"කෙටිකතා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
→‎දීර්ඝත්වය: පරිවර්තනය එක්කිරීම
→‎ලක්ෂණ: පරිවර්තනය එක්කිරීම
9 පේළිය:
 
== '''ලක්ෂණ''' ==
යථාර්ථවාදී නවකතාවේ නැගීමත් සමග කෙටිකතාව ද ඊට සමාන්තරව සංවර්ධනය විය. එකී ලක්ෂණ පළමුවෙන් ම පෙන්නුම් කළේ ඊ. ටී. ඒ. හොෆ්මාන් විසින් රචිත කථා තුළිනි. පසුව කෙටිකතා මාධ්‍යයෙන් ලියූ රචකයන්ගේ නිර්මාණත්, කෙටිකතාවේ වස්තු විෂයන් සහ ශිල්ප ක්‍රම කෙරෙහි මත පළ කළ විචාරකයනුත් හේතුවෙන් කෙටිකතාවේ අනන්‍ය ලක්ෂණ හැඩගැස්විනි. නිදසුන් වශයෙන් ජෝර්ජ් ලුවී බෝර්හේස් සහ ඕ. හෙන්රි යන අය දැක්විය හැකි ය. ඇමරිකානු කතාකරුවන් වශයෙන් ජැක් ලන්ඩන්, ඇම්බ්‍රෝස් බියර්ස්, එෆ්. ස්කොට් ෆිට්ස්ජෙරල්ඩ්, අර්නස්ට් හෙමින්වේ, විලියම් ෆෝක්නර්, ෆ්ලැනරි ඕ කොනර්, ජෝන් චීවර් සහ රේමන්ඩ් කාවර් දැක්විය හැකි ය. වෙනස් මානයක කාව්‍යමය ස්පර්ශයක් සහිත වූ විද්‍යා ප්‍රබන්ධ කෙටිකතාව වූ කලී රේ බ්‍රැඩ්බරිගේ කථා වෙතින් ඉමහත් ජනප්‍රසාදයක් ද ලබමින් ගොඩනැගුණකි. 19වන සියවසේ දෙවන භාගය වන තුරු ම කෙටිකතාව බොහෝදෙනාගේ ඇස්මානයෙන් මගහැරුණු ශානරයක් විය.
මුද්‍රණ කර්මාන්තයේ දියුණුවත් වාරප්‍රකාශන බිහිවීමත් කෙටිකතා ශානරය ප්‍රචලිත වීමට බලපෑ සාධක අතර විය. රඩ්යාඩ් කිප්ලිං (එක්සත් රාජධානිය), ඇන්ටන් චෙකොෆ් (රුසියාව), ගී ද මෝපසාං (ප්‍රංශය), මැනුවෙල් ගුතාරේස් නාජෙරා (මෙක්සිකෝව) සහ රුබින් දාරියෝ (නිකරගුවාව) බටහිර සාහිත්‍යය තුළ කෙටිකතාවේ නීති රීති හදුන්වා දීමට මුල්වූවෝ අතර ප්‍රමුඛයෝ වෙති.
 
කථා කලාව පිළිබද ශාස්ත්‍රීය ගවේෂණයන් අතර වැදගත් කෘතියක් වශයෙන් වෝල්ටර් බෙන්ජමින්ගේ The Storyteller නම් අධ්‍යයනය දැක්විය හැකි ය. නූතන ලෝකය තුළ කථාන්දර කීම අභාවයට යමින් ඇති බවටත් අත්දැකීම් ප්‍රකාශනය උදෙසා මාධ්‍යයක් නොමැති වෙමින් යන බවටත් (incommunicability of experiences) එහි දී ඔහු තර්ක කරයි. ඔස්කා වයිල්ඩ්ගේ The Decay of Lying නම් රචනාවත් හෙන්රි ජේම්ස්ගේ The Art of Fiction නම් කෘතියත් මේ විෂය තරමක් දුරට ඇසුරු කරයි.
 
== '''ඉතිහාසය''' ==
"https://si.wikipedia.org/wiki/කෙටිකතා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි