"බොස්නියානු යුද්ධය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:යුද්ධ එක් කරන ලදී. HotCat භාවිතයෙන්
නව ඡේදය
ටැගය: 2017 source edit
 
3 පේළිය:
යුද්ධය [[යුගෝස්ලාවියාව]] බිඳවැටීමේ අතුරු ප්‍රතිඵලයක් ද විය. 1991 දී සමාජවාදී ෆෙඩරල් යුගොස්ලාවියානු ජනරජයෙන් [[ස්ලෝවේනියාව]] සහ ක්‍රෝඒෂියාව වෙන්ව යාමෙන් පසු බහු-වාර්ගික සමාජවාදී බොස්නියා සහ හර්සගොවිනා ජනරජය නිදහස සඳහා ජනමත විචාරණයක් 1992 පෙබරවාරි 29 සම්මත කර ගත්තේය. බොස්නියා සහ හර්සගොවිනා හි ප්‍රධාන වශයෙන් මුස්ලිම්වරු (44%) වාසය කල අතර ඕතඩොක්ස් සර්බියන්වරු (32.5%) සහ කතෝලික ක්‍රෝඒශියන්වරු (17%) ද වාසය කළහ.
 
ජනමත විචාරණය වර්ජනය කල බොස්නියානු සර්බියන්වරුන්ගේ දේශපාලන නියෝජිතයෝ එය ප්‍රතික්ෂේප කළහ. බොස්නියා සහ හර්සගොවිනා හි නිදහස ප්‍රකාශයට පත් කිරීමත් සමඟ බොස්නියන් සර්බියානුවන්, [[රඩෝවාන් කැරඩිච්]] ගේ යටතේ සහ Scobodan ගේ සර්බියානු රජයේ සහ යුගොස්ලාවියානු මහජන හමුදාවේ ආධාර ඇතිව ඔවුන්ගේ හමුදා බොස්නියා සහ හර්සගොවිනාවට යවන ලදී. එමගින් ඔවුන් බොස්නියාව තුළ තිබූ සර්බියානුවන්ගේ වාර්ගික භූමි ප්‍රදේශ රැක ගැනීමට අපේක්ෂා කළහ. එමගින් වාර්ගික ජන සංහාරයක් ද සමග මුළු රට පුරාම වේගයෙන් යුද්ධය පැතිර ගියේය. ගැටුම මූලික වශයෙන් පැවතුණේ එක් පසෙක බොස්නියාවේ යුගොස්ලාවියානු හමුදා ඒකක (පසුව රිපබ්ලිකා ස්ප්ර්ස්කා බවට පත් වූ) සහ අනෙක් පස බොස්නියා සහ හර්සගොවිනා ජනරජයේ හමුදාව (විශාල වශයෙන් බොස්නියැක්වරුන්ගෙන් සමන්විත වූ) අතරය. 1992 අවසන් භාගය වන විට ක්‍රෝඒෂියානුවන් සහ බොස්නියැක්වරු අතර ද අසමගිය වර්ධනය වන්නට විය. එනිසා 1993 මුල් භාගය වන විට ක්‍රෝඒෂියන්-බොස්නියැක් යුද්ධයක් හට ගැනුණි. බොස්නියානු යුද්ධය කටුක සටන්,ගම් නගරවල ෂෙල් වෙඩි පිපිරීම්, වාර්ගික සංහාර ආදියෙන් සමන්විත විය. සරෙජිවෝ අත්පත් කරගැනීම සහ ස්‍රේබ්‍රේනිකා සමූහ ඝාතනය එම යුද්ධයේ වඩාත් කතාබහට ලක් වූ සිදුවීම් විය.
 
ආරම්භයේදී සාර්බියානු ගැටුම්කාරින් යුධමය වශයෙන් වඩාත් බලවත් විය. ඒ JNA මගින් ඔවුන් වෙත සපයන ලද ආයුධ සහ සම්පත් හේතුවෙනි. නමුත් 1994 දී රිපබ්ලිකා ස්ප්ර්ස්කාට එරෙහිව බොස්නියානු සහ ක්‍රෝඒෂියානු ගැටුම්කාරින් එක් වීමත් සමග සර්බියානුවන් දුර්වල වන්නට විය.
 
[[ප්‍රවර්ගය:යුද්ධ]]
"https://si.wikipedia.org/wiki/බොස්නියානු_යුද්ධය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි