"එන්නත්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Lee විසින් එන්නත් වර්ග සිට එන්නත් වෙත පිටුව ගෙන යන ලදී
සුළු Lee විසින් එන්නත්/ඉතිහාසය සිට එන්නත් වෙත පිටුව ගෙන යන ලදී
1 පේළිය:
{{mergeto|== එන්නත්}} ==
 
එන්නතක් යනු (Vaccine) එක්තරා රෝගයක් සදහා ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු කර ගැනීම පිණිස ඇති නිෂ්පාදනයකි. මෙම වැක්සීන් යන වදන නිර්මාණය වුයේ එඩ්වඩ් ජෙනර් විසින් ගව වසූරිය රෝගය සදහා එන්නත් කරන ලද ද්‍රව්‍ය මගිනි. (ලතින් භාෂාවෙන් “වැකා” යනු ගවයින් වේ.) මෙලෙස නිෂ්පාදනය කරන ලද එන්නත මගින් මිනිසුන්හට වසූරිය රෝගයට එරෙහිව ප්‍රතිශක්තිකරණයක් ලබාදෙන ලදී. ජෙනර් විසින් සිදු කරන ලද කර්තව්‍ය ලුවී පාස්චර් සහ අන්‍යයන් විසින් වැඩි දියුණු කරන ලදී. මෙම එන්නත් පිළිබද වූ සංකල්පය මුලින්ම ඇතිවන ලද්දේ චීනයේදී සැරබාල කරන ලද වසූරිය රෝගකාරක වෛරසය මගින් සුළු වශයෙන් පුද්ගලයන් සිතාමතාම ආසාදනයට ලක්කිරීම මගිනි. ජෙනර් විසින් අවබෝධ කරගන්නා ලද්දක් වූයේ ගව වසූරිය රෝගය ඇති වූ කිරිදොවන්නන් හට වසූරිය රෝගය ඇති නොවන බවයි. මෙලෙස එන්නත් ලබාදීම සහ ව්‍යාප්ත කිරීමේ ක්‍රියාවලිය එන්නත්කරණය නම් වේ. එන්නත්කරණ ක්‍රමය වඩාත් ආරක්ෂාකාරී වීම හේතුවෙන් 1948 දී එන්ගලන්තයේ දී රෝග කාරක වසූරිය වෛරසය සිරුර තුළට ඇතුළු කිරීම තහනම් කරන ලදී.
 
එන්නත් වර්ග අනාගතයේදී රෝග ඇති වීම වැළැක්වීම සහ ඒවායේ ඇතිවන හානිකර විපාකයන් වළක්වා ගැනීම සදහා භාවිතා කළ හැකි අතර ඇතැම් රෝග සුව කර ගැනීම සදහා ද එන්නත් වර්ග භාවිතා වේ. (උදා - පිළිකා රෝග සදහා ප්‍රතිකාර ක්‍රමයක් ලෙසට එන්නත් වර්ග භාවිතා කිරීම පිළිබදව පර්යේෂණ පවතී)
 
==එන්නත් වර්ග==
[[ගොනුව:ReverseGeneticsFlu.svg|thumb|]]
එන්නත් යනු මරණයට පත් වූ හෝ අක්‍රීය කරන ලද ජීවීන් වන අතර ඒවායින් නිෂ්පාදනය කරන ලද පවිත්‍ර ද්‍රව්‍යයන් වේ.
Line 24 ⟶ 29:
== References ==
http://en.wikipedia.org/wiki/Vaccine#Types
 
 
{{Vaccines}}
 
[[ප්‍රවර්ගය:එන්නත්]]
 
== එන්නත්කරණ වැඩසටහන ==
 
[[File:ReverseGeneticsFlu.svg|thumbnail|300px|[[කුරුලු උණ|කුරුලු උණ]] එන්නත development by [[reverse genetics]] techniques.]]
 
කුඩා ළමුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය එන්නත් කිරීමකින් පසුව ඒ සදහා ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලීන් ඇති කිරීමට සමත් අන්දමට වර්ධනය වූ පසුව එන්නත් ලබාදීම මගින් රෝග සඳහා ආරක්ෂාව ලබාදිය හැකිය. අමතර එන්නත් වර්ග ලබාදීම මගින් පුර්ණ ප්‍රතිශක්තීකරණය ලබාදීමට පුළුවන. මෙමගින් සංකීර්ණ එන්නත් වැඩසටහනක් නිර්මාණය වුණි. ඇමරිකා එක්සත් ජනපදයෙහි ප්‍රතිශක්තීකරණ ක්‍රියාවලිය හා සම්බන්ධ උපදේශාත්මක කමිටුව විසින් රෝග නිවාරණ මධ්‍යස්ථානය මගින් අනුමත කරන ලද එන්නත්වලට අමතරව හෙපටයිටිස් ඒ, හෙපටයිටිස් බී, පෝලියෝ, කම්මුල්ගාය, සරම්ප, රුබෙල්ලා, ගලපටලය, කක්කල් කැස්ස, පිටගැස්ම, හිමොෆිලියාව, ඉන්ෆ්ලුවෙන්සාව, පැපොල, රෝටා වෛරස ආසාදන, මෙනින්ගෝකොකල් සහ නියුමෝනියාව යන රෝගවලට එරෙහිව එන්නත් ලබාදීම අනුමත කර ඇත. විශාල ප්‍රමාණයක් වූ එන්නත් සහ වර්ධක එන්නත් ලබාදීම මගින් එම එන්නත් සදහා සම්පුර්ණ අනුකූලතාවයක් රෝගීන්ගෙන් ලැබේ ද යන්න පිළිබඳව සැකසහිතය. (වයස අවුරුදු 2 වන විට කුඩා ළමයෙකුට එන්නත් 24 ක් ලබාදේ.) එන්නත් සඳහා අනුකූලතාවයන් අඩුවීමත් සමගම එයට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමක් වශයෙන් ඒ පිළිබදව නිවේදනය කිරීම සහ එන්නත් වර්ග කිහිපයක් එක විට ලබාදීමක් සිදුකෙරේ. එමගින් එක් වර රෝග කිහිපයක් සදහා ප්‍රතිශක්තීකරණයක් ඇති කෙරෙයි.ළදරුවන් හට එන්නත් සහ වර්ධක එන්නත් ලබාදීමට අමතරව අනෙකුත් වයස් කාණ්ඩවල සහ ජීවිත කාලය මුළුල්ලේම වරින් වර එන්නත් ලබාදීම සිදුකෙරේ. සරම්ප , පිටගැස්ම, ඉන්ෆ්ලුවෙන්සාව සහ නියුමෝනියාව සදහා මෙලෙස එන්නත් ලබාදීම සිදුකෙරේ. ගර්භණී මවුවරුන් වරින්වර රුබෙල්ලා හෙවත් ජර්මන් සරම්ප රෝගය කෙරෙහි ප්‍රතිරෝධීතාවයක් දක්වන්නේ ද යන්න පිළිබදව සොයා බැලේ.මානව පැතිලෝමා වෛරස එන්නත ඇමරිකා එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියෙහි වයස අවුරුදු 9 සිට 25 අතර පුද්ගලයන් හට නිර්දේශ කරයි. වයස් ගත පුද්ගලයන් හට එන්නත් ලබාදීමේදී එම වයස් කාණ්ඩ සදහා මාරාන්තික රෝගයන්වන නියුමෝනියාව සහ ඉන්ෆ්ලුවෙන්සා යන රෝග කෙරෙහි අවධානය යොමු කෙරේ. වසර 2006 දී පැපොල වෛරසය මගින් ඇති කරන Shingles නම් රෝගය සදහා එන්නතක් හදුන්වා දෙන ලදී. මෙම රෝගයට බහුලව වශයෙන් ගොදුරු වනුයේ වැඩිහිටියන්ය.
ඕස්ට්‍රේලියාවෙහි ෆෙඩරල් රජය එන්නත්කරණය මගින් ලබාගන්නා ලද ඇතැම් වාසි සහගත තත්ත්වයන් නිසා එරටෙහි එන්නත්කරණය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබුණි. මෙහිදී කුඩා ළමුන් එන්නත් කිරීමකින් තොරව පාසලට ඇතුළු කිරීමට අවසර නොලැබේ. එසේ කිරීමට අවශ්‍ය නම් ඔවුන්ගේ දෙමාපියන් විසින් තම දරුවන් එන්නත් කිරීම ප්‍රතික්ෂේප කරමින් ව්‍යවස්ථානුකූල ප්‍රකාශනයක් වෛද්‍යවරයෙකු හෝ වෙනත් නිලධාරියෙකු සමග සාකච්ඡා කිරීමෙන් පසුව බාරදිය යුතුය.මේ හා සමානව පාසල්වලට ඇතුළු වීමට ප්‍රථම එන්නත් කිරීම හා සම්බන්ධ නීති රීති කැනඩාවේ ඇතැම් ප්‍රදේශවල වසර කිහිපයක් පැවත තිබුණි. කුඩා ළමුන් එන්නත් කිරීම, එසේ නොකිරීමට වඩාත් පහසු සහ ලාභදායි ක්‍රමයක් බවට මේ සමගම පත්වුණි. විවිධ පීඩාකාරී තත්වයන්ට මුහුණ පෑමත් සමගම එන්නත්කරණයට විරුද්ධ පුද්ගලයින් ඒ පිළිබදව තම මතයන් අත්හරින ලදී.
 
== සටහන ==
 
http://en.wikipedia.org/wiki/Vaccine#Schedule
"https://si.wikipedia.org/wiki/එන්නත්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි