"ජෝසෆ් ස්ටාලින්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව ඡේදය
ටැගය: 2017 source edit
67 පේළිය:
 
රුසියානු අධිරාජ්‍යයේ ගෝරි හි දුප්පත් පවුලක හැදී වැදුණු ස්ටාලින්, තරුණ වියේ දී රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂයට බැඳුණේය. ඔහු පක්ෂයේ පුවත්පත වූ ''ප්‍රව්දා'' සංස්කරණය කල අතර සොරකම්, පැහැරගැනීම් සහ ආරක්ෂක කල්ලි (protection rackets) ලෙස කටයුතු කරමින් ව්ලැඩිමීර් ලෙනින් ගේ බෝල්ෂෙවික් පක්ෂය සඳහා අරමුදල් සපයා දුන්නේය. බොහෝ වාර ගණනක් අත්තඩංගුවට පත් වූ ඔහු පිටුවහල් කිරීම් කිහිපයකට ද ලක්විය. 1917 ඔක්තෝබර් විප්ලවය මගින් බෝල්ෂෙවික්වරු බලය ලබාගෙන රුසියානු සෝවියට් ජනරජය පිහිටුවීමෙන් පසු, ස්ටාලින් රුසියානු සිවිල් යුධ සමයේ පාලන තන්ත්‍රයෙහි අසුන් ගනිමින් 1922 දී සෝවියට් සංගමය පිහිටුවීමට සහාය දුන්නේය. ලෙනින්ගේ විරුද්ධත්වය නොසලකා හරිමින් 1924 දී ඔහුගේ මරණයෙන් පසු ස්ටාලින් බලය තහවුරු කර ගත්තේය. ස්ටාලින් ගේ නිල කාලය තුලදී "එක රටක සමාජවාදය" මූලික සංකල්පයක් බවට පත් වූ අතර ලෙනින්ගේ නව ආර්ථික ප්‍රතිපත්තිය, මධ්‍යගත කරන ලද සැලසුම් කල ආර්ථිකය, කාර්මීකරණය සහ රාශිභූතකරණය (Collectivization) මගින් ප්‍රතිස්ථාපනය කරන ලදී. මේවා මගින් රට කාර්මික බලවතෙකු බවට සිඝ්‍රයෙන් පරිවර්තනය වූ නමුත් ආහාර නිෂ්පාදනය කෙරෙහි බලපෑම් ඇති කිරීම නිසා 1932-33 අතර කාලයේ දී විශේෂයෙන්ම [[යුක්රේනය|යුක්රේනයට]] වැඩි බලපෑම් එල්ල කල සාගතය ඇති කිරීමට හේතු විය. ඒවා "වැඩ කරන පන්තියේ සතුරන්" ලෙස සළකා මුලුනුපුටා දැමීම සඳහා 1934 සිට 1939 දක්වා ස්ටාලින් මහා පවිත්‍රකරණය/නෙරපා හැරීම (Great Purge) ක්‍රියාත්මක කර ඉහළ දේශපාලන සහ හමුදා නිලධාරින් ද ඇතුළුව සිය දහස් ගණනක් සිරගත කිරීම, පිටුවහල් කිරීම හෝ මරණ දඬුවමට ලක් කිරීම සිදු කරන ලදී.
 
[[ප්‍රවර්ගය:රුසියානුවන්]]
[[ප්‍රවර්ගය:රුසියාව]]
"https://si.wikipedia.org/wiki/ජෝසෆ්_ස්ටාලින්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි