"නත්තල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
සුළු 87.6.190.24 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් 124.43.19.47 ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැග: Rollback Undo
86 පේළිය:
=== ක්‍රිස්තුන් වහන්සේගේ පහළවීමට පළමු (ක්‍රිස්තියානි පූර්ව) සම්භවයන් ===
 
බොහෝ සංස්කෘතීන් හී අවුරුද්ද පුරා පවත්වන උත්සව අතරින් සම්ප්‍රදායක් ලෙස වඩාත් ම ජනප්‍රිය වූයේ ශීත සෘතුවේ දී පවත්වනු ලබන එක්තරා උත්සවයකි. මෙයට හේතුව වූයේ ශීත කාලයේ දී ගොවිතැන් කටයුතු අඩු වීම සහ උතුරු අර්ධ ගෝලයේ පවත්වනු ලබන ශීත සෘතු සූර්යනියුක්තියෙන් පසු ජනතාව විසින් දීර්ඝ දිනයන් මෙන් ම කෙටි රාත්‍රියන් ද බලාපොරොත්තු වීමයි. නූතන නත්තලේ මිථ්‍යාදෘෂ්ටික චාරිත්‍ර වලට ඇතුළත්වන ක්‍රියාවන් සමහරක් නම්: රෝමානු උත්සවයකින් (BabiloniaRoman Saturnalia) පැවත එන තෑගි බෙදා දීම සහ සිනහ උපදවන ක්‍රියා කිරීම; රෝමානු අලුත් අවුරුද්දෙන් පැවත එන අලංකාර තුරුලිය, ආලෝක පහන්, පින් කටයුතු; ජර්මානු උත්ස‍වයකින් (Teutonic Feasts) පැවත එන [[යූල්]] කොට (Yule Log) සහ විවිධ ආහාර වර්ග යි. මෙම චාරිත්‍ර සැකසී ඇත්තේ පහත සඳහන් උත්සව ආදි විවිධ ශීත සෘතු උත්සව වලින් බව කියැවේ.
 
==== නැටාලිස් සොලිස් ඉන්වික්ටි (''Natalis Solis Invicti'') ====
 
රෝමානු ජාතිකයින් විසින් දෙසැම්බර් 25 වන දින "ඩයිස් නැටාලිස් සොලිස් ඉන්වික්ටි" ( Dies Natalis Solis Invicti) යන නමින් උත්සවයක් පවත්වා තිබේ. මෙහි තේරුම වන්නේ "අපරාජිත හිරුගේ උපන්දිනය" යන්නයි. මෙහි දී යෙදෙන සොල් ඉන්වික්ටස් (sol invictus) යන යෙදුම නිසා, සිරියානු හිරු දෙවියෙකු වන [[එලා ගේබල්]] (Elah-Gabal); [[ඕරලියන්]] අධිරාජ්‍යයාගේ (SantEmperor GeorgeAurelian) දෙවියන්; පර්සියානු සම්භවයකින් යුත් [[මිත්‍රාස්]] (Mithras) නම් වූ සොල්දාදුවන්ගේ දෙවියන් වැනි හිරු දෙවියන් රැසකට ඔවුන්ට වන්දනා කල හැකි විය.
 
එකල ශීත සෘතු සූර්යකාන්තිය බිඳ වැටුණු දිනය ලෙස දෙසැම්බර් 25 වන දා සලකා තිබේ. (වර්තමාන කාලයන්ට අනු‍ව මෙම දිනය දෙසැම්බර් 21 හෝ 22 වන දා යෙදේ) එදින [[සූර්යයා]] අපරාජිත බව සනාථ වී, ක්ෂිතිජයේ උතුරු දෙසට ගමන් කරන බව කියැවේ. බොහෝ ක්‍රිස්තියානි කතෘවරුන් විසින් සූර්යයාගේ මෙම නැවත ඉපදීම, ජේසුස් වහන්සේගේ නැවත ඉපදීමට සම්බන්ධ කර ඇත.
"https://si.wikipedia.org/wiki/නත්තල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි