ප්‍රධාන මෙනුව විවෘත කරන්න

වෙනස්කම්

Fixed typo
 
=== '''ස්වදේශී ඇමෙරිකන් සහ යුරෝපීය ජනාවාස''' ===
වසර 40,000 කට සහ 12,000 කට පෙර කාලයක් තුල දී එක්සත් ජනපද මහා භූමියේ නිපන් වාසීන්, ඇලස්කාවේ ස්වදේශිකයන් ද ඇතුළුව, ආසියාවෙන් සංක්‍රමණය වූවන් යැයි විශ්වස කෙරෙයි. පූර්ව-කොලොම්බියානු මිස්සිප්පියන් සංස්කෘතිය වැනි සමහර පිරිස් කෘෂිකාර්මික අතින්, විශිෂ්ට ගෘහ නිර්මාණ ශිල්පයෙන්, රාජ්‍ය මට්ටමින් වූ සමාජය වර්ධනය කර දියුණු කළහ. යුරෝපීයයන් ඇමෙරිකාවට අවුත් පදිංචි වීමත් සමඟ පිටතින් ගෙනා මසූරිකා වැනි බෝවෙන රෝග නිසා මිලියන ගණනින් ඇමෙරිකන් නිපන් වාසීන් මිය යන ලදැයි සැලකේ.සැලක අද "යූ.එස්. මහා භූමිය" යනුවෙන් හැඳින්වෙන මුළු භූමිය එක කාලයක නිපන් වාසීන්ගේ භූමියයි.
 
1492 දී ස්පාඤ්ඤ කිරුළ යටතේ වූ ගිවිසුමක සිටිය දී ක්‍රිස්ටෝෆර් කොලම්බස් විසින් කැරීබියන් දිවයින් කිහිපයක් සොයා ගැනේ. එහි දී නිපන් වාසීන් සමඟ මුල් හමුව සිදුවෙයි. 15131613 අප්‍රේල් 2 වැනිදා හුවාන් පොන්සෙ ඩ ලියොන් නම් වූ ස්පාඤ්ඤ ගවේෂකයා ඔහු "ලා ෆ්ලෝරීඩා" නමින් හැඳින් වූ ස්ථානයට ගොඩ බසියි. ඔහු වාර්තාගත ඉතිහාසයේ එක්සත් ජනපද මහා භූමියට ගොඩවෙන මුල් ම යුරෝපීයයාය. වර්තමාන නිරිත දිග පෙදෙස් හි ජනාවාස හැදෙන්නේ මේ පළාතේ ස්පාඤ්ඤ ජනාවාස වලින් අනතුරුව ය. සිනිඳු ලෝම ඇති සත්ව හම් ව්‍යාපාරයේ යෙදුනු ප්‍රංශ ජාතිකයන් මහා විල් වටා නව ප්‍රංශය නමින් වෙළඳ ගණුදෙනු වලට ස්ථාන ඉදි කළහ. මෙක්සිකෝ සමුද්‍රවංකය දක්වා පහළටත්, උතුරු ඇමෙරිකාවේ මැද පළාත් බහුතරයටත් අයිතිය වූයේ ප්‍රංශයටයි. ප්‍රථම සාර්ථක ඉංග්‍රීසි ජනාවාසය වූයේ 1607 දී ජේම්ස්ටවුන් හි වර්ජීනියා ජනවාසය සහ 1620 දී ප්‍රිල්ග්‍රිම්ස්ප්‍රිල්ග්‍රිමස් ප්ලිමත් ජනාවාසයයි. සංක්‍රමණික රැල්ලක් පටන් ගැනීමෙන්ගැනමෙන් 1628 දී මැසචූසෙට්ස් බේ ජනාවාසය පිහිටුවන ලදි. 1634 වෙද්දී නව එංගලන්තය යැයි හැඳින්වෙන භූමි පෙදෙස් හි පියුරිටන් යැයි සැලකෙනසැලකෙ වැසියන් 10,000 ක් පදිංචි වී සිටියහ. 1620 අග භාගයේ දී සහ ඇමෙරිකන් අරගලයේ දී, අපරාධකරුවන් 50,000 ක් බ්‍රිතාන්‍ය ඇමෙරිකන් ජනාවාසයන්ට නැව් මඟින් එවන ලදි. 1614 ආරම්භයේ දී, ඕලන්ද ජාතිකයන් හඩ්සන් ගඟ පහතින් සහ මෑන්හැටන් දූපතේ නිව් ඇම්ස්ටර්ඩෑම් හි පදිංචි වී සිටියහ.
 
1674 දී ඕලන්ද ජාතිකයන් තම ඇමෙරිකන් භූමි පෙදෙස් එංගලන්තයට උත්ත්‍යක්ත කළහ. නිව් නෙදර්ලන්තය නමින් වූ දිස්ත්‍රික්කය නිව් යෝර්ක් යැයි නම් විය. 1630 සහ 1680 අතර රටට පැමිණි සංක්‍රමණිකයන් විශාල සංඛ්‍යාවක්, විශේෂයෙන් ම දකුණු පළාත් වලට සහ වර්ජීනියාවට පැමිණි තුනෙන් දෙකක් වූයේ ගිවිසුමකට බැඳී සිටි සේවකයන් ය. 18 වැනි ශ. ව. අවසන් වෙද්දී බොහෝ පෙදෙස් වල ඇපයට බැඳුනු ශ්‍රමිකයන් සඳහා මූලික ආකරය වූයේ අප්‍රිකානු වහලුන් ය. 1729 දී කැරලයිනා බෙදීමත්, 1732 දී ජෝර්ජියාව ජනාවාස වීමත් සමඟින් ඇමෙරිකා එක්සත් ජනපදයේ මුල් බ්‍රිතාන්‍ය උපනිවේෂ දහතුන පිහිටුවන ලදි. ඒ සියල්ලේ ම බහුතර නිදහස් පුරුෂයන්ට චන්ද අයිතිය තිබි පළාත් ආණ්ඩු තිබිණ. ජනරජවාදයට සහයෝගය ලබා ගැනීමට උත්ප්‍රේරකයක් ලෙසින් ස්ව-ආණ්ඩු හැදියාවකටත් පැරණි ඉංග්‍රීසි ජාතිකයන්ගේ අයිතීන් වෙතට වැඩිවෙන කැමැත්තක් ද පැතිර ගියේය. අප්‍රිකානු වහල් ශ්‍රමය භාවිතය සියළු උපනිවේෂයන් හි නීතිගත වූවකි. ඉහළ උප්පත්ති අනුපාතයකින්, පහළ මරණ අනුපාතයකින්, සහ නොනවත්වා ඇදී එන සංක්‍රමණිකයන් නිසා උපනිවේෂ ජනගහණය ඉතා ඉක්මණින් ඉහළ ගියේය. 1730 ගණන් වල දී සහ 1740 ගණන් වල දී පැතිර ගිය ක්‍රිස්තියානි පුනර්වන ව්‍යාපාරය නොහොත් මහා පුබුදුවීම සිද්ධ වූ සමයේ ආගම ගැනත් ආගමික නිදහස ගැනත් මහත් උනන්දුවක් ජනිත විය. ප්‍රංශ සහ ඉන්දියානු යුද්ධයේ දී, බ්‍රිතාන්‍ය හමුදාවන් කැනඩාව ප්‍රංශයෙන් අල්ලා ගන්නට සමත් වූහ. එහෙත් ප්‍රංශ ආභාෂයෙන් වූ ජනතාව දේශපාලනිකව දකුණු උපනිවේෂයන් වෙතින් ඈත් වී සිටින්නට සමත් වූහ. ගම් නියම් අහිමි වූ ස්වදේශී ඇමෙරිකන් ජනතාව හැරෙන්නට, ඒ උපනිවේෂ දහතුනේ ජනගහණය 1770 දී මිලියන 2.6 ක් විය. එය එවක බ්‍රිතාන්‍යයේ ජනගහණයෙන් තුනෙන් එකකි. සියළු ඇමෙරිකන් වැසියන් ගත් කල, සෑම පස් දෙනෙකු ගෙන් ම එක් අයෙක් කළු වහලෙක් විය. බ්‍රිතාන්‍ය බදු වලට යටත් වූවාට, ඇමෙරිකන් යටත්විජිත නායකයන්ට මහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ නියෝජිතයන් වෙන්නට අවස්ථාවක් නොලැබිණ.

සංස්කරණ

1

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/422451" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි