"ලංකා ඉතිහාසය-දේශපාලන නිදහස" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු රොබෝ ඉවත් කරමින්: hi,pt,fr,ru,en,es,kn,ta,no,ms,uk,it,cy,bn,lt,sv (strongly connected to si:ශ්‍රී ලංකාවේ ඉතිහාසය)
සුළු wikidata interwiki
9 පේළිය:
ජූලියේදී පවත්වන ලද නව මැතිවරණයෙන් බණ්ඩාරනායකගේ වැන්ඳඹු බිරිඳ වූ සිරිමාවෝ බණ්ඩාරනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවා ලෝකයේ ප්‍රථම දේශපාලන නායිකාව බවට පත් වූවාය. ඇයගේ රජය තව දුරටත් දෙමළ ජාතිය සමග අර්බුද ඇතිකර ගැනීමෙන් වැළකී සිටියේය. එහෙත් එම රජයේ ජනසතු කිරිම් වැනි සමාජවාදී ප්‍රතිපත්ති හේතු කොට ගෙන එක්සත් ජනපදයේ ආධාර නැවතුණේය. ආර්ථික අර්බුද වැඩි විය. දක්ෂිණාංශික හා අබෞද්ධ හමුදා සහ පොලිස් නිලධාරීන් එක්සත් ජාතික පක්ෂය බලයට පත් කිරීමේ අරමුණෙන් දියත් කළ අසාර්ථක හමුදා කුමන්ත්‍රණයෙන් පසු බණ්ඩාරනායක තෙල් කොම්පැණි ජනසතු කළේය. මේ නිසා තෙල් නිෂ්පාදන රටවල් විසින් ලංකාව කොන් කරන ලදී. එහෙත් කැන්සාස් තෙල් නිෂ්පාදකයින්ගේ සංගමයේ උදව්වෙන් එය නවතා දැමුණේය. 1964 දී ඇය ට්‍රොට්ස්කිවාදී පක්ෂයක් වූ ලංකා සම සමාජ පක්ෂය සමග සභාග රජයක් පිහිටුවා ගත්තේ ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා මුදල් ඇමති ලෙස පත් කර ගනිමිණි.
 
ආර්ථික තත්වයේ අතෘප්තිකර තත්වය හේතු කොට ගෙන 1965 දී සේනානායක යටතේ එක්සත් ජාතික පක්ෂය නැවතත් බලයට පත් විය. එහෙත් වෙළඳ කටයුතු පහත වැටීම, ජනගහණය වැ‍ඩි වීම යනාදී සාධක, සමාජ සුභ සාධන කටයුතු සහ ප්‍රමාණවත් සෞඛ්‍ය පහසුකම් සැළසීම ආදී කරුණු කෙරෙහි බලපෑම නිසා එම රජයද අසාර්ථක විය. ලංකාවේ ප්‍රධාන අපනයන ද්‍රව්‍ය වූ රබර්, තේ සහ කෝපිවලින් ලැබෙන ආදායම පිටරටින් ආහාර ගෙන් වීමට සහ සුභ සාධන ආර්ථිකයක් පවත්වා ගෙන යාමට ප්‍රමාණවත් නොවීය. 1968 දී බණ්ඩාරනායක ලංකා සම සමාජ පක්ෂය සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සමග සමගි පෙරමුණ නමින් සංධානගත වී 1970 දී සමාජවාදී පදනමක් දැමීමේ අපේක්ෂාවෙන් ජයග්‍රහණය කළහ.
 
 
[[es:Historia de Sri Lanka]]
"https://si.wikipedia.org/wiki/ලංකා_ඉතිහාසය-දේශපාලන_නිදහස" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි