"රිචඩ් ද සොයිසා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
18 පේළිය:
==ජීවිතය සහ මරණය==
===පසුතලය ( පසුබිම )===
සුප්‍රසිද්ද  මාධ්‍යවේදියෙකු , නිවේදකයෙකු, මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු ,ලේඛකයෙකු සහ රංගන ශිල්පියෙකු වූ රිචඩ් ද සොයිසා 1958 මාර්තු මස 18 වෙනි දින ශ්‍රී ලංකාවේදී උපත ලැබීය.  ඔහුගේ පියා ලූෂන් ද සොයිසා වූ අතර මව ආචාර්ය මනෝරාණි සරවනමුත්තු  විය. ඔහුට එක සොහොයුරියක් සහ සොහොයුරෙක් සිටියහ. ඔවුන් මයිකල් සහ ලානාය. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරු  රිචඩ් ද  සොයිසා එකල බහු කුසලතා වලින් පිරි පුද්ගලයකු ලෙස ප්‍රසිද්ධියට පත්විය.  ශාන්ත තෝමස් විද්‍යාලයේ සිංහල භාෂා ගුරුවරයෙකු වූ ඩි.එස්. ජයසේකර විසින් ඔහුගේ  සිංහල නාට්‍ය රංගන කුසලතාවයන් හඳුනා ගෙන ඔහුගේ රංගන හැකියාව වැඩි දියුණු කරගැනීමට උද්යෝගමත් කළේය. 1972 අන්තර් පාසල් ෂේක්ස්පියර් ඉංග්‍රීසි නාට්‍ය තරඟයේ හොඳම නළුවා ලෙසලෙසද ජයග්‍රහණය කළේය. එයට අමතරව ශාන්ත තෝමස් විද්‍යාලයේ වාද විවාද සංගමයේ සහ නාට්‍ය සංගමයේ සාමාජිකත්වයද දැරීය. 1983 දී ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් අධ්‍යක්ෂණය කල යුගාන්තය චිත්‍රපටය සඳහාද ඔහු සිය රංගනයෙන් දායකත්වය සැපයීය.රිචර්ඩ්ගේ ඉංග්‍රීසි උච්චාරණ හැකියාව අන්තර්ජාතික මට්මක තිබු අතර ඔහු ඉතා දක්ෂ ඉංග්‍රීසි භාෂා නිවේදකයෙක් විය. ඉංග්‍රීසි සාහිත්‍ය පිළිබඳවද පුළුල් දැනුමක් ඔහු සතු විය. ඔහු ගාතනය වන කාල වකවානුවේ ඉන්ටර්ප්‍රෙස්‌ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා වාර්තාකරු ලෙස සේවය කළේය.
 
===පැහැරගෙන යාම සහ ඝාතනය===
"https://si.wikipedia.org/wiki/රිචඩ්_ද_සොයිසා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි