"විකිපීඩියා:විකිපීඩියාවට දායකවීම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
අරමුණ, අවතීර්ණ වීම, ප්‍රතිපත්ති සහ නීති රීති හි පරිවර්තන එක්කිරීම
සුළුNo edit summary
5 පේළිය:
==අවතීර්ණ වීම==
නවකයකු වශයෙන් විකිපීඩියාවට පිවිසෙන ඔබ තුළ ඇතැම් විට මෙම ව්‍යාපෘතියේ දැවැන්ත බවත් හමුවන උපදෙස් සහ රීති සමූහයත් හේතුවෙන් කිසියම් චකිතයක් ඇති විය හැකි ය. මුලදී ඔබට සෑම දෙයක් ම වටහා ගත නොහැකි වනු ඇත. ඒ ගැන කණගාටු නොවන්න. මන්දයත් සාමාන්‍ය බුද්ධියෙන් කටයුතු කිරීම ඔබට තහනම් කර නැති බැවින් සහ එය ඔබට නිවැරදි ව මගපෙන්වන බැවිනි. විකිපීඩියාව තුළ ලිපි තැනීමට, ප්‍රතිශෝධනය කිරීමට සහ සංස්කරණය කිරීමට ඉඩ සලසා ඇත්තේ ඔබ විසින් ඒ සිදුවනු දැකීමේ අටියෙන් ම ය. නමුත් ඔබට මෙය වනසා දැමීමට හැකියාවක් නොමැති බව ඔබ මතක තබා ගත යුතු ය. විකිපීඩියාව තුළ සංස්කරණයට සම්බන්ධ බොහෝ උපදෙස්, රීති ආදිය දක්නට ලැබුණත් විකිපීඩියාව සාමූහික ව කෙමෙන් කෙමෙන් ගොඩනැංවෙන දෙයක් බැවින් සෑම දෙයක් ම මුලදී පරිපූර්ණ ව නොතිබීමේ වරදක් නැත.
===මගපෙන්වීම්ම් සහ අත්පොත්===ත්
මෙම පිටුව හැරුණු විට ඔබට මගපෙන්වීමට තවත් බොහෝ [[උදවු පිටු|උදවු:පටුන]] ඇත. [[විකිපීඩියා නිබන්ධනය|විකිපීඩියා:නිබන්ධනය]] ඔබට සරල මූලික මගපෙන්වීමක් වනු ඇත. [[විකිපීඩියා පංචස්තම්භ|විකිපීඩියා:පංචස්තම්භ]] ඔබට විකිපීඩියාවේ ප්‍රධාන මූළධර්මයන් කිහිපය විස්තර කරනු ඇත.
===ගිණුමක් තැනීම===
විකිපීඩියාව කියවීම මෙන් ම සංස්කරණය කිරීමද ඔබට ගිණුමක් රහිත ව වුව කළ හැක. ගිණුමක් රහිත ව වුව විකිපීඩියාවට පිවිසෙන ඕනෑම අයෙකුට සෑම ලිපියක් ම පාහේ නැවත නැවත සංස්කරණය කිරීමට හැකියාව ඇත. එසේ නමුදු ගිණුමක් තැනීම විසින් ඔබට වාසි කිහිපයක් අත්කරදෙයි. එනම් නව ලිපි තැනීමට, මාධ්‍ය සම්පත් උඩුගත කිරීමට සහ ඔබගේ අයි. පී. ලිපිනය පිටු ඉතිහාසයහි සටහන් කරගැනීමෙන් තොර ව සංස්කරණය කිරීමට හැකි වීම ය. මෙම සබැදියට පිවිස පෝරමය පිරවීමෙන් ඔබට ගිණුමක් තැනිය හැකි ය. මෙයට ගතවන්නේ ඉතා සුලු මොහොතකි.
Line 24 ⟶ 26:
====ඇසුරු කළ මූලාශ්‍ර දැක්වීම====
====හැඩසවීම සහ කේතකරණය====
{{Main|විකිපීඩියා:සංස්කරණ_උපදෙස්}}