"විපස්සනාව" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
No edit summary |
||
1 පේළිය:
'''විපස්සනාව''' යනු අනිත්‍ය දුක්ඛ අනත්ත (තමාට අයත් නොවන) යන ත්‍රිලක්ෂණය නුවණින් මෙනෙහි කිරීමයි. විපස්සනා භාවනාව ඉන්දියාවේ පැරණිතම භාවනා ක්‍රමයක් වන අතර එය නැවත හඳුන්වා දෙන ලද්දේ ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් අවු. 2500 කට වඩා අතීතයේදීය. මෙම භාවනා ක්‍රමය බෞද්ධ අබෞද්ධ බොහොදෙනෙක් භාවිතා කරන අතර විදර්ශනා භාවනාව නම් වේ. එය බුදුරජාණන් වහන්සේ විසින් උගන්වන ලද බෞද්ධ භාවනා ක්‍රමයක් වුව ද, එය නිකායවාදි නොවන විශ්ව යෙදුමක් වේ. යමෙකුට විදර්ශනා භාවනාව වැඩීම සඳහා බෞද්ධාගම වැළඳ ගැනීම අත්‍යවශ්‍ය නොවේ. විපස්සනා
විපස්සනා භාවනාව බුදුදහමේ ප්‍රධාන භාවනා ක්‍රම දෙක වන සමථ හා විපස්සනා භාවනා ක්‍රම දෙකෙන් එකකි. සමථ භාවනාවෙන් සිත සන්සුන් කරන භාවනාවක් වන අතර, එය යෝගා වැනි ලෝකයේ වෙනත් භාවනා ක්‍රම වලට සමාන වේ. එය මඟින් සිත සන්සුන කර සිත විනිවිද දැකිම සඳහා අවශ්‍ය සිත එකඟ කර ගැනීමේ හැකියාව ලබා දේ. සමථ භාවනාවෙන් සිත සන්සුන් කළ හැකි වුවද සිතේ ස්වභාවය පැහැදිලිව අවබෝධ කර ගත හැක්කේ විදර්ශනා භාවනාවෙනි. එයින් ප්‍රඥාවට ද, ඉන් පසුව ඥානයට ද සිත යොමු වීමෙන් සිත නැවත අකුසලයට යොමු වීම වලක්වා ගත හැක. චතුරාර්ය සත්‍ය අවබෝධ කර සසර දුකින් අත්මිදිය හැක.
|