"ශිව දෙවියන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
33 පේළිය:
 
=== ත්‍රීමූර්තිය ===
[[ගොනුව:ශිව ලිංගයක්.gif|thumb|ශිව ලිංගය]]
ත්‍රී මූර්තිය යනු මැවීම, නඩත්තු කිරීම හා විනාශය පිළිබඳ හින්දු ධර්මයේ සංකල්පයකි. විශ්වය නිර්මාණය කරන ලද්දේ [[බ්‍රහ්ම]] විසිනි එය ආරක්ෂා කරනුයේ [[විෂ්ණු]] වන අතර [[ශිව]] විනාශකාරන්නා හෝ පරිවර්ථනය කරන්නාය. මෙම දෙවිවරුන් ත්‍රිත්වය "හින්දු ත්‍රීමූර්තිය" ලෙස නම් කර තිබේ. කෙසේ වෙතත්, හින්දු ආගමේ පුරාණ හා මධ්‍යතන යුගයේ ලිපි වල බොහොමයක් විවිධාකාර දෙවිවරුන් හා දේවතාවියන්ගෙන් සමන්විත වූ අතර, ඉන් සමහරක් තුළ ශිව දෙවියන් ඇතුළත් නොවේ.
 
== ජනප්‍රවාද හා හින්දු සංස්කෘතිය ==
 
=== ශිව ලිංගය ===
ශිව දෙවියන් වෙනුවෙන් ශිව ලිංගයට පුද පූජා පැවැත්වීම බොහෝ අතීතයේ සිට පැවත එන චාරිත්‍රයක් වන අතර එය අදටත් දක්නට ලැබේ.
 
=== අවතාර ===
ශිව දෙවියන්ගේ අවතාර සම්බන්ධව එතරම් නොකියවුනත් සමහර පොත් වල එවැනි අවතාර සම්බන්ධව සඳහන්ව ඇත. හනුමාන්, සෘෂි දුර්වාශ හා ආදි ශංකරා එවැනි අවතාර ලෙස දක්වා ඇත.
 
=== ආගමික උත්සව ===
 
==== මහා ශිව රාත්‍රී ====
සෑම චන්ද්‍ර මාසයකම 13වන රාත්‍රිය එනම් 14වන දිනය ශිවරාත්‍රී දිනයක් ලෙස සැලකෙන අතර සෑම වසරකම ශීත සෘතුව අවසානයේ ගිම්හාන සෘතුව ආරම්භයට පෙර (පෙබරවාරි/මාර්තු) යෙදෙන ශිව රාත්‍රී දිනය මහා ශිව රාත්‍රී දිනය ලෙස සලකනු ලැබේ. මෙම උත්සවය ශිව දෙවියන් ලෝකයේ අන්ධකාරය හා මෝහය දුරු කිරීම සිහිපත් කොට පවත්වනු ලැබේ.
 
==== ශ්‍රාවන ====
හින්දු දින දර්ශණයට අනුව ඉන්දියානු ජාතික දින දර්ශණයෙන් පස් වන මාසය ශ්‍රාවන මාසය ලෙස හඳුන්වනු ලබයි.
 
''<nowiki/>''
"https://si.wikipedia.org/wiki/ශිව_දෙවියන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි