"විකිපීඩියා:විකිපීඩියාවට දායකවීම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
44 පේළිය:
ප්‍රභව කේත සංස්කරණයේ දී මේ ආකාරයෙන් පාදසටහන් එක්කිරීම, මූලාශ්‍රය පිළිබද තොරතුරු පිළිවෙළින් <nowiki><ref></nowiki> සහ <nowiki></ref></nowiki>යන කේත දෙක මධ්‍යයේ යෙදීමෙන් කළ හැක. ඔබ සංස්කරණය සුරැකුම් කළ පසු එම ස්ථානයේ මේ ආකාරයෙන්<ref> </ref> පාදසටහනක් දිස්වනු ඇත. මෙම කේත දෙක අතර ඔබ යෙදූ පෙළ දිස්වීමට නම් {{Reflist}} හෝ <references/> යන කේතය එසේ දිස්වීමට ඇවැසි තැන යෙදිය යුතු ය. එවිට එම ස්ථානයට පහතින් පාදසටහන්වල අංක පිළිවෙළින් එම තොරතුරු ලැයිස්තුවක් ලෙසින් දිස්වනු ඇත. සම්මතය වන්නේ මෙය ලිපියේ අවසානයට මූලාශ්‍ර,සටහන් හෝ ආශ්‍රිත නාමාවලිය වැනි සිරස්තලයකින් පසු එක්කිරීමයි. ඔබ නව ලිපියක් අරඹන විට හෝ මූලාශ්‍ර නොතිබූ පිටුවකට මූලාශ්‍ර එක්කළ විට මෙම කේතය සටහන් කර ලිපියට ආශ්‍රිත නාමාවලියක් එක්කිරීමට කටයුතු කරන්න.
Reftoolbar නම් මෙවලම් තීරුව ඔබට පෝරමයක් පිරවීම මගින් ඉතාමත් පහසුවෙන් මූලාශ්‍ර එක්කිරීමට ඉඩ සලසා දෙයි. ප්‍රභව කේත සංස්කාරකයේ, ඉහළින් ඇති මෙවලම් තීරුවේ, දකුණුපස කෙළවර තිබෙන Cite නම් ලකුණ ක්ලික් කිරීමෙන් මෙය විවර කරගත හැක. මේ මගින් මූලාශ්‍ර එක්කිරීමේ දී මූලාශ්‍රය සම්බන්ධ තොරතුරු සැපයීම පමණක් කිරීම ප්‍රමාණවත් වන අතර එම තොරතුරු මූලාශ්‍රකරණ ක්‍රමවේදවලට අනුව පෙළගැස්වීමත් සම්මත ක්‍රමවේද අනුව හැඩසවීමට අදාළ කේත සහ ඉහත ref කේත සටහන් වීමත් ස්වයංක්‍රීය ව සිදු වේ. (සැ. යු. <nowiki>{{reflist}}</nowiki>කේතය ස්වයංක්‍රීය ව සටහන් නොවන බැවින් එය ඔබ විසින් එක්කළ යුතු ය.)
====නව ලිපි තැනීම සහ විෂය ගැන ඉන් පෙර ලියැවී තිබිය යුතු වීම====
ඔබ විකිපීඩියා විශ්වකෝෂයේ නව ලිපියක් ඇරඹීමට පෙර එම මාතෘකාව ගැන තොරතුරු සදහන් වන වෙනත් මූලාශ්‍ර ඇත් දැයි සොයාබැලිය යුතු ය. ඔබ ලිවීමට අදහස් කරන විෂය ගැන හෝ එම මාතෘකාවට අදාල කරුණු පිළිගත හැකි මූලාශ්‍රයන් හි දැනටමත් සාක්ච්ඡාවට ලක් වී නොමැති නම් එය විශ්වකෝෂයකට ඇතුළත් වීමට තරම් වැදගත්කමක් ඇති මාතෘකාවක් නොවේ. ප්‍රධාන පෙළේ ප්‍රකාශන ආයතන විසින් පළකර ඇති කෘති, පුවත්පත්, සගරා, ශාස්ත්‍රීය සගරාවල පළකරන ලිපි සහ පිළිගත් මුද්‍රිත මූලාශ්‍රවලට සමාන අධිකාරීත්වයක් දරන වෙබ් අඩවිවල ඊට අදාල තොරතුරු ලියැවී තිබිය යුතු ය. එවැනි තෙවැනි පාර්ශ්වීය මූලාශ්‍ර කිසිවක් සපයාගත නොහැකි නම් එම මාතෘකාව පිළිබද ලිපියක් ඇරඹීමෙන් ඵලක් නැත. මන්ද යත් එහි එන කිසිදු කරුණක් තහවුරු කර දැක්විය නොහැකි බැවිනි.
 
ලියාපදිංචි වූ පරිශීලකයන්ට කිසිදු පරීක්ෂාවකින් තොර ව නව ලිපියක් පළ කළ හැකි ය. එහෙත් විකිපීඩියා ගිණුමක් රහිත ව අයි. පී. ලිපිනය හරහා සංස්කරණ සිදුකරන පරිශීලකයන්ට එසේ සෘජු ව ලිපියක් ඇරඹීමේ හැකියාවක් නැත. ඔවුන්ට කිසියම් ලිපියක් පළකිරීමට යෝජනා කළ හැකි අතර එවිට එය වැදගත් ලිපියක් නම් පළකිරීමට තීරණය කෙරෙනු ඇත. ලිපියක් තැනීමට පෙර එම මාතෘකාව සම්බන්ධයෙන් ලිපියක් දැනටමත් ලියැවී ඇත්දැයි සොයාබැලීම වටී. ලිපියට මාතෘකාව යෙදීමේ දී විකිපීඩියාවේ ලිපි නාමකරණ ප්‍රතිපත්තිය ඇසුරු කර ඒ අනුව කටයුතු කළ යුතු ය. ලිපි ලිවීමේ දී අවශ්‍ය වන තාක්ෂණික කරුණු නිබන්ධනය පරිශීලනය කිරීමෙන් දත හැකි ය.
====හැඩසවීම සහ කේතකරණය====
{{Main|විකිපීඩියා:සංස්කරණ_උපදෙස්}}