"විකිපීඩියා:විකිපීඩියාවට දායකවීම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
39 පේළිය:
 
====ඇසුරු කළ මූලාශ්‍ර දැක්වීම====
මෙය විශ්වකෝෂයක් බැවින් ඔබ නව ලිපියක් ලියූ විට හෝ පවතින ලිපියකට නව කරුණු එක්කළ විට එම තොරතුරු සපයාගත් මූලාශ්‍රයන් මොනවාද යන්න සදහන් කළ යුතු ය. ඔබ ඉදිරිපත් කරන කරුණු, පිළිගත හැකි වෙබ් අඩවියක්; ප්‍රකාශිත ග්‍රන්ථයක්; ප්‍රසිද්ධ පුවත්පතක ලිපියක් හෝ වෙනත් මූලාශ්‍රයක් ආධාරයෙන් තහවුරු කර දැක්වීම අනිවාර්ය වේ. මෙම මූලාශ්‍ර පිළිගත හැකි, විශ්වසනීය සහ නිරවද්‍ය ඒවා විය යුතු ය. ඔබ ඉදිරිපත් කරන කරුණු තහවුරු කිරීම සදහා එම මූලාශ්‍ර භාවිත කළ ද ඔබ එහි සදහන් තොරතුරු ඒ ආකාරයෙන් ම පිටපත් කිරීමද නොකළ යුතු ය. කිසියම් මතයක් පෙන්වා දීම සදහා යම්කිසි ඡේදයක් හෝ ප්‍රකාශයක් උපුටා දැක්වීමක දී පමණක් එසේ කිරීමට අවසර ඇත. මූලාශ්‍ර රහිත ව හෝ දුර්වල මූලාශ්‍ර සහිත ව හෝ ප්‍රකාශන හිමිකම් කඩකරමින් හෝ එක්කරන තොරතුරු සහ ලිපි මකාදැමීමට ඉඩ ඇත.
 
සාමාන්‍යයෙන් මූලාශ්‍ර එක්කළ යුත්තේ එක් එක් කරුණ උදෙසා වෙන් වශයෙනි. එනම් ඔබ යම්කිසි කරුණක් එක්කළ විට එම කරුණ අවසානයේ පාදසටහනක් වශයෙනි.
ප්‍රභව කේත සංස්කරණයේ දී මේ ආකාරයෙන් පාදසටහන් එක්කිරීම, මූලාශ්‍රය පිළිබද තොරතුරු පිළිවෙළින් <nowiki><ref></nowiki> සහ <nowiki></ref></nowiki>යන කේත දෙක මධ්‍යයේ යෙදීමෙන් කළ හැක. ඔබ සංස්කරණය සුරැකුම් කළ පසු එම ස්ථානයේ මේ ආකාරයෙන්<ref></ref> පාදසටහනක් දිස්වනු ඇත. මෙම කේත දෙක අතර ඔබ යෙදූ පෙළ දිස්වීමට නම් {{Reflist}} හෝ <references/> යන කේතය එසේ දිස්වීමට ඇවැසි තැන යෙදිය යුතු ය. එවිට එම ස්ථානයට පහතින් පාදසටහන්වල අංක පිළිවෙළින් එම තොරතුරු ලැයිස්තුවක් ලෙසින් දිස්වනු ඇත. සම්මතය වන්නේ මෙය ලිපියේ අවසානයට මූලාශ්‍ර,සටහන් හෝ ආශ්‍රිත නාමාවලිය වැනි සිරස්තලයකින් පසු එක්කිරීමයි. ඔබ නව ලිපියක් අරඹන විට හෝ මූලාශ්‍ර නොතිබූ පිටුවකට මූලාශ්‍ර එක්කළ විට මෙම කේතය සටහන් කර ලිපියට ආශ්‍රිත නාමාවලියක් එක්කිරීමට කටයුතු කරන්න.
Reftoolbar නම් මෙවලම් තීරුව ඔබට පෝරමයක් පිරවීම මගින් ඉතාමත් පහසුවෙන් මූලාශ්‍ර එක්කිරීමට ඉඩ සලසා දෙයි. ප්‍රභව කේත සංස්කාරකයේ, ඉහළින් ඇති මෙවලම් තීරුවේ, දකුණුපස කෙළවර තිබෙන Cite නම් ලකුණ ක්ලික් කිරීමෙන් මෙය විවර කරගත හැක. මේ මගින් මූලාශ්‍ර එක්කිරීමේ දී මූලාශ්‍රය සම්බන්ධ තොරතුරු සැපයීම පමණක් කිරීම ප්‍රමාණවත් වන අතර එම තොරතුරු මූලාශ්‍රකරණ ක්‍රමවේදවලට අනුව පෙළගැස්වීමත් සම්මත ක්‍රමවේද අනුව හැඩසවීමට අදාළ කේත සහ ඉහත ref කේත සටහන් වීමත් ස්වයංක්‍රීය ව සිදු වේ. (සැ. යු. <nowiki>{{reflist}}</nowiki>කේතය ස්වයංක්‍රීය ව සටහන් නොවන බැවින් එය ඔබ විසින් එක්කළ යුතු ය.)
 
====හැඩසවීම සහ කේතකරණය====
{{Main|විකිපීඩියා:සංස්කරණ_උපදෙස්}}