"මාර්ටින් වික‍්‍රමසිංහ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: Reverted ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
ටැග: Reverted ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය Android app edit
3 පේළිය:
==ළමා කාළය==
 
මාර්ටින් වික‍්‍රමසිංහ 1890 මැයි 29 වන දින ළමාහේවගේ දොන් බැස්ටියන් වික‍්‍රමසිංහ සහ මාගාල්ල බලපිටිය ලියනගේ තොචෝහාමි යුවලගේ එක ම පිරිමි දරුවා ලෙස ශී‍්‍ර ලංකාවේ කොග්ගල ග‍්‍රාමයේදී උපත ලැබීය. කොග්ගල ග‍්‍රාමය එක් පැත්කින් ගල් පරයකින්ද, අනෙක් පසින් කොග්ගල ඔයේ අතුගංගාවන් විශාල ප‍්‍රමාණයකින් එකතුවන ජල ප‍්‍රවාහය විසින් නිර්මාණය කළ විශාල වැවකින්ද සමන්විත විය. මුහුද කුඩා දුපත්වලින් සමන්විත වූ වැව ශාක හා සතුන් ද පසෙකින් වූ වන ගහනයෙන් ද සුසැදි භූ දර්ශනයන් මෙන්ම ගම්මානයේ ජනතාවගේ වෙනස්වන ජීවන ක්‍රමයන් සහ සංස්කෘතිය ඔහුගේ පසුකාලීන නිර්මාණයන්නිර්මාණයන්p කෙරෙහි විශාල බලපෑමක් ඇති කරන ලදී.
 
වයස අවුරුදු පහේදී වික‍්‍රමසිංහ සිය නිවසේදී සහ ගමේ පන්සල් හාමුදුරුවන්ගෙන් සිංහල අකුරු උගත්තේය. ඔහු දේවනාගරී අක්‍ෂරද උගත් අතර හිතෝපදේශයේ පරිච්ජේයන් කටපාඩමින් කිවහැකි විය. අවුරුදු දෙකකට පසු ඔහුව ගමේ පාසැලට ඇතුලත් කරනු ලැබූ අතර ඔහු 1897 දක්වා එහි අධ්‍යාපනය ලැබීය. අනතුරුව ඔහුව ගාල්ලේ ඉංගී‍්‍රසි පාසැලක්වූ බොනවිස්ටා විද්‍යාලය වෙත ඇතුලත් කෙරින. එහි අධ්‍යාපනය ලැබූ වසර දෙක තුල වික‍්‍රමසිංහ ඉංගී‍්‍රසි මෙන්ම ලතින් භාෂාවන්ද ව්‍යයක්ත ලෙස හැසිරවීමට උගත්තේය. ඔහුගේ පියා මියයාමෙන් අනතුරුව ඔහු නැවතත් අහංගම පිහිටි සිංහල පාසැලට ඇතුලත් කරනු ලැබූ අතර එහිදී ඉගෙනීම කෙරෙහි වූ ඔහුගේ උනන්දුව වියැකී ගියේය.
"https://si.wikipedia.org/wiki/මාර්ටින්_වික‍්‍රමසිංහ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි