"ශ්‍රී ලංකාවේ ආගමික පසුබිම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
30 පේළිය:
 
== ඉස්ලාම් ==
{{ප්‍රධාන ලිපිය|ශ්‍රී ලංකාවේ ඉස්ලාමය}}
7 වන ශත වර්ෂයේ දී අරාබි ජාතික වෙළඳුන් විසින් ඉන්දියන් සාගරයේ වැඩි ප්‍රමාණයක වෙළඳ බලය අත්පත් කොටගෙන තිබුණි. එම නිසා ශ්‍රී ලංකාවට ද මොවුන්ගේ බලපෑම එල්ල විය. එකී තත්ත්වයන්ගේ ප්‍රතිඵලයක් ලෙස අරාබි ජාතිකයන් ශ්‍රී ලංකාවේ පදිංචි කරුවන් බවට පත් විය.මොවුන් තමන්ගේ ආගම වන ඉස්ලාම් ආගම ලංකාව තුල ව්‍යාප්ත කිරීමට උත්සහ කළහ. කෙසේ නමුත් 16 වන සියවසේ දී පෘතුග්‍රීසීන්ගේ ආගමනයත් සමඟම මුස්ලිම් ජාතිකයන් සතුව පැවති වෙළඳ බලය තමන් සතු කරගනීමට පෘතුග්‍රීසීන් උත්සහ දැරූහ. මෙම තත්ත්වය යටතේ මුස්ලිම් සම්භවක් සහිත පිරිස් වෙත පෘතුග්‍රීසීන්ගෙන් බලපෑම් එල්ල වන්නට විය.මෙම තත්ත්වයට මුහුණ දීම සදහා මුස්ලිම් ජාතිකයන් ශ්‍රී ලංකාවේ වෙරළබඩ කලාප වල සිට රට තුලට හා නැගෙනහිර ප්‍රදේශ වලට සංක්‍රමණය විය.වර්තමානයේ දී මුස්ලිම් ජාතිකයන්ගේ අවශ්‍යතා වුවමනා පිළිබඳව වැඩි දුරටත් සොයා බලීම සදහා 1980 දී 'මුස්ලිම් ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ දෙපාර්තුමේන්තුව' ආරම්භ කරන ලදී. මෙහි මූලික අරමුණ වනුයේ මුස්ලිම් ජාතිකයන්ගේ හුදකලා බව දුරුකරලීමයි.අද වන විට සිටින 10% පමණ වන මුස්ලිම් ජාතිකයන්ගෙන් වැඩි පිරිසක් අරාබි ජාතික සම්භවයක් සහිත මුර් ජන වර්ගයට අයත් අතර , දකුණු ඉන්දීය සම්බවයක්ම සහිත මරක්කල ජනවර්ගය හා සුළු ප්‍රතිශතයක් අග්නිදිග ආසියාවෙන් පැමිණි ජාවක මැලේ ජාතිකයන්ය.
 
"https://si.wikipedia.org/wiki/ශ්‍රී_ලංකාවේ_ආගමික_පසුබිම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි