"කෙටිකතා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Sasithmadu විසින් කෙටි කතා සිට කෙටිකතාව වෙත පිටුව ගෙන යන ලදී: ලිපි නම් ඒකවචන විය යුතු බැවින්
→‎දීර්ඝත්වය: පරිවර්තනය එක්කිරීම
4 පේළිය:
 
== '''දීර්ඝත්වය''' ==
කෙටිකතාවක් දීර්ඝ ප්‍රබන්ධාකෘතියකින් වෙන්කරගැනීමේ නිර්ණායකය පිළිබද ව එකගත්වයක් නැත. එඩ්ගා ඇලන් පෝ සිය The Philosophy of Composition (1846) නම් රචනාව තුළ දැක්වූ "කෙටිකතාව යනු එකදිගට කියවා හමාර කළ හැකි කථාවක් ය" යන නිර්වචනය තවමත් සම්භාව්‍ය නිර්වචනයක් ලෙස සැලකෙයි. නමුත් මෙම නිර්වචනය නූතන තත්ත්වයන් තුළ යොදාගැනීම ගැටලු සහගත වේ. මක්නිසාද යත් එකදිගට කියවා හමාර කිරීම යන්න මේ යුගයේ දී පෝ ගේ සමයට වඩා කෙටි කාලසීමාවක් විය හැකි වීම යි. අනෙකුත් නිර්වචන කෙටිකතාව වචන 1000 පටන් 4000 අතර උපරිම වචන සංඛ්‍යාවක් තුළට ගොනු කරති. වර්තමාන ව්‍යවහාරයේ දී කෙටිකතාවක් ලෙස හැදින්වෙන්නේ වචන 1000කට නො අඩු වූත් වචන 20 000කට නො වැඩි වූත් ප්‍රබන්ධ නිර්මාණයකි. වචන 1000කට වඩා අඩුවෙන් ඇති ප්‍රබන්ධ නිර්මාණ ඇතැම්විට කෙටි කෙටි කතා (short short stories) හෝ සැණ කථා (flash fiction) යනුවෙන් හැදින්වෙයි.
විද්‍යා ප්‍රබන්ධය උදෙසා පිරිනැමෙන ඇමරිකාවේ නෙබියුලා සම්මාන ඇගයුම් මණ්ඩලය විසින් විද්‍යා ප්‍රබන්ධ සහ ෆැන්ටසි කථා රචකයන්ට සපයා ඇති නිර්ණායකයන්ට අනුව එකී ශානරය උදෙසා ඔවුන් කෙටිකතාවක් ලෙස පිළිගනු ලබන්නේ වචන 7 500කට අඩු නිර්මාණයකි.
නවකතාවක් ලෙස හැදින්වීමට තරම් විශාල නොවූ එහෙත් කෙටිකතාවකට වඩා දීර්ඝ නිර්මාණ කෙටිනවකතා (novella) වශයෙන් හැදින්වෙන අතර මේවා ද කෙටිකතා මෙන් ම සංග්‍රහ වශයෙන් ප්‍රකාශයට පත් වේ.
 
== '''ලක්ෂණ''' ==
"https://si.wikipedia.org/wiki/කෙටිකතා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි