව ද යන්න පහසුවෙන් වටහා ගැනීමට උදව් වන සාරාංශ සටහනක් හෙවත් ආරම්භක ඡේදයක් තිබිය යුතු ය. එමෙන් ම කරුණු මනාව සංවිධානගත කර තිබිය යුතු ය. විශ්වාසවන්ත මූලාශ්‍ර මත පදනම් වෙමින් කරුණු සදහන් කළ යුතු අතර කිසියම් කරුණක් ඉදිරිපත් කරන විට එය තහවුරු කරන මූලාශ්‍රය සදහන් කළ යුතු ය. තවද විෂය වන මාතෘකාවේ සෑම අංශයක් ම ආවරණය කර තිබිය යුතු අතර අපක්ෂපාතී නොනැඹුරු දෘෂ්ටි කෝණයකින් කරුණු ඉදිරිපත් කර තිබිය යුතු ය.
====ලිපියක් සංස්කරණය කිරීම====
[[Help:Introduction to editing (VE)/1|Introduction to editing with VisualEditor]]
පොදුවේ විකිපීඩියා ලිපියක් සංස්කරණය කිරීම ඉතා පහසු ය. ඒ සදහා ප්‍රවේශ විය හැකි ක්‍රම දෙකක් පවතී. විකිමාකප් හෙවත් විකිපීඩියා සලකුණු භාෂාව යොදාගනිමින් මෙන් ම අලුතින් තිබෙන දෘෂ්‍ය සංස්කාරකය තුළිනුත් ඒ කළ හැකි ය. නිල වශයෙන් භාවිත වන ක්‍රමය වන කේත සංස්කාරකයට පිවිසීමට විකිපීඩියා පිටුවක ඉහළ ඇති සංස්කරණය කරන්න යන ටැබය ක්ලික් කිරීමෙන් හෝ ලිපියක මාතෘකාව සමීපයේ ඇති සංස්කරණය කරන්න යන ඈදුම ක්ලික් කිරීමෙන් හෝ හැකි ය. එවිට එම පිටුවේ අන්තර්ගතය සංස්කරණය පිණිස විවෘත වනු ඇත. මෙහි දී ඔබට අලුතින් එක්කිරීමට අවශ්‍ය දේ යතුරුලියනය කළ හැකි අතර සිරස්තල, ඇලකුරු, තදකුරු, සබැදි යෙදීම, පාදසටහන් යෙදීම, රූප ඇතුළත් කිරීම, වගු නිර්මාණය කිරීම වැනි සියලුම හැඩසවීම් කටයුතු කිරීමට විවිධ සංකේත භාවිත කිරීමට සිදු වේ. (බලන්න: [[විකිපීඩියා:සංක්‍ෂේපසහාය|සංක්ෂේපසහාය]]) ඔබට අවශ්‍ය නම් ඉහළින් තිබෙන මෙවලම් තීරුව භාවිතයෙන් කේත පහසුවෙන් එක්කරගැනීමට පුලුවන.
 
ඔබ ලිපියේ අවශ්‍ය වෙනස්කම් සිදුකළ පසු සංස්කරණ කොටුවට පහළින් ඇති පෙරදසුන පෙන්වන්න බොත්තම ක්ලික් කළ යුතු ය. එවිට ඔබේ සංස්කරණයෙන් පසු ලිපිය පාඨකයාට දිස්වන අයුරු දැකගත හැකි වේ. යම් කේතයක් වැරදී තිබුණොත් හෝ වෙනයම් අතපසු වීමක් තිබුණොත් එවිට එය දැකගත හැකි ය. පෙරදසුනට පහළින් පෙර පරිදි ම සංස්කරණ කොටුව දිස්වන නිසා ඔබට ඒ වැරදි නිවැරදි කිරීමට පහසු වනු ඇත. ඉන්පසු සංස්කරණ කොටුවට පහළින් සංස්කරණ සංරාංශය යන්නට ඉදිරියෙන් තිබෙන හිස් ඉඩේ ඔබ කළ දෙය කුමක්දැයි කෙටියෙන් සදහන් කළ යුතු ය. මෙය පසු ව එම ලිපිය සංස්කරණය කරන කෙනකුට පහසුවකි. දැන් ඔබට වෙනස්කම් සුරකින්න බොත්තම ඔබමින් ඔබේ වෙනස්කම් සුරැකිය හැකි ය.
 
දෘෂ්‍ය සංස්කාරකය, කේත භාවිතයෙන් සංස්කරණය කිරීමට වඩා පරිශීලක-මිතුරු ක්‍රමයකි. එහි දී ඔබට වර්ඩ් වැනි මෘදුකාංගයක් භාවිත කරන අන්දමින් ම ලිපි සංස්කරණය කළ හැකි ය. නමුත් මේ ක්‍රමය දැනට විවෘතව පවතින්නේ ලියාපදිංචි පරිශීලකයන්ට පමණි. ඔබේ අභිරුචි සැකසුම් තුළින් ඔබට එය තෝරා ගැනීමට හැකි ය.
 
සමහර පිටු සංස්කරණය කළ නොහැකි වන සේ ආරක්ෂිත කර ඇති අතර මෙවැනි පිටුවල සංස්කරණය කරන්න ටැබය වෙනුවට ප්‍රභව කේතය නරඹන්න යනුවෙන් ටැබයක් ඇත. මෙවැනි පිටු සංස්කරණය කිරීමට අවසර ඇති පරිශීලකයන්ට සංස්කරණ ඉල්ලීමක් යොමු කිරීමෙන් ඔබට මෙවැනි පිටු සංස්කරණයට ද දායක විය හැකි ය. මේ සදහා "Submit an edit request" යනුවෙන් දකුණුපස පහළින් තිබෙන ඈදුම ක්ලික් කළ යුතු ය.
 
====ඇසුරු කළ මූලාශ්‍ර දැක්වීම====
[[File:Citing sources tutorial, part 1.ogv|thumb|upright|A screencast that walks through the essentials needed in citing your sources. <small>(2:01 min)</small>]]
මෙය විශ්වකෝෂයක් බැවින් ඔබ නව ලිපියක් ලියූ විට හෝ පවතින ලිපියකට නව කරුණු එක්කළ විට එම තොරතුරු සපයාගත් මූලාශ්‍රයන් මොනවාද යන්න සදහන් කළ යුතු ය. ඔබ ඉදිරිපත් කරන කරුණු, පිළිගත හැකි වෙබ් අඩවියක්; ප්‍රකාශිත ග්‍රන්ථයක්; ප්‍රසිද්ධ පුවත්පතක ලිපියක් හෝ වෙනත් මූලාශ්‍රයක් ආධාරයෙන් තහවුරු කර දැක්වීම අනිවාර්ය වේ. මෙම මූලාශ්‍ර පිළිගත හැකි, විශ්වසනීය සහ නිරවද්‍ය ඒවා විය යුතු ය. ඔබ ඉදිරිපත් කරන කරුණු තහවුරු කිරීම සදහා එම මූලාශ්‍ර භාවිත කළ ද ඔබ එහි සදහන් තොරතුරු ඒ ආකාරයෙන් ම පිටපත් කිරීමද නොකළ යුතු ය. කිසියම් මතයක් පෙන්වා දීම සදහා යම්කිසි ඡේදයක් හෝ ප්‍රකාශයක් උපුටා දැක්වීමක දී පමණක් එසේ කිරීමට අවසර ඇත. මූලාශ්‍ර රහිත ව හෝ දුර්වල මූලාශ්‍ර සහිත ව හෝ ප්‍රකාශන හිමිකම් කඩකරමින් හෝ එක්කරන තොරතුරු සහ ලිපි මකාදැමීමට ඉඩ ඇත.
 
සාමාන්‍යයෙන් මූලාශ්‍ර එක්කළ යුත්තේ එක් එක් කරුණ උදෙසා වෙන් වශයෙනි. එනම් ඔබ යම්කිසි කරුණක් එක්කළ විට එම කරුණ අවසානයේ පාදසටහනක් වශයෙනි.
[[File:RefTools rework.ogv|thumb|right|upright|A screencast that walks through how to use the various features of RefTools. <small>(5:03 min)</small>]]
 
ප්‍රභව කේත සංස්කරණයේ දී මේ ආකාරයෙන් පාදසටහන් එක්කිරීම, මූලාශ්‍රය පිළිබද තොරතුරු පිළිවෙළින් <nowiki><ref></nowiki> සහ <nowiki></ref></nowiki>යන කේත දෙක මධ්‍යයේ යෙදීමෙන් කළ හැක. ඔබ සංස්කරණය සුරැකුම් කළ පසු එම ස්ථානයේ මේ ආකාරයෙන්<ref> </ref> පාදසටහනක් දිස්වනු ඇත. මෙම කේත දෙක අතර ඔබ යෙදූ පෙළ දිස්වීමට නම් <nowiki>{{Reflist}}</nowiki> හෝ <nowiki><references/></nowiki> යන කේතය එසේ දිස්වීමට ඇවැසි තැන යෙදිය යුතු ය. එවිට එම ස්ථානයට පහතින් පාදසටහන්වල අංක පිළිවෙළින් එම තොරතුරු ලැයිස්තුවක් ලෙසින් දිස්වනු ඇත. සම්මතය වන්නේ මෙය ලිපියේ අවසානයට මූලාශ්‍ර,සටහන් හෝ ආශ්‍රිත නාමාවලිය වැනි සිරස්තලයකින් පසු එක්කිරීමයි. ඔබ නව ලිපියක් අරඹන විට හෝ මූලාශ්‍ර නොතිබූ පිටුවකට මූලාශ්‍ර එක්කළ විට මෙම කේතය සටහන් කර ලිපියට ආශ්‍රිත නාමාවලියක් එක්කිරීමට කටයුතු කරන්න.
Reftoolbar නම් මෙවලම් තීරුව ඔබට පෝරමයක් පිරවීම මගින් ඉතාමත් පහසුවෙන් මූලාශ්‍ර එක්කිරීමට ඉඩ සලසා දෙයි. ප්‍රභව කේත සංස්කාරකයේ, ඉහළින් ඇති මෙවලම් තීරුවේ, දකුණුපස කෙළවර තිබෙන Cite නම් ලකුණ ක්ලික් කිරීමෙන් මෙය විවර කරගත හැක. මේ මගින් මූලාශ්‍ර එක්කිරීමේ දී මූලාශ්‍රය සම්බන්ධ තොරතුරු සැපයීම පමණක් කිරීම ප්‍රමාණවත් වන අතර එම තොරතුරු මූලාශ්‍රකරණ ක්‍රමවේදවලට අනුව පෙළගැස්වීමත් සම්මත ක්‍රමවේද අනුව හැඩසවීමට අදාළ කේත සහ ඉහත ref කේත සටහන් වීමත් ස්වයංක්‍රීය ව සිදු වේ. (සැ. යු. <nowiki>{{reflist}}</nowiki>කේතය ස්වයංක්‍රීය ව සටහන් නොවන බැවින් එය ඔබ විසින් එක්කළ යුතු ය.)
Line 53 ⟶ 57:
====හැඩසවීම සහ කේතකරණය====
{{Main|විකිපීඩියා:සංස්කරණ_උපදෙස්}}
==වැඩිදුර කියවීමට==
*[https://en.wikipedia.org/wiki/Help:Wikipedia:_The_Missing_Manual Wikipedia: The Missing Manual]