"ඉන්ද්‍රජිත්" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
|||
12 පේළිය:
මේඝනාද හෙවත් ඉන්ද්‍රජිත්, රාවණා රජුගේ සහ මන්දෝදරී බිසවගේ වැඩිමහල් පුත්කුමරා විය. කුමරු උපන් මොහොතේ හැඩූ ශබ්දය අකුණු හඬ පරදා ඇසුණු බැවින් කුමරුට මේඝනාද යැයි රාවණා රජු විසින් නම් තැබූ බව කියවේ. පසුකලෙක මේඝනාද කුමරු විසින් දෙව්ලොව සිටි දක්ෂතම සෙන්පතියකු වූ ඉන්ද්‍ර නමැති දෙවියා අඩපණ කොට ලංකාපුරයට සිරකරුවෙකු ලෙස රැගෙන ආ මොහොතේ විශ්මයටපත් මහා බ්‍රහ්මයාගෙන් මේඝනාද කුමරුට 'ඉන්ද්‍ර ජයගත් කුමරු' අර්ථය ඇති 'ඉන්ද්‍රජිත්' යන නාමය ලද බව පුරාවෘත තුල දැක්වේ. ඉන්ද්‍ර යන්න සූර්යයාට හෙළ බසින් පවසන තවත් නමකි. රාවණා පරපුර සූර්යය වංශිකයන් වීම හා ඔවුන් සූර්යයා නමස්කාර කළ පිරිසක් ලෙස සැලකේ. ඉන්ද්‍රජිත් කුමරුගේ නමින් ලෙන් ලිපියක් අදටත් සුරැකිව පවතී. මේඝනාද කුමරු ඉපදෙන මොහොතේ රාවණා රජ, ලෝකයේ තම පුතාව පැරදවිය හැකි එක් අයකුවත් නොමැති අති ශ්‍රේෂ්ඨ පුද්ගලයකු බවට පත්වේ කියා පැතූ බව සදහන්වේ. මේඝනාද කුමරු විසින් ශේෂනාග රජුගේ සත්ගුණවත් දියනිය වන සුලෝචනා විවාහ කර ගන්නා ලදී.
ඉන්ද්‍රජිත් නොහොත් මේඝනාද,හින්දු ප්‍රවාද වලට අනුව,දිව්‍යලෝකය දිනූකෙනා මෙන්ම ලංකාවේ රජකුමාරයෙක් විය. රාවණා රජුගේ පුතකු ලෙස ඉන්දියානු මහාකාව්‍ය රාමායනයේ ඔහුව සදහන් වේ.
==ආශ්‍රිත ලිපි==
|