"ආග්නේය පාෂාණය" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
සංස්කරණය |
සංස්කරණය |
||
1 පේළිය:
'''ආග්නේය පාෂාණ''', හෝ '''මැග්මාමය පාෂාණ''', යනු ප්‍රධාන [[පාෂාණ වර්ග තුන |පාෂාණ වර්ග]] තුන අතුරින් එකක් වන අතර, අනෙක්වා වන්නේ [[අවසාදිත පාෂාණය |අවසාදිත]] සහ [[විපරිත පාෂාණය |විපරිත]] වෙති. [[මැග්මා]] හෝ [[ලාවා]] සිසිල්වී ඝණිභවනය වීම තුලින් ආග්නේය පාෂාණ තැනෙයි. [[භෞමික ග්‍රහලෝකය|ග්‍රහලෝකයක]] [[ප‍්‍රාවරණය (භූ විද්‍යාව)| ප‍්‍රාවරණයෙහි]] හෝ [[කබොල්ල (භූ විද්‍යාව)|කබොල්ලෙහි]] දැනට පවත්නා පාෂාණයන්හී [[පාර්ශවීය ද්‍රවණය|පාර්ශවීය දියවීම්]] හේතුවෙන් මැග්මා නිපැයිය හැක. සාමාන්‍යයෙන්, මෙම දියවීමට හේතුකාරක වන්නේ පහත ක්‍රියාවලීන් තුන තුලින් එකක් හෝ කිහිපයක් විසිනි: [[උෂ්ණත්වය|උෂ්ණත්වයෙහි]] වැඩිවීමක්, [[පීඩනය|පීඩනයෙහි]] අඩුවීමක් හෝ, සංයුතියෙහි වෙනසක්. පාෂාණ ලෙසට ඝණීභවනය වීම පෘෂ්ඨයෙන් පහළ මට්ටමකදී [[ආක්‍රාන්තිය | ආක්‍රාන්තික]] පාෂාණ ලෙසින් හෝ පෘෂ්ඨයෙහි මට්ටම මතදී [[උත්සාරිත (භූ විද්‍යාව)| උත්සාරිත]] පාෂාණ ලෙසින් හෝ සිදුවෙයි. කණිකාමය, ස්ඵටිකරූපී පාෂාණ තැනීම සඳහා [[ස්ඵටිකීකරණය]] හා සමගින් හෝ [[යමහල් කාච |ස්වභාවික වීදුරු]] තැනීම සඳහා ස්ඵටිකීකරණය නොමැතිව හෝ ආග්නේය පාෂාණ නිමැවිය හැකිය. පුළුල් පරාසයක භූ විද්‍යාත්මක සිටුවම් තුල ආග්නේය පාෂාණ නිමැවිය හැක: පළිහාකාර පාෂාණමය පෘෂ්ඨ, සමතල මතුපිට, පර්වතකාරක චලන, ද්‍රෝණි, විශාල ආග්නේය පළාත්, ප්‍රසාරිත කබොල්ල සහ සාමුද්‍රික කබොල්ල.
|