"ශිව දෙවියන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළුNo edit summary
11 පේළිය:
ශිව පරබ්‍රහ්ම නම් වූ බ්‍රහ්ම ලෙස ද හැඳින්වේ. දමිළ භාෂාවෙන් ශිවන් හැර වෙනත් නම් වලින් ශිව දෙවියන්ව හඳුන්වයි, එනම් නටරාජ (ශිව දෙවියන්ගේ නර්ථන ස්වරූපය) රුද්‍ර (ශිව දෙවියන්ගේ කෝපී ස්වරූපය) සහ ධක්ශිණමූර්ති (ශිව දෙවියන්ගේ යෝගී ස්වරූපය). මීට අමතරව ශිව ලිංගයට වන්දනාමාන කිරීම දක්නට ලැබේ. මොනිර් මොනිර්-විලියම්ස් පෙන්වා දෙන ආකාරයට සංස්කෘත වචනය "''ශිව'' " ( දේවානගරි : शिव , ශිවා හෝ සිවා ලෙස පරිවර්තනය කර තිබේ) යන්නෙන් අදහස් කරන්නේ "සුභදායක, කරුණාවන්ත, දයාවන්ත, කාරුණික, හිතවත්, මිත්‍රශීලී" බවයි. ජනප්‍රවාදයන්ට අනුව අර්ථ ''නිරූපණය කල විට'' ශිව යනු "සියලු දේ තුල පවතින්නා යන්නයි" සහ "කරුණාවේ මූර්තිය" යන්න ද අරුත් අතර වේ.
 
ඇතැම් කතුවරුන් මෙම නාමය දෙමළෙන් "රතු" යන අර්ථය ඇති " ''śivappu'' " [[දෙමළ භාෂාව|යන වචනයෙන්]] ''śivappu'' , ශිවා සූර්යයා සමග බැඳී ඇති බව ( ''śivan'' , "රක්ත වර්ණය ඇත්තා" [[දෙමළ භාෂාව|දෙමළ භාෂාවෙන්]]) සහ රුද්‍ර ''බබුරු'' (දුඹුරු හෝ රතු) රිග්වේද තුල ද දක්වා ඇත. මීට අමතරව ''විෂ්ණු සහස්‍රනාම තුල දැක්වෙනුයේ'' "ශිව" නාමයට විවිධ අර්ථ ඇති බවයි "පවිත්‍ර ඇත්තා" හා "ප්‍රක්ති, රජස්, තමස් යන ගුණාංග තුනෙහි බලපෑමට හසුනොවන්නා".
 
ශිව දෙවියන්ව විශ්වනාථ (විශ්වයේ ස්වාමියා) ලෙසද, මහාදේව, මහන්ඬෝ, මහසු, මහේෂ, මහේෂ්වර, ශංකර, ශම්භූ, රුද්‍ර, හර, ත්‍රිලෝචන, දේවේන්ද්‍ර (දෙවියන්ගේ ප්‍රධානියා) නීලකාන්ත, ශුභාංකර, ත්‍රිලෝකිනාථ (තුන් ලොවෙහි ස්වාමියා), සහ ගර්නේශ්වර් (දයානුකම්පාවේ ස්වාමියා). ශෛව ආගමිකයන් විසින් ශිව දෙවියන් වෙනුවෙන් ඉහළම ගෞරවය පිණිස ''Mahādeva'' "මහාදේව" සහ 'Parameśvara "පරමේශ්වර" ලෙසද හඳුන්වනු ලබයි.
 
සහස්‍රනාම යනු දෙවියෙකුගේ විවිධ පැතිකඩ ඔස්සේ ගුණාංග සඳහන් නම් දහසක් එක් කොට සැකසූ මධ්‍යකාලීන ඉන්දියානු පාඨයන්ය ''ශිව දෙවියන් වෙනුවෙන් සැකසූ විවිධ සහස්‍රනාම ඇතුලත් කොටස් අටක් දක්නට ලැබේ''. මහා භාරතයෙහි 13 වන පොතෙහි ( ''Anuśāsanaparvan'' ) එවැනි එක් ලැයිස්තුවක් දක්වා ඇත. ශිව දෙවියන් වෙනුවෙන් සැකසූ දශ සහස්‍රනාම (10,000 නම්) ද ඇති බව ''මහාන්යාස'' යෙහි දැක ගත හැක.
 
== හින්දු ආගම තුළ පිහිටීම ==
31 පේළිය:
 
=== ත්‍රීමූර්තිය ===
''<nowiki/>''
ත්‍රී මූර්තිය යනු මැවීම, නඩත්තු කිරීම හා විනාශය පිළිබඳ හින්දු ධර්මයේ සංකල්පයකි. විශ්වය නිර්මාණය කරන ලද්දේ [[බ්‍රහ්ම]] විසිනි එය ආරක්ෂා කරනුයේ [[විෂ්ණු]] වන අතර [[ශිව]] විනාශකාරන්නා හෝ පරිවර්ථනය කරන්නාය. මෙම දෙවිවරුන් ත්‍රිත්වය "හින්දු ත්‍රීමූර්තිය" ලෙස නම් කර තිබේ. කෙසේ වෙතත්, හින්දු ආගමේ පුරාණ හා මධ්‍යතන යුගයේ ලිපි වල බොහොමයක් විවිධාකාර දෙවිවරුන් හා දේවතාවියන්ගෙන් සමන්විත වූ අතර, ඉන් සමහරක් තුළ ශිව දෙවියන් ඇතුළත් නොවේ.
 
''<nowiki/>''
[[ප්‍රවර්ගය:ශිව ආගම]]
[[ප්‍රවර්ගය:මහාභාරතයේ චරිත]]
"https://si.wikipedia.org/wiki/ශිව_දෙවියන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි