"රිචඩ් ද සොයිසා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
38 පේළිය:
රිචඩ් ද සොයිසාගේ ඝාතනය සම්බන්ධයෙන් කොමිසමක් පත්කරන ලෙස 1990 මාර්තු 20 වෙනි දින විපක්ෂය විසින් පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියහ. එයට ප්‍රතිචාර දක්වමින් එවකට සිටි රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රන්ජන් විඡේරත්න විසින් ප්‍රකාශකොට සිටියේ සෑම මිනිමරුමකටම කොමිසමක් පත්කළ නොහැකි බවය. පසුව 1990 සැප්තැම්බර් මාසයේදී විපක්ෂය විසින් ඝාතනයට සම්බන්ධව කොමිසමක් පිහිටුවන ලෙස ඉල්ලා ඒකාබද්ධ යෝජනාවක් ඉදිරිපත් කෙරුණි. මෙම යෝජනාව වෙනුවෙන් සිරිමා බණ්‌ඩාරනායක ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 21 දෙනෙකු අත්සන් තබා තිබුණි. එම ඉල්ලීම සහ යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්‌තකයට ඇතුලත් කලද රජය විසුරුවන තෙක් කිසිඳු ක්‍රියාමාර්ගයක් නෙගෙන තිබුණි.
 
==ඝාතකයින් හඳුනාගැනීම සහ නීතිය ක්‍රියාත්මක වීම==
රිචඩ් ඝාතනයෙන් පසු ඔහුගේ මව වන වෛද්‍ය මනෝරාණි සරවනමුත්තු 1990 මැයි 10 රාත්‍රී 9.00ට ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති නරඹමින් සිටි අවස්ථාවක තම පුත්‍රයා පැහැරගෙන ගිය කණ්ඩායමේ නායකයා සිටිනු දක්නට ලැබුණි. ඇය දුටුවේ ඔහු පොලිස් නිල ඇඳුමෙන් සැරසී සිටින අයුරුය. ඔහු නමින් පොලිස්‌ පරීක්‌ෂක ලාල් ක්‍රිෂාන්ත ධර්මසිරි රංචාගොඩය. ඉන් පසුව ඇය විසින් තමා හඳුනාගත් එම පොලිස් නිලධාරියා පිළිබඳව අධිකරණය දැනුවත් කෙරුණි. අධිකරණයට දැනුම් දුන් පසු මහේස්‌ත්‍රාත් රෝහිණී පෙරේරා විසින් එම පොලිස් නිලධාරියා වහා අත්අඩංගුවට ගන්නා ලෙස නියෝගකල නමුත් එවකට සිටි රාජ්‍ය ආරක්‌ෂක ඇමති රන්ජන් විඡේරත්නගේ බලපෑම් මත ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිසියට නොහැකි විය.
 
රිචඩ් ද සොයිසාව ආයුධ සන්නද්ධ කණ්ඩායමක් ලෙසින් ගොස් පැහැරගෙන ඝාතනය කොට ඇත්තේ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි රොනී ගුණසිංහ නායකත්වය දුන් පොලිස් කණ්ඩායමක් විසින් බව පසු කලක අනාවරණය විය. මෙම ඝාතනයට පොලිස්‌ පරීක්‌ෂක ලාල් ක්‍රිෂාන්ත ධර්මසිරි රංචාගොඩ, පොලිස්‌ පරීක්‌ෂක එම්.ජී.ජී. දේවසුරේන්ද්‍ර, පොලිස්‌ සැරයන් වෙඩික්‌කාරගේ සරත්චන්ද්‍ර යන අය සම්බන්ධ වූ බව අනාවරණය විය.
 
කාලය ගෙවියමත් සමග රිචඩ් ද සොයිසාව ඝාතනය කල පොලිස් නිලධාරීන්ට එරහිව මොරටුව මහෙස්‌ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කෙරුණි. පසුව එම නඩුව කොළඹ අලුත්කඩේ මහාධිකරණය ඉදිරියේ විභාගයට ගැනුනි. එම නඩුව මහාධිකරණ විනිසුරු රෝහිණී පෙරේරා ඉදිරියේ විභාග කෙරුණි. රජයේ නීතිඥ දමිත් තොටවත්ත පැමිණිලි පාර්ශවය වෙනුවෙන් ඉදිරිපත් වූ අතර විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ දයා පෙරේරා, නීතිඥ අනිල් සිල්වා සමඟ නීතිඥ කේ. තවරාසා පෙනී සිටියහ. වසර 15 තිස්සේ විභාග වූ නඩුවේ අවසන් තීන්දුව 2005 ඔක්තෝම්බර් මස 9 දින ප්‍රකාශයට පත් කෙරුණි. රිචඩ් ද සොයිසාව ඝාතනය කිරීම වෙනුවෙන් අධිකරණයට ඉදිරිපත්කොට සිටි සියලුම විත්තිකරුවන් සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කෙරුණි. එම නඩු තීන්දුවේ සඳහන් වුයේ සාක්ෂිකරුවන් විසින් ලබාදුන් සාක්ෂි පරස්පර විරෝධී බැවින් විත්තිකරුවන්ට එරහිව ගොනුකොට තිබු චෝදනා ඔප්පු වී නොමැති බවය. කොළඹ අලුත්කඩේ මහාධිකරණයේදී විභාගයට ගැනුණු නඩුවේ අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ බැටී වීරකෝන් ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙනී සිටියහ.
 
==UN award in his memory==
"https://si.wikipedia.org/wiki/රිචඩ්_ද_සොයිසා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි