"රිචඩ් ද සොයිසා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
21 පේළිය:
 
===පැහැරගෙන යාම සහ ඝාතනය===
ඔහුගේ මතයන් සහ මාධ්‍ය ක්‍රියාකාරකම් නොඉවසු කණ්ඩායමක් විසින් 1990 පෙබරවාරි 18 වන දින ඔහු පැහැරගෙන ගොස් ඝාතනය කරනු ලැබීය. රිචඩ් දී සොයිසාව මරා දැමුවේ ඔහු පෘතුගාලයේ ලිස්‌බන් නුවර ඉන්ටර්ප්‍රෙස්‌ ප්‍රවෘත්ති සේවයේ රාජකාරී භාර ගැනීමට ගිවිසුම් අත්සන් කරගෙන තිබූ අවස්ථාවකය. ඝාතනය වන සමයේ රිචඩ් ද සොයිසා සහ ඔහුගේ මව වැලිකඩ වත්ත නිවාස සංකීරණයේ ජිවත් වූහ. 1990 පෙබරවාරි මස 18 වන දින පාන්දර 3.30 ට ඔහුගේ නිවසට කඩා වැදුණු හඳුනා නොගත් සන්නද්ධ කණ්ඩායමක් විසින් කිසිඳු හේතුවක් නොදක්වා ඔහුව බලහත්කාරයෙන් නිවසේදී පැහැර ගැනුණි. ඔවුන් විසින් පැහැර ගැනීමට සඳහා 32 ශ්‍රී 4748 දරණ ලියාපදිංචි අංකය සහිත කොළ පැහැති ජීප් රථයක් භාවිත කොට තිබුණි. පැහැර ගැනුණු අවස්ථාවේ මව සහ රිචර්ඩ් ගේ සමකාලීන මිත්‍රයෙකු වූ A.V. කරුණාරත්න නිවසේ සිට ඇත. රිචර්ඩ් ගේ පැහැරගැනීම සම්බන්ධයෙන් ඔහු ගේ මව වන ආචාර්ය මනෝරාණි සරවනමුත්තු විසින් එදිනම පාන්දර 4.15 පමණ වැලිකඩ පොලිසියේ පැමිණිල්ලක් ගොනු කර තිබුණි. පහරපැහැර ගැනුණු අවස්ථාවේදී ඇසින් දුටු සාක්ෂි 7 ඉතිරි විය. ඔවුන් ආචාර්ය මනෝරාණි සරවනමුත්තු ( මව ) , ගාල්ලේ ඇලටිය විතානගේ කරුණාදාස ( ඉන්ටර්ප්‍රෙස්‌ ප්‍රවෘත්ති සේවයේ මාධ්‍ය සහායක ) , ඔහුගේ බිරිඳ එල්. එම්. මල්ලිකා, සරස්‌වතී ( නිවසේ සේවිකාවක් ) , නිවසෙහි යට තට්ටුවේ පදිංචිව සිටි ඇල්ලේපොල යුවල සහ උනන්තැන්නය ( අසල් වැසියෙකු ) ලෙස සඳහන් විය.
 
පසු දින ( 1990 පෙබරවාරි මස 19 ) රිචඩ් ද සොයිසාගේ නිරුවත් මළ සිරුර මොරටුව කොරළවැල්ල දුම්රිය ස්‌ථානය අසළ වෙරළට ගොඩගසා තිබියදී ප්‍රදේශවාසීන්ට හමු විය. ධීවර බෝට්‌ටු හිමියකු වන මාකස්‌ ප්‍රනාන්දු විසින් මුහුදේ පාවෙමින් ගොඩ බිම දෙසට ගසාගෙන පැමිණෙමින් තිබු නිරුවත් මළ සිරුරක් ප්‍රථමයෙන් දැක තිබුණි. ඒ අසල ඔහුගේ සොහොයුරෙකු වන නිමල් ප්‍රනාන්දුද සිට ඇත. විශාල වශයෙන් ශරීරය ඉදිමිමකට ලක්වූ තිබු බැවින් එය කිසිවෙකුටවත් හඳුනා ගැනීමට නොහැකි විය. පසුව පොලිසියට දැනුම් දීමෙන් පසුව මෘත ශරීරය කළුබෝවිල රෝහලට යැවුනි. මොරටුව පොලිසිය මගින් එම ගොඩ ගසා තිබු මල සිරුර පිළිබඳව ශ්‍රී ලංකාවේ සියලුම පොලිස් ස්ථාන දැනුවත් කර තිබුණි. වැලිකඩ පොලිසියට ද එම පණිවිඩය ලැබී තිබූ බැවින් එම ආරංචිය පොලිසිය විසින් රිචර්ඩ්ගේ නිවසට පැමිණ දන්වන ලදී. රාත්‍රී 9.45 ට පමණ කළුබෝවිල රෝහලට පැමිණි ඔහුගේ මව සහ රිචර්ඩ්ගේ ලඟම මිත්‍රයෙකු වන තාරකී සිවරාම්  විසින් එම මළ සිරුර රිචඩ් ද සොයිසාගේ යැයි තහවුරු කරනු ලැබීය. ( තාරකී සිවරාම් මාධ්‍යවේදියව ද 2005 දී ඝාතනය කරනු ලැබීය ) රිචඩ් ද සොයිසාගේ මළ සිරුර හමුවන විට මෘත ශරීරය විශාල ලෙස ඉදිමි තිබූ අතර හිසේ පිටුපස සහ උගුරේ වෙඩි වැදුණු තුවාල තිබී ඇත. එයට අමතරව ඔහුගේ මුඛයේ හකු ඇට බිඳී තිබු බව පොලිසිය විසින් සනාථ කොට තිබුණි. රිචර්ඩ් දී සොයිසාගේ මෘත දේහය ඔහුගේ මහා ගෙදර වන අංක 42 දරණ නිවසේ තැන්පත් කර තිබුණි.
"https://si.wikipedia.org/wiki/රිචඩ්_ද_සොයිසා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි