"රොබට් නොක්ස් (නැවියා)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
සුළුNo edit summary
4 පේළිය:
'''රොබට් නොක්ස්''' ([[1641]]-[[1720]]) යනු [[බ්‍රිතාන්‍ය නැගෙනහිර ඉන්දියා වෙළෙඳ සමාගම |බ්‍රිතාන්‍ය නැගෙනහිර ඉන්දියා වෙළෙඳ සමාගමෙහි]] සේවය කල [[එංගලන්තය|ඉංග්‍රීසි]] නැව් කපිතාන් වරයෙකි. මොහු රොබට් නොක්ස් නමින්ම හැඳින්වුනු තවත් නැවි කපිතාන් වරයෙකුගේ පුත්‍රයා විය.
 
[[1659]] දී සාන්ත ජෝර්ජ් කොටුවේ(වර්තමානයේ [[මදුරාසියචෙන්නායි]])සිට තම ගම් රට බලා නැව් නැගි නොක්ස් වරුන් දෙදෙන කුණාටුවකට හසුව නැව් බිඳී මුහුදුබත්ව [[ලංකාව|ලංකාවේ]](දැන් [[ශ්‍රී ලංකාව]])වෙරළට ගසා ගෙන විත් එහි ගොඩ බටහ. [[මහනුවර]]රජුගේ අණ පරිදි [[ත්‍රිකුණාමලය]], මූදුතොර (මුතූර්)අසල දී නැවෙහි සේවක කණ්ඩායමේ තවත් 17 දෙනෙකු සමග මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබු අතර දෙවන රාජසිංහ නම් වූ [[ශ්‍රී ලංකාවේ පාලකයින්ගේ ලැයිස්තුව|ලංකාවේ රජු]]ගේ ආගන්තුක සත්තාර මධ්‍යයේ ජීවත්වීමට ඉඩ ලැබූහ.
[[Image: King Rajasingha II (1608-1687).jpg|thumb|150px|left|රොබට් නොක්ස් හා ඔහුගේ පිරිස ප්‍රදේශ අඩස්සියේ තබා ගත් '''දෙවන රාජසිංහ රජ'''-[[ඇන් හිස්ටොරිකල් රිලේෂන් ඔෆ් දි අයිලන්ඩ් සිලෝන්]] ග්‍රන්ථයේ]]
[[මහනුවර]] රාජධානිය තුල රිසි සේ සැරිසරමින්, විවාහපත්වී, දරුවන් ලැබ, තමන්ගේම නිවෙස් තනවා තමන් රිසි ජීවනෝපායයක යෙදෙමින් සිටීමට රජුගේ අවසරය නැවියන්ට ලැබුනද, රාජධානියෙන් පිටවීමට වරම් නොලැබූහ. නාවික සේවක පිරිසෙන් බොහොමයක් මහනුවරදී දේශීය කතුන් හා විවාපත් ව [[බර්ගර් ජනයා]] බිහිකිරීමෙහිලා මහෝපකාරී වූ අතර දැනටද ඉංග්‍රීසි‍යට හුරු අවසන් නම් වලට උරුම කම් කියති. [[මැල්රියාව]] වැලඳුනු පියා මිය ඇදුනද, තොප්පි විවීම, භාණ්ඩ වෙළඳාම සහ සහල් හා තිරිඟු ‍හා බැඳි ව්‍යාපාරයන්හි නියැලුනු නොක්ස් දිවි ගැට ගැස ගැනීමට සමත් විය. දහනව වසක් අත් අඩංගුවේ පසුවුනු නොක්ස් අවසානයේදී තවත් සහයාකයෙකු හා එක්ව පැන ගොස් දිවයිනෙහි වයඹ වෙරළ තීරයෙහි පිහිටි [[නෙදර්ලන්තය|ඕලන්ද]] ජනාවාසයක් වූ අරිප්පු වෙත ලඟා වූහ.
"https://si.wikipedia.org/wiki/රොබට්_නොක්ස්_(නැවියා)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි