"විකිපීඩියා:විකිපීඩියාවට දායකවීම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
අන්තර්ගතය හා සංවිර්ධන මිනුම් හි ඇසුරු කළ මූලාශ්‍ර දැක්වීම දක්වා පරිවර්තන එක්කිරීම
16 පේළිය:
විකිපීඩියාවේ පවතින ලිපි හැරුණු විට අනෙකුත් පිටු සම්බන්ධයෙන්ද සාකච්ඡා පිටු ඇත. නිදසුනක් ලෙස සෑම පරිශීලකයකු ම සදහා පරිශීලක පිටුවක් ඇති අතර ඒ සම්බන්ධවද සාකච්ඡා පිටුවක් දක්නට ඇත. තවත් පරිශීලකයකු සමග අදහස් හුවමාරු කරගැනීමට මෙය භාවිත වෙයි. ඔබට තවත් අයකුගෙන් මෙවන් පණිවිඩයක් ලැබුණු විට ඔබ විකිපීඩියාවට නැවත පිවිසුණු විටක හෝ ලිපියක් කියවන විටක ඒ බව දන්වමින් පණිවිඩයක් දිස්වනු ඇත. ඔබටද තවත් අයෙකුගේ පරිශීලක සාකච්ඡා පිටුව සංස්කරණය කිරීමෙන් ඔබේ කිසියම් පණිවිඩයක් ඔවුනට පැවසිය හැකි ය.
==දායක වීමට මූලික ව දැනසිටිය යුතු කරුණු==
විකිපීඩියාව විශාල සංස්කාරක ප්‍රජාවකගේ දායකත්වයෙන් ගොඩනැගෙන්නකි. ගවේෂණය සහ බහුපඨිතබව, තාක්ෂණික දැනුම, ලේඛන කුසලතාවය වැනි විවිධ සුවිශේෂතාවන්ගෙන් යුතු අය එහි දී සිය දායකත්වය සපයති. මේ හැම දායකත්වයක් ම අපේ වෑයම සඵල වීමට වුවමනා වෙයි. නමුත් මේ සිල්ලටත් වඩා වැදගත් වන දෙයක් ඇත. ඒ සමාජය වෙනුවෙන් කැපවීමේ වුවමනාවයි. විකිපීඩියාවේ කිසියම් හෝ ලිපියක් සම්බන්ධයෙන් කිසිවකුට හෝ විශේෂ හිමිකමක් නැත. එබැවින් ඔබ ලිපියක වරදක් දුටුවිට එය සංස්කරණය කරමින් නිවැරදි කිරීමට පසුබට නොවන්න. ලිපියක් වැඩිදියුණු කිරීමට තරම් ඒ විෂය ගැන දැනුමක් ඇති හෝ තොරතුරු ගවේෂණය තුළින් එසේ කිරීමට කැමති ඕනෑම අයකුට ලිපියක් භාෂා ශෛලිය වෙනස් කරමින් නැවත ලිවීමට, තොරතුරු එක්කිරීමට හෝ අලුත් ලිපියක් තැනීමට බාධාවක් නැත. ලිපි ලිවීමේ දී නිවැරදි ව්‍යවහාරයන් භාවිත කළ යුතු වුවත් බහුතරයකට තේරුම් ගැනීමට අපහසු වචන හෝ යෙදුම් භාවිත නොකරන්න. වැදගත් කරුණු ඇති ලිපියක් පාඨකයාට තේරුම් ගැනීමට අපහසු ලෙස ලියැවී ඇත්නම් එය සුදුසු පරිදි නැවත ලිවීම ඔබගේ යුතුකමයි.
{{උද්ධරණ කොටුව
| quote = ලිපි තැනීමට ඔබහට උදවු විය හැකි මායා අඳුනක් භාවිතා කිරීම කෙරෙහි අවධානය යොමුකරන්න. [[විකිපීඩියා:ලිපි තැනීමේ මායා අඳුන | මායා අඳුන]] බලන්න.'''''
Line 23 ⟶ 24:
}}
===අන්තර්ගතය සහ සංවර්ධන මිනුම්===
විකිපීඩියාවේ අන්තර්ගතයෙන් විශාල ප්‍රදේශයක් ආවරණය වන්නේ විවිධ මාතෘකා අලලා එහි ලියැවෙන ලිපිවලිනි. මෙම ලිපි කිසියම් යෙදුමක අර්ථය දැක්වීමෙන් වෙනස් ව එම මාතෘකාව යටතේ ලියැවෙන විස්තරාත්මක වාර්තා වෙයි. විකිපීඩියාව තුළ උත්පාදක පර්යේෂණ (original research) ඇතුළත් නොකෙරේ. විශ්වකෝෂයක් යනු ම කිසියම් විෂය කරුණක් පිළිබද දැනට ලෝකයේ ප්‍රකාශයට පත් වී ඇති තොරතුරුවල සාරාංශයක් සපයන තෘතීයික මූලාශ්‍රයකි. මේ හේතුව නිසාත්, විකිපීඩියාව අනෙක් විශ්වකෝෂවලට වෙනස් ව සාමාන්‍ය ජනතාව විසින් ලියැවෙන්නක් නිසාත් විකිපීඩියා ලිපිවල ඇතුළත් කෙරෙන කරුණු නිරවද්‍ය සහ විශ්වාසවන්ත මූලාශ්‍ර හරහා තහවුරු කර දැක්වීම අනිවාර්ය වෙයි.
 
උත්සුකතා පිළිබද ගැටුම් පැවතිය හැකි බැවින් තමා ම පිළිබදව, තම මිතුරන් පිළිබදව, තමා විසින් සේවය කරනු ලබන හෝ පවත්වාගෙන යන සමාගම්, ආයතන, ව්‍යාපාර, සංවිධාන, වෙබ් අඩවි, සිදුකරන ව්‍යාපෘති, කලා කටයුතු වැනි තමන් සමග සම්බන්ධයක් ඇති සහ එහෙයින් ම පක්ෂපාත විය හැකි විෂයන් සමබන්ධයෙන් රචනා කිරීමෙන් දැඩි ලෙස වළකින්න.
 
විකිපීඩියා විශ්වකෝෂයේ පවතින ලිපි සියල්ලම ගුණාත්මක ලිපි නොවේ. සමහරක් ලිපි විදග්ධ නැත. සමහරකගේ බස ව්‍යාකූල ය. නැත්නම් පක්ෂපාත ව ලියැවී තිබීමට හෝ යාවත්කාලීන නොවූ කරුණු අඩංගු වීමට පුලුවන. සාමාන්‍යයෙන් ලිපියක් ඉහළ ගුණාත්මක තත්ත්වයෙන් යුතු වීමට සැපිරිය යුතු කරුණු කීපයක් ඇත. පළමුව ලිපිය කුමක් පිළිබදව ද යන්න පහසුවෙන් වටහා ගැනීමට උදව් වන සාරාංශ සටහනක් හෙවත් ආරම්භක ඡේදයක් තිබිය යුතු ය. එමෙන් ම කරුණු මනාව සංවිධානගත කර තිබිය යුතු ය. විශ්වාසවන්ත මූලාශ්‍ර මත පදනම් වෙමින් කරුණු සදහන් කළ යුතු අතර කිසියම් කරුණක් ඉදිරිපත් කරන විට එය තහවුරු කරන මූලාශ්‍රය සදහන් කළ යුතු ය. තවද විෂය වන මාතෘකාවේ සෑම අංශයක් ම ආවරණය කර තිබිය යුතු අතර අපක්ෂපාතී නොනැඹුරු දෘෂ්ටි කෝණයකින් කරුණු ඉදිරිපත් කර තිබිය යුතු ය.
====ලිපියක් සංස්කරණය කිරීම====
පොදුවේ විකිපීඩියා ලිපියක් සංස්කරණය කිරීම ඉතා පහසු ය. ඒ සදහා ප්‍රවේශ විය හැකි ක්‍රම දෙකක් පවතී. විකිමාකප් හෙවත් විකිපීඩියා සලකුණු භාෂාව යොදාගනිමින් මෙන් ම අලුතින් තිබෙන දෘෂ්‍ය සංස්කාරකය තුළිනුත් ඒ කළ හැකි ය. නිල වශයෙන් භාවිත වන ක්‍රමය වන කේත සංස්කාරකයට පිවිසීමට විකිපීඩියා පිටුවක ඉහළ ඇති සංස්කරණය කරන්න යන ටැබය ක්ලික් කිරීමෙන් හෝ ලිපියක මාතෘකාව සමීපයේ ඇති සංස්කරණය කරන්න යන ඈදුම ක්ලික් කිරීමෙන් හෝ හැකි ය. එවිට එම පිටුවේ අන්තර්ගතය සංස්කරණය පිණිස විවෘත වනු ඇත. මෙහි දී ඔබට අලුතින් එක්කිරීමට අවශ්‍ය දේ යතුරුලියනය කළ හැකි අතර සිරස්තල, ඇලකුරු, තදකුරු, සබැදි යෙදීම, පාදසටහන් යෙදීම, රූප ඇතුළත් කිරීම, වගු නිර්මාණය කිරීම වැනි සියලුම හැඩසවීම් කටයුතු කිරීමට විවිධ සංකේත භාවිත කිරීමට සිදු වේ. (බලන්න: සංක්ෂේපසහාය) ඔබට අවශ්‍ය නම් ඉහළින් තිබෙන මෙවලම් තීරුව භාවිතයෙන් කේත පහසුවෙන් එක්කරගැනීමට පුලුවන.
 
ඔබ ලිපියේ අවශ්‍ය වෙනස්කම් සිදුකළ පසු සංස්කරණ කොටුවට පහළින් ඇති පෙරදසුන පෙන්වන්න බොත්තම ක්ලික් කළ යුතු ය. එවිට ඔබේ සංස්කරණයෙන් පසු ලිපිය පාඨකයාට දිස්වන අයුරු දැකගත හැකි වේ. යම් කේතයක් වැරදී තිබුණොත් හෝ වෙනයම් අතපසු වීමක් තිබුණොත් එවිට එය දැකගත හැකි ය. පෙරදසුනට පහළින් පෙර පරිදි ම සංස්කරණ කොටුව දිස්වන නිසා ඔබට ඒ වැරදි නිවැරදි කිරීමට පහසු වනු ඇත. ඉන්පසු සංස්කරණ කොටුවට පහළින් සංස්කරණ සංරාංශය යන්නට ඉදිරියෙන් තිබෙන හිස් ඉඩේ ඔබ කළ දෙය කුමක්දැයි කෙටියෙන් සදහන් කළ යුතු ය. මෙය පසු ව එම ලිපිය සංස්කරණය කරන කෙනකුට පහසුවකි. දැන් ඔබට වෙනස්කම් සුරකින්න බොත්තම ඔබමින් ඔබේ වෙනස්කම් සුරැකිය හැකි ය.
 
දෘෂ්‍ය සංස්කාරකය, කේත භාවිතයෙන් සංස්කරණය කිරීමට වඩා පරිශීලක-මිතුරු ක්‍රමයකි. එහි දී ඔබට වර්ඩ් වැනි මෘදුකාංගයක් භාවිත කරන අන්දමින් ම ලිපි සංස්කරණය කළ හැකි ය. නමුත් මේ ක්‍රමය දැනට විවෘතව පවතින්නේ ලියාපදිංචි පරිශීලකයන්ට පමණි. ඔබේ අභිරුචි සැකසුම් තුළින් ඔබට එය තෝරා ගැනීමට හැකි ය.
 
සමහර පිටු සංස්කරණය කළ නොහැකි වන සේ ආරක්ෂිත කර ඇති අතර මෙවැනි පිටුවල සංස්කරණය කරන්න ටැබය වෙනුවට ප්‍රභව කේතය නරඹන්න යනුවෙන් ටැබයක් ඇත. මෙවැනි පිටු සංස්කරණය කිරීමට අවසර ඇති පරිශීලකයන්ට සංස්කරණ ඉල්ලීමක් යොමු කිරීමෙන් ඔබට මෙවැනි පිටු සංස්කරණයට ද දායක විය හැකි ය. මේ සදහා "Submit an edit request" යනුවෙන් දකුණුපස පහළින් තිබෙන ඈදුම ක්ලික් කළ යුතු ය.
====ඇසුරු කළ මූලාශ්‍ර දැක්වීම====
====හැඩසවීම සහ කේතකරණය====