"විකිපීඩියා:විකිපීඩියාවට දායකවීම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
අරමුණ, අවතීර්ණ වීම, ප්‍රතිපත්ති සහ නීති රීති හි පරිවර්තන එක්කිරීම
1 පේළිය:
{{shortcut|WP:CTW}}
==විකිපීඩියාවේ අරමුණ==
 
අප අරමුණ වන්නේ පොදුජනතාවගේ ස්වේච්ඡා දායකත්වය හරහා සෑම විෂයක් ම ඇතුළත් කරගත් නිදහස් අන්තර්ජාල විශ්වකෝෂයක් ගොඩනැංවීම යි. අන්‍යෝන්‍ය ගරුත්වයෙන් සහ සහයෝගීතාවයෙන් යුතු ප්‍රජා පරිසරයක් තුළ එය සිදුවනු දැකීම අපගේ අපේක්ෂාවයි. යම්කිසි මාතෘකාවක් පිළිබද ව දැනට ලෝකයේ පිළිගැනීමට ලක් වී ඇති තොරතුරු සියල්ල ඇතුළත් කරගත් අපක්ෂපාතී සාරාංශයක් සැපයීම විකිපීඩියා විශ්වකෝෂයේ ලිපියකින් බලාපොරොත්තු වේ. විකිපීඩියාව සංස්කරණය කිරීමේ දී නිර්භීත වීමට සංස්කාරකවරුන් ව දිරිමත් කෙරෙන අතර තහවුරු කරන ලද කරුණු පමණක් ඇතුළත් කරගත් මැදහත් ආකෘතියක් අනුගමනය කිරීමට ද යෝජනා කරනු ලැබේ. විකිපීඩියාවේ රචනා කරනු ලබන ලිපි තුළ විශ්වකෝෂීය ලිපියකට උචිත භාෂා ශෛලියක් භාවිත කළ යුතු අතර රචනාමය, විචාරාත්මක හෝ මතවාදීමය බවක් පළ නොවිය යුතු ය.
විකිපීඩියාවේ ඉලක්කය වන්නේ මානව දැනුමෙහි සමස්තය එකට කැටි කොට [[වෙබ්-පාදක]], [[නිදහස් අන්තර්ගතය|නිදහස් අන්තර්ගතයකින් සමන්විත]] [[විශ්වකෝෂය|විශ්වකෝෂයක්]] නිපැයීමය. පහත දැක්වෙන අයුරින් '''විකිපීඩියාවට දායකත්වය සැපයීමෙන්''' මෙම ඉලක්කය සපුරාලනුවස් ඔබ හට උදවු විය හැක. බොහෝ ලිපි අරභයා සාමාන්‍ය නඩත්තු කටයුතු වඩාත් සිදුඅකිරීමට ඔබ රිසි නම්, කරුණාකර [[විකිපීඩියා:නඩත්තුව]] බලන්න. අත්‍යන්ත වැදගත්බවක් උසුලන ලිපි [[විකිපීඩියා:ප්‍රමත්ත සමුදාය]] හි දක්නට ලැබෙනු ඇත.
[[ගොනුව:Edit Button.ogv|thumb|250px|සංස්කරණය පිළිබඳ සදෘශ්‍යයක් (වීඩියෝවක්)]]
==අවතීර්ණ වීම==
 
නවකයකු වශයෙන් විකිපීඩියාවට පිවිසෙන ඔබ තුළ ඇතැම් විට මෙම ව්‍යාපෘතියේ දැවැන්ත බවත් හමුවන උපදෙස් සහ රීති සමූහයත් හේතුවෙන් කිසියම් චකිතයක් ඇති විය හැකි ය. මුලදී ඔබට සෑම දෙයක් ම වටහා ගත නොහැකි වනු ඇත. ඒ ගැන කණගාටු නොවන්න. මන්දයත් සාමාන්‍ය බුද්ධියෙන් කටයුතු කිරීම ඔබට තහනම් කර නැති බැවින් සහ එය ඔබට නිවැරදි ව මගපෙන්වන බැවිනි. විකිපීඩියාව තුළ ලිපි තැනීමට, ප්‍රතිශෝධනය කිරීමට සහ සංස්කරණය කිරීමට ඉඩ සලසා ඇත්තේ ඔබ විසින් ඒ සිදුවනු දැකීමේ අටියෙන් ම ය. නමුත් ඔබට මෙය වනසා දැමීමට හැකියාවක් නොමැති බව ඔබ මතක තබා ගත යුතු ය. විකිපීඩියාව තුළ සංස්කරණයට සම්බන්ධ බොහෝ උපදෙස්, රීති ආදිය දක්නට ලැබුණත් විකිපීඩියාව සාමූහික ව කෙමෙන් කෙමෙන් ගොඩනැංවෙන දෙයක් බැවින් සෑම දෙයක් ම මුලදී පරිපූර්ණ ව නොතිබීමේ වරදක් නැත.
==ගිණුමක් තනන්න ==<!-- this section heading is linked from WP:RESUME . Please fix the link in that page if you change this section heading -->
===ගිණුමක් තැනීම===
 
විකිපීඩියාව කියවීම මෙන් ම සංස්කරණය කිරීමද ඔබට ගිණුමක් රහිත ව වුව කළ හැක. ගිණුමක් රහිත ව වුව විකිපීඩියාවට පිවිසෙන ඕනෑම අයෙකුට සෑම ලිපියක් ම පාහේ නැවත නැවත සංස්කරණය කිරීමට හැකියාව ඇත. එසේ නමුදු ගිණුමක් තැනීම විසින් ඔබට වාසි කිහිපයක් අත්කරදෙයි. එනම් නව ලිපි තැනීමට, මාධ්‍ය සම්පත් උඩුගත කිරීමට සහ ඔබගේ අයි. පී. ලිපිනය පිටු ඉතිහාසයහි සටහන් කරගැනීමෙන් තොර ව සංස්කරණය කිරීමට හැකි වීම ය. මෙම සබැදියට පිවිස පෝරමය පිරවීමෙන් ඔබට ගිණුමක් තැනිය හැකි ය. මෙයට ගතවන්නේ ඉතා සුලු මොහොතකි.
විකිපීඩියාව කියවීම සඳහා එයට ඔබ [[විශේෂ:පරිශීලක ප්‍රවිෂ්ටය|ප්‍රවිෂ්ට විය යුතු]] යැයි අවශ්‍යතාවක් නොමැත. විකිපීඩියාවේ ලිපි සංස්කරණය කිරීමට පවා එයට ප්‍රවිෂ්ට වීය යුතුම නැත. ඕනෑම [[විකිපීඩියා:වාරණ ප්‍රතිපත්තිය |අයෙක් පාහේ]] විසින් ඕනෑම ලිපියක් [[විකිපීඩියා:ආරක්ෂණ ප්‍රතිපත්ති#අර්ධ-ආරක්ෂණය|පාහේ]] යම් කිසි වේලාවකදී සංස්කරණයට ලක් කිරීම, ප්‍රවිෂ්ට නොවී හෝ සිදු කල හැක. එනමුදු, ගිණුමක් තැනීම සඳහා මුදලක් අය නොකෙරෙන අතර එසේ කිරීමෙන් [[විකිපීඩියා:ගිණුමක් තනන්නේ ඇයි?|ප්‍රතිලාභ කිහිපයක්]] අත් වෙයි.
 
==ඔබට කල හැකි දේ==
[[ගොනුව:Great Feeling.ogv|thumb|left|250px|දායකත්වය සැපයීමෙන් අනෙකුත් සංස්කාරකවරු ලබන තෘප්තිය]]
==ප්‍රතිපත්ති සහ නීති රීති==
===ලිපි===
විකිපීඩියාව තුළ කිසිදු වෙනසකට ලක් කළ නොහැකි නීති රීති මාලාවක් නොමැත. ඇත්තේ පොදු මූලධර්ම කිහිපයක් පමණි. කෙසේනමුත් පිළිපැදිය යුතු ඇතැම් සම්මතයන් මෙන් ම හැසිරීමේ දී අනුගමනය කළ යුතු විනය රීතීන්ද පැනවිය හැකි ය. එනම් සංස්කාරකවරුන් එකිනෙකාට ගරු කරමින් සහයෝගයෙන් කටයුතු කළ යුතු අතර නොමනා හැසිරීම්වලින් වැළකිය යුතු ය.
===සාකච්ඡා කිරීම සහ සම්මුතීන්ට පැමිණීම===
විකිපීඩියා විශ්වකෝෂයේ තිරය පිටුපස සාමූහික ව කටයුතු කරන දැවැන්ත ස්වේච්ඡා ප්‍රජාවක් සිටී. එවැනි විශාල සමූහයක් තුළ විවිධ මතභේදයන් ඇතිවීම අසාමාන්‍ය දෙයක් නොවේ. මෙවන් අවස්ථාවන්හිදී සාකච්ඡා කිරීම තුළින් සම්මුතියකට පැමිණීම වැදගත් වේ. විකිපීඩියාවේ සෑම ලිපියක් වෙනුවෙන් ම සාකච්ඡා පිටුවක් ඇති අතර පිටුවේ ඉහළ සාකච්ඡාව යන ටැබය මත ක්ලික් කිරීමෙන් එයට පිවිසිය හැකි ය. සාකච්ඡා පිටුවේ දී සංස්කාරකවරුන්ට ලිපිය වැඩිදියුණු කළ යුතු අන්දම ගැන සිය අදහස් පළ කළ හැකි ය. විකිපීඩියාවේ ප්‍රජාවේ සාමාජිකයකු නොවන අයකුට පවා ඊට එක්විය හැකි ය. ඔබ විසින් සිදුකළ කිසියම් සංස්කරණයක් තවත් සංස්කාරකවරයෙකු විසින් ආපසු පෙරළන ලද්දේ යැයි සිතමු; ඔබට ඒ ගැන සාකච්ඡා පිටුවේ විමසිය හැකි ය. සාකච්ඡාව තුළ දී ඔබ ආචාරශීලීව හැසිරීමත් අන් අයද ඔබ මෙන් ම විකිපීඩියාව දියුණු කිරීමේ අරමුණින් ම කටයුතු කරන බව හැගීමත් වැදගත් ය. සංස්කරණ යුද්ධය හෙවත් කිසියම් ප්‍රතිහරණය කරන ලද සංස්කරණයක් නැවත නැවත කිරීම හැකි සෑම විට ම මගහරින්න.
විකිපීඩියාවේ පවතින ලිපි හැරුණු විට අනෙකුත් පිටු සම්බන්ධයෙන්ද සාකච්ඡා පිටු ඇත. නිදසුනක් ලෙස සෑම පරිශීලකයකු ම සදහා පරිශීලක පිටුවක් ඇති අතර ඒ සම්බන්ධවද සාකච්ඡා පිටුවක් දක්නට ඇත. තවත් පරිශීලකයකු සමග අදහස් හුවමාරු කරගැනීමට මෙය භාවිත වෙයි. ඔබට තවත් අයකුගෙන් මෙවන් පණිවිඩයක් ලැබුණු විට ඔබ විකිපීඩියාවට නැවත පිවිසුණු විටක හෝ ලිපියක් කියවන විටක ඒ බව දන්වමින් පණිවිඩයක් දිස්වනු ඇත. ඔබටද තවත් අයෙකුගේ පරිශීලක සාකච්ඡා පිටුව සංස්කරණය කිරීමෙන් ඔබේ කිසියම් පණිවිඩයක් ඔවුනට පැවසිය හැකි ය.
==දායක වීමට මූලික ව දැනසිටිය යුතු කරුණු==
{{උද්ධරණ කොටුව
| quote = ලිපි තැනීමට ඔබහට උදවු විය හැකි මායා අඳුනක් භාවිතා කිරීම කෙරෙහි අවධානය යොමුකරන්න. [[විකිපීඩියා:ලිපි තැනීමේ මායා අඳුන | මායා අඳුන]] බලන්න.'''''
Line 17 ⟶ 20:
| align = right
}}
===අන්තර්ගතය සහ සංවර්ධන මිනුම්===
විකිපීඩියාවේ මහත් කොටසක් සමන්විත වන්නේ ලිපි වලිනි. එක් එක් ලිපිය කිසියම් [[මාතෘකාව-පරිකථනය|මාතෘකාවක්]] පිළිබඳ වෙයි.
====ලිපියක් සංස්කරණය කිරීම====
====ඇසුරු කළ මූලාශ්‍ර දැක්වීම====
====හැඩසවීම සහ කේතකරණය====