"එක්සත් ජාතික පක්‍ෂය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Reverted 1 edit by 61.245.173.199 (talk) to last revision by Fahimrazick. (TW)
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
58 පේළිය:
2007 මුල දී එක්සත් ජාතික පක්ෂය ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් 18ක් මහින්ද රාජපක්ෂගේ සන්ධාන ආණ්ඩුවට එක්විය. ඔවුන් සියල්ලන්ටම ඇමැති හා නියෝජිත ඇමති පදවි දුනි. එහි ප්‍රතිඵලයක් ලෙස එක්සත් ජාතික පක්ෂ නායකයා හා ජනාධිපති අතර 2006 අග දී අත්සන් කළ අව‍බෝධතා ගිවිසුමේ වලංගුතාවයක් නොමැති වීමෙන් දේශපාලනික අර්බුදයක් මතුවිණි. මෙම සිදුවීම පුවත්පත් මඟින් හැඳින්වූයේ රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු කීප දෙනෙක්ම සඳහන් කළේ පාලනය විපක්ෂට යාමත් ඇමතිවරු විශාල ප්‍රමාණයක කැබිනට් මණ්ඩලයක් බවට අමාත්‍යය මණ්ඩලයට පත් වූ බවයි. 2007 පෙබරවාරි 9 දින අලුත් දේශපාලනික සිදුවීම, එම තත්වය ගැන අදහස් දැක්වූ ඇමතිවරු තිදෙනෙක් ඇමති ධූරවලින් නෙරපා දමන ලදී.
 
2015දි පැවති ජනාධිපතිවරණයෙන් තේරී පත්වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඔහුට මූලික සහාය ලබාදුන් එජාපයට ආණ්ඩු බලයත් අග්‍රාමාත්‍ය ධූරයත් ප්‍රදානය කරන ලදී.
 
2015 ජනවාරි 17 දින කැඳවූ අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ආසන 106ක් හිමිකරගත් අතර ලංකා ඉතිහාසයේ වැඩිම මනාප ගත් පුද්ගලයා ලෙස රනිල් වික්‍රමසිංහ මනාප ලක්ෂ පහක් ලබාගෙන ඉතිහාස ගත වුනි.
 
කෙසේ වුවද එසේ තිබියදීත් 2017 පෙබරවාරි මස 10 දින පැවති පලාත් පාලන මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය අන්ත පරාජයකට පත්විය.
 
දුන් පොරොන්දු ඉටු නොකිරීම නිසා රජයට අනතුරු ඇඟවීමක් කිරීමට පාක්ෂිකයන් ඡන්දය ප්‍රකාශ කළ බවට බොහෝ දෙනාගේ මතය විය.
 
මෙම සිද්ධියෙන් පසු නැවතත් නායකත්වය වෙනස් කලයුතු බවට පසුපෙළ මන්ත්‍රීවරුන් හා විශාල පිරිසකගේ අදහස තිබූ අතර ඒකාබද්ධ විපක්ෂය විසින් අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණි.එම විශ්වාසභංග යෝජනාව පරාජය කළ පසු පක්ෂයේ වෙනසක් කරන බවට නායකත්වය දැනුම්දුන් නිසා එක්සත් ජාතික පක්ෂය තවමත් එක්සත් බව පෙන්වමින් ඔවුන් එක්ව විශ්වාසභංගය පරාජය කළ නමුත් පක්ෂයේ කල වෙනස නායකත්වය දක්වා වෙනසක් නොවීය.
එහිදී පක්ෂයේ නව මහලේකම්වරයා ලෙස අකිල විරාජ් කාරියවසම් මහතා පත්වුන අතර නවීන් දිසානායක මහතා පක්ෂයේ ජාතික සංවිධායක ලෙස පත්වුනා.තවද පක්ෂයේ උපනායක ලෙස රවී කරුණානායක පත්වූ අතර ඊට දැඩි සේ විරුද්ධ වූ හිටපු ඇමති ජෝෂප් මයිකල් පෙරේරා මහතා පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉල්ලා අස්විය.
 
== සටහන් ==
"https://si.wikipedia.org/wiki/එක්සත්_ජාතික_පක්‍ෂය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි