"අංගුලිමාල පිරිත" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
5 පේළිය:
== ඉතිහාස කතාව ==
=== අහිංසක කුමාරයා ===
භාර්යාවභාර්ඝව නම් පුරෝහිත බමුණාට දාව මන්තාණි නම් බැමිණියගේ කුසින් පුතකු ප්‍රසව වූ දා රැයෙහි නගරයෙහි සියලු ආයුධ දිලෙන්නට වූ අතර රජුගේ මඟුල් කඩුව ද ඒ අතර විය. පුරෝහිතයා රජුගෙන් විමසා තම පුතු සොරුන් උපන් නැකතින් උපන් බව පවසා මරා දමන්නට යෝජනා කළේ රජුට ඇති පක්ෂපාතිත්වය ප්‍රකාශ කරනු පිණිස විය හැකි ය. එහෙත් ඔහු රට පහරන සොරෙක් නොවන බව පුරෝහිත කී හෙයින් ඔහු පෝෂණය කරන්නට රජු නියම කරයි. මේ සොර නැකතින් උපන් පුතු සමාජයේ වරදින් නොමගට යොමු වුව ද ලොව ශ්‍රේෂ්ඨතම චරිතයක් වූ බව පෙන්වීමෙන් ගුරුළුගෝමී බමුණා චින්තනයට සදය උපහාසයක් කථාව ආරම්භයෙහි ම එල්ල කරයි.
 
"“ඔහු නම් තබන්නාහු සියලු නුවරැ දිලිසෙන ආයුධයො කිසි කෙනක්හට හිංසා නොකළහ’ යි අහිංසක නම් තැබූහ.”" යනුවෙන් මොහු අහිංසක කුමාරයා වූ බව පවසන කතුවරයා තම වර්ණනාවෙහි දෙවන ඡේදය ඉතා වැදගත් කරුණක් අනාවරණය කරයි. "“ඔහු වියපත් වූ කල්හි මවුපියෝ ශිල්ප උගන්නට තක්සලා නුවර නඟා යවූහ. හේ ධර්මාන්තේවාසික වැ ශිල්ප උගන්නී වත්සපනැ.”" යනුවෙන් තක්සලාවෙහි ශිෂ්‍යයකු ලෙස අහිංසක තුළ පැවති ප්‍රධාන ගුණ දෙකක් ඉදිරිපත් කරයි. එනම් ‘ධර්මාන්තේවාසික’ සහ ‘වත්සපනැ’ යන්නැයි පරමාදර්ශි ශිෂ්‍යයකු තුළ පැවතිය යුතු අද වුව තිබිය යුතු උසස් ගුණධර්ම දෙකක් ලෙස ගුරුළුගෝමී දක්වන මේ කාරණා දෙක විමසිය යුතු ය. එනම් ධර්මයෙහි යටත් වැසියකු යන්නෙන් අර්ථ දැක්වෙන්නේ ශිෂ්‍යයකු තුළ පැවතිය යුතු ශාස්ත්‍ර ගෞරවයයි. ‘වත්සපනැ’ යන්නෙන් අරුත් ගන්වන්නේ ආයතන ගෞරවයයි තමන් උගන්නා ධර්මයට දක්වන ගෞරවය මෙන් ආයතනය හා ගුරුවරයා කෙරෙහි තම යුතුකම් ඉටු කිරීම ගුණාත්මක ශිෂ්‍යයකුගේ ස්වභාවයයි. මේ නිසා ම අහිංසක “කී දැයක් වහා සපයයි, මන වඩනා නියායෙන් හැසිරෙයි. පෙම් වඩනා නියායෙන් බෙණෙයි” යනුවෙන් දිසාපාමොක් ඇදුරිදුගේ විශේෂාවධානය දිනා ගැනීම හේතු වන ලෙස සිසුදිවිය ගෙවූ අයුරු කතුවරයා පැහැදිලි කරයි.
"https://si.wikipedia.org/wiki/අංගුලිමාල_පිරිත" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි