"සිංහල සාම්ප්‍රදායික කුල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
103 පේළිය:
 
===කරාව කුලය===
දිවර ප්‍රධාන ජීවනෝපාය කරගත් ලංකාවේ මුහුදුබඩ තීරුව පුරා විහිදී සිටින කුලයකි. අනුරාධපුර රාජධානියෙ අබයගිරි විහාර ශාලාව කරාව කුලය ලංකාවේ පලමුවෙන්ම සදහන්වෙ.චතුර්වර්ණයමොවුන්ගේ තුලද්රවිඩ සම්බවය හෙයින් මොවුන් ආර්ය වර්ණ ක්‍රමයෙහි ශුද්‍ර වර්ණයට අයත්වේ.මයිකල් රොබට්ස්ගේ මතය අනුව තංගල්ලේ සිට මීගමුව දක්වා වන මුහුදු තීරයේ ජීවත් වන සිංහල කතා කරන කරාව ප්‍රජාවද, මීගමුවේ සිට පුත්තලම දක්වා වන මුහුදු තීරයේ ජීවත් වන සිංහල හා දෙමළ යන භාෂා දෙකම කතා කරන ‘කරාව’ හා ‘පරවර’ ප්‍රජාවද, නැගෙනහිර මුහුදු තීරයේ ජීවත් වන දෙමළ කතා කරන ‘කරයාර්’ ප්‍රජාවද යන සියලූ සමාජ කණ්ඩායම් එකම සමාජ කණ්ඩායමකට අයත් වේ.මොවුන්ගෙන් බහුතරය මෙරට රජුගේ යුධ සේවයට චේරයේ(කේරළයෙන්) සිට ගෙන ආ ද්රවිඩයන් වේ.ගොවිගම සහ අනෙක් පැරණි ආර්ය වර්ගයේ සිංහලයන්ට වඩා සාපේක්ෂ ලෙස අදුරු පැහැති සම් සහිත මොවුන් මානව විද්‍යාත්මක නිර්ණායක අනුව බාහිර ස්වරූපයෙන් කේරළ ද්රවිඩයන්ට වඩාත් සමාන වේ.මෙය බහුතරය ගොවිගම මිනිසුන් වන උඩරට වැසියන් මුහුදු බඩ මිනිසුන්ට වඩා පැහැපත්ය යන සම්ප්‍රදායික මතයටද හේතු වී ඇත.
මොවුන් වෘතියෙන් මස් මරන්නන් වූ බැවින් වෛදික චතුර්වර්ණයෙහි ශුද්‍ර වර්ණයට අයත්වේ .
 
විසිවන සියවසේදි බ්‍රිතාන්‍යන් මගින් ගොවිගම කුලය සතුවූ දේශපාලන බලය දුර්වල කිරීමේ අරමුණින් යම් යම් බලතල අනෙක් කුල වලටද ලබා දීමට කටයුතු කල අතර ඉන් එක් කුලයක් වූ කරාව මිනිසුන්ද ක්‍රිස්තියානි දහම වැලදගනිමින් රජයේ තනතුරු වලට ඇතුළු වෙමින් යම් සමාජ මට්ටමක් ගොඩනගා ගන්නා ලදී.මේ සදහා සිංහල මහා සංඝයා අතර පැවති කුලබේදයද හේතුවු බව සැළකේ.එකල ගොවිගම කුලයට පමණක් උපසම්පදාව දැරීමට අයිතිය ඇතිබවට විමලධර්මසූරියකීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් නිකුත් කර තිබූ රාජ අණ සහ බෞද්ධ භික්ෂූන් සහ බෞද්ධ සමාජය මගින් කරාව මිනිසුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වූ මසුන් මැරීම පහත් ක්‍රියාවක් ලෙස සැළකීම කාරාව මිනිසුන් බුදු දහමින් ඈත්ව ක්‍රිස්තියානි ධර්මය වැලදගැනීමට හේතුවූ බව සදහන්ය.
පසුකාලීනව ගොවිගම කුලයෙහි බලයට විරුද්ධව නැගිසිටීමේදී ඔවුන් රාජ වංශිකයන් ලෙස හඳුන්වා දෙමින් මතවාදයක් ගොඩනැගීමට උත්සාහ දරා ඇත.මොවුන්ගේ මෙම ඉතිහාසය විකෘති කිරීමෙහි අවසන් ප්‍රතිඵලය ලෙස භූමිපුත්‍ර පක්ෂය විසින් ගොවිගම හැර අන් සියළු කුල පහත් කුල ලෙස බවට යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල අතර එය මානව හිමිකම් සංවිධාන වල ඉල්ලීම් මත පසුව ඉවත් කර ගන්නා ලදී.
 
"https://si.wikipedia.org/wiki/සිංහල_සාම්ප්‍රදායික_කුල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි