"ශිව දෙවියන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
 
{{තොරතුරුකොටුව දෙවිදේවතාවියෝ|type=හින්දු|image=Shiva cropped.jpg|caption=මුරුදේෂ්වර් හී ඇති පද්ම ආසනයෙන් සිටින ශිව දෙවියන්ගේ ප්‍රතිමාව|Devanagari={{lang|sa|शिव}}|Sanskrit_transliteration={{IAST|Śiva}}|Tamil_transliteration=|mantra=[[ඕම් නමහ් ශිවාය]]|affiliation=[[පරම බ්‍රහ්ම]] ([[ශෛව ආගම]]), [[ත්‍රී මූර්තිය]],[[පරම ආත්මය]], [[ඊශ්වර]], [[Deva (Hinduism)|දේව]]|deity_of=උත්තරීතර ආත්මය; භාවනාවට, කලාවට, යෝගවලට, නර්ථනයට අධිපති ; නපුර නසන ශ්‍රේෂ්ඨ විනාශකරු; දෙවියන්ට අධිපති|weapon=[[පශුපඨාස්ත්‍ර]], [[Trishula| ත්‍රිශූලය]], [[Parashuපරශු|පරශු-පොරව]], [[Pinaka (Hinduism)|පිනක දුන්න]]|symbols=[[ශිව ලිංගය]]|consort=[[Satiසතී (Hinduහින්දු goddessදෙවඟන)|සතී]], [[පාර්වතී]] ([[ආදිපරාශක්ති]])|children=[[ගනේශ]] සහ [[කාර්තිකේයා]] <br>ප්‍රාදේශීය: [[Shasta (deity)|ශ්‍රස්ටා]], [[අශෝක සුන්දරී]]|abode=[[කෛලාශ භවන]]|mount=[[නන්දි (වෘෂභයා)]]|festivals=[[ශ්‍රාවන]], [[මහා ශිව රාත්‍රී]]}} '''''ශිව''''' ( /[[විකිපීඩියා:IPA for English#Key|ˈʃivə]]/ ; [[සංස්කෘත]] : शिव, Śiva) [[හින්දු ආගම|හින්දු]] ආගමේ එක් [[හින්දු දෙවිවරු|ප්‍රධාන දෙවිවරුන්]] ගෙන් කෙනෙකි. සමකාලීන හින්දු ආගමේ ප්‍රධාන සම්ප්‍රදායන්ගෙන් එකක් වන [[ශෛව ආගම]] තුළ ඔහු ශ්‍රේෂ්ඨතම [[ශෛව ආගම|දෙවියන්]] ලෙස හැඳින්වේෙ.
 
[[බ්‍රහ්ම]], [[විෂ්ණු]] සහ ශිව යන හින්දු ත්‍රී මූර්තිය තුළ ශිව දෙවියන්ව "විනාශකරන්නා" යනුවෙන් හැඳින්වෙයි. ශෛව සම්ප්‍රදායට අනුව ශිව විශ්වය නිර්මාණය කරයි, සුරැකීම හා පරිවර්තනය ද කරයි. ශක්ති වාදය නම් වූ හින්දු ආගමික සම්ප්‍රදායේ දී, ආදිපරාශක්ති නම් වූ දේවතාවිය හෝ [[දේවී|දේවි]] ශ්‍රේෂ්ඨ ලෙස විස්තර කර ඇති නමුත් ශිව දෙවියන් ගෞරවයට පාත්‍ර වී ඇත.
 
ශෛව ආගමට අනුව, ශිව විශ්වයේ උසස්ම, සීමාරහිත වන, නොවෙනස් වන බ්‍රහ්ම සහ විශ්වයේ පරම ආත්මය වේ. ශිව දෙවියන්ගේ කරුණාවන්ත කම මෙන්ම භයානක කම ගැන ද බොහොමයක් කතාන්දර තිබේ. ගුණවත් අංශ ගැන සැලකීමේදී, ඔහු සර්වඥාන ලෙස විස්තර කර ඇත. යෝගි වරයෙක් වන එතුමා කෛලාශ කන්දේ වැඩ සිටී. ශිව දෙවියන්ගේ බිරිඳ [[පාර්වතී]] සහ ඔහුගේ දරුවන් දෙදෙනා, ගනේෂ සහ [[මුරුගන් දෙවියෝ|කාර්තිකේයාකාර්තිකේය]] වේ. ඔහුගේ දරුණු පැතිවලින් ඔහු නිරන්තරයෙන්ම දුෂ්ටාත්මයන් දුරු කරයි. ශිව යනු [[යෝග|යෝගා]], [[භාවනා|භාවනාව]] සහ කලාව යන දේවල් වලට අධිපති දෙවියා ලෙස සලකනු ලබන නිසා අධියෝගී ශිව ලෙස ද හඳුන්වයි.
 
ශිව දෙවියන්ගේ ගෙළ වටා නාගයෙකු සිටින අතර අඩ සඳ හිසේ පළඳී, ශුද්ධ වූ ගංගා නම් ගඟ ඔහුගේ හිස කෙස් අතරින් ආරම්භ වේ. [[තෙවන ඇස|තුන්වන ඇසක්]] ඔහුගේ නළල මත පිහිටා ඇත. ත්‍රිශුලය ඔහුගේ ආයුධය වේ.
11 පේළිය:
ශිව පරබ්‍රහ්ම නම් වූ බ්‍රහ්ම ලෙස ද හැඳින්වේ. දමිළ භාෂාවෙන් ශිවන් හැර වෙනත් නම් වලින් ශිව දෙවියන්ව හඳුන්වයි, එනම් නටරාජ (ශිව දෙවියන්ගේ නර්ථන ස්වරූපය) රුද්‍ර (ශිව දෙවියන්ගේ කෝපී ස්වරූපය) සහ ධක්ශිණමූර්ති (ශිව දෙවියන්ගේ යෝගී ස්වරූපය). මීට අමතරව ශිව ලිංගයට වන්දනාමාන කිරීම දක්නට ලැබේ. මොනිර් මොනිර්-විලියම්ස් පෙන්වා දෙන ආකාරයට සංස්කෘත වචනය "''ශිව'' " (දේවනාගරී : शिव , ශිවා හෝ සිවා ලෙස පරිවර්තනය කර තිබේ) යන්නෙන් අදහස් කරන්නේ "සුභදායක, කරුණාවන්ත, දයාවන්ත, කාරුණික, හිතවත්, මිත්‍රශීලී" බවයි. ජනප්‍රවාදයන්ට අනුව අර්ථ ''නිරූපණය කල විට'' ශිව යනු "සියලු දේ තුල පවතින්නා යන්නයි" සහ "කරුණාවේ මූර්තිය" යන්න ද අරුත් අතර වේ.
 
ඇතැම් කතුවරුන් මෙම නාමය දෙමළෙන් "රතු" යන අර්ථය ඇති " ''සිවප්පු'' " [[දෙමළ භාෂාව|යන වචනයෙන්]] ''සිවප්පු'' , ශිවා සූර්යයා සමග බැඳී ඇති බව (''සිවන්'', "රක්ත වර්ණය ඇත්තා" [[දෙමළ භාෂාව|දෙමළ භාෂාවෙන්]]) සහ රුද්‍ර ''බබුරු'' (දුඹුරු හෝ රතු) රිග්වේදඍග්වේද තුල ද දක්වා ඇත. මීට අමතරව ''විෂ්ණු සහස්‍රනාම තුල දැක්වෙනුයේ'' "ශිව" නාමයට විවිධ අර්ථ ඇති බවයි "පවිත්‍ර ඇත්තා" හා "ප්‍රක්ති, රජස්, තමස් යන ගුණාංග තුනෙහි බලපෑමට හසුනොවන්නා".
 
ශිව දෙවියන්ව විශ්වනාථ (විශ්වයේ ස්වාමියා) ලෙසද, මහාදේව, මහන්ඬෝ, මහසු, මහේෂ, මහේෂ්වර, ශංකර, ශම්භූ, රුද්‍ර, හර, ත්‍රිලෝචන, දේවේන්ද්‍ර (දෙවියන්ගේ ප්‍රධානියා) නීලකාන්ත, ශුභාංකර, ත්‍රිලෝකිනාථ (තුන් ලොවෙහි ස්වාමියා), සහ ගර්නේශ්වර් (දයානුකම්පාවේ ස්වාමියා). ශෛව ආගමිකයන් විසින් ශිව දෙවියන් වෙනුවෙන් ඉහළම ගෞරවය පිණිස "මහාදේව" සහ "පරමේශ්වර" ලෙසද හඳුන්වනු ලබයි.
"https://si.wikipedia.org/wiki/ශිව_දෙවියන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි