"රිචඩ් ද සොයිසා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
23 පේළිය:
ඔහුගේ මතයන් සහ මාධ්‍ය ක්‍රියාකාරකම් නොඉවසු කණ්ඩායමක් විසින් 1990 පෙබරවාරි 18 වන දින ඔහු පැහැරගෙන ගොස් ඝාතනය කරනු ලැබීය. රිචඩ් දී සොයිසාව මරා දැමුවේ ඔහු පෘතුගාලයේ ලිස්‌බන් නුවර ඉන්ටර්ප්‍රෙස්‌ ප්‍රවෘත්ති සේවයේ රාජකාරී භාර ගැනීමට ගිවිසුම් අත්සන් කරගෙන තිබූ අවස්ථාවකය. ඝාතනය වන සමයේ රිචඩ් ද සොයිසා සහ ඔහුගේ මව වැලිකඩ වත්ත නිවාස සංකීරණයේ ජිවත් වූහ. 1990 පෙබරවාරි මස 18 වන දින පාන්දර 3.30 ට ඔහුගේ නිවසට කඩා වැදුණු හඳුනා නොගත් සන්නද්ධ කණ්ඩායමක් විසින් කිසිඳු හේතුවක් නොදක්වා ඔහුව බලහත්කාරයෙන් නිවසේදී පැහැර ගැනුණි. ඔවුන් විසින් පැහැර ගැනීමට සඳහා 32 ශ්‍රී 4748 දරණ ලියාපදිංචි අංකය සහිත කොළ පැහැති ජීප් රථයක් භාවිත කොට තිබුණි. පැහැර ගැනුණු අවස්ථාවේ මව සහ රිචර්ඩ් ගේ සමකාලීන මිත්‍රයෙකු වූ A.V. කරුණාරත්න නිවසේ සිට ඇත. රිචර්ඩ් ගේ පැහැරගැනීම සම්බන්ධයෙන් ඔහු ගේ මව වන ආචාර්ය මනෝරාණි සරවනමුත්තු විසින් එදිනම පාන්දර 4.15 පමණ වැලිකඩ පොලිසියේ පැමිණිල්ලක් ගොනු කර තිබුණි. පහර ගැනුණු අවස්ථාවේදී ඇසින් දුටු සාක්ෂි 7 ඉතිරි විය. ඔවුන් ආචාර්ය මනෝරාණි සරවනමුත්තු ( මව ) , ගාල්ලේ ඇලටිය විතානගේ කරුණාදාස ( ඉන්ටර්ප්‍රෙස්‌ ප්‍රවෘත්ති සේවයේ මාධ්‍ය සහායක ) , ඔහුගේ බිරිඳ එල්. එම්. මල්ලිකා, සරස්‌වතී ( නිවසේ සේවිකාවක් ) , නිවසෙහි යට තට්ටුවේ පදිංචිව සිටි ඇල්ලේපොල යුවල සහ උනන්තැන්නය ( අසල් වැසියෙකු ) ලෙස සඳහන් විය.
 
පසු දින ( 1990 පෙබරවාරි මස 19 ) රිචඩ් ද සොයිසාගේ නිරුවත් මළ සිරුර මොරටුව කොරළවැල්ල දුම්රිය ස්‌ථානය අසළ වෙරළට ගොඩගසා තිබියදී ප්‍රදේශවාසීන්ට හමු විය. ධීවර බෝට්‌ටු හිමියකු වන මාකස්‌ ප්‍රනාන්දු විසින් මුහුදේ පාවෙමින් ගොඩ බිම දෙසට ගසාගෙන පැමිණෙමින් තිබු නිරුවත් මළ සිරුරක් ප්‍රථමයෙන් දැක තිබුණි. ඒ අසල ඔහුගේ සොහොයුරෙකු වන නිමල් ප්‍රනාන්දුද සිට ඇත. විශාල වශයෙන් ශරීරය ඉදිමිමකට ලක්වූ තිබු බැවින් එය කිසිවෙකුටවත් හඳුනා ගැනීමට නොහැකි විය. පසුව පොලිසියට දැනුම් දීමෙන් පසුව මෘත ශරීරය කළුබෝවිල රෝහලට යැවුනි. මොරටුව පොලිසිය මගින් එම ගොඩ ගසා තිබු මල සිරුර පිළිබඳව ශ්‍රී ලංකාවේ සියලුම පොලිස් ස්ථාන දැනුවත් කර තිබුණි. වැලිකඩ පොලිසියට ද එම පණිවිඩය ලැබී තිබූ බැවින් එම ආරංචිය පොලිසිය විසින් රිචර්ඩ්ගේ නිවසට පැමිණ දන්වන ලදී. රාත්‍රී 9.45 ට පමණ කළුබෝවිල රෝහලට පැමිණි ඔහුගේ මව සහ රිචර්ඩ්ගේ ලඟම මිත්‍රයෙකු වන තාරකී සිවරාම්  විසින් එම මළ සිරුර රිචඩ් ද සොයිසාගේ යැයි තහවුරු කරනු ලැබීය. ( තාරකී සිවරාම් මාධ්‍යවේදියව ද 2005 දී ඝාතනය කරනු ලැබීය ) රිචඩ් ද සොයිසාගේ මළ සිරුර හමුවන විට මෘත ශරීරය විශාල ලෙස ඉදිමි තිබූ අතර හිසේ පිටුපස සහ උගුරේ වෙඩි වැදුණු තුවාල තිබී ඇත. එයට අමතරව ඔහුගේ මුඛයේ හකු ඇට බිඳී තිබු බව පොලිසිය විසින් සනාථ කොට තිබුණි. රිචර්ඩ් දී සොයිසාගේ මෘත දේහය ඔහුගේ මහා ගෙදර වන අංක 42 දරණ නිවසේ තැන්පත් කර තිබුණි.
 
===මරණ පරීක්‍ෂණ වාර්තාව===
1990 පෙබරවාරි 20 වන දින රිචර්ඩ් දී සොයිසාගේ මරණ පරීක්ෂණය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කේ. නඩේසන් විසින් සිදු කරන ලදී. මරණ පරීක්‍ෂණ වාර්තාවට අනුව ගෙලට සහ වම් පැත්තේ කන අසලට වැදුණු වෙඩි පහර දෙකක් නිසා ඔහු ජිවිතක්ෂයට පත්වී ඇති බව සටහන් කොට ඇත. එක වෙඩි උණ්ඩයක් වම් කනට මදක් පහලින් ඇතුළුවී කන් අඩිය පසාරු කරගෙන ගොස් තුබූ අතර අනෙක් වෙඩි උණ්ඩය ගෙලෙහි ඉදිරි පසින් ඇතුළුවී පිටුපස ප්‍රදේශයෙන් පිටව ගොස් ඇති බව මරණ පරීක්ෂණ වාර්තාවේ තවදුරටත් සඳහන් වී තිබුණි.
 
===මාධ්‍ය වාර්තා===
රිචර්ඩ් දී සොයිසාගේ මරණය සම්බන්ධව 1990 අප්‍රියෙල් 23 වන දින ටයිම්ස් සඟරාවේ විශේෂ ලිපියක් පළවූ අතර එය ශ්‍රී ලංකා රජය විසින් බෙදා හැරිම සහ විකිණීම තහනම් කරන ලදී. එම ලිපියේ අන්තර්ගතය වුයේ ශ්‍රී ලංකා රජය විසින් මෙහෙයවන ඝාතන කණ්ඩායම් සහ ශ්‍රී ලංකාවේ සිදුවන බරපතල මට්ටමේ මානව හිමිකම් උල්ලංගනයන් පිළිබඳව විදේශ මාධ්‍යජාල හරහා ලොව දැනුවත් කිරීම නිසාවෙන් ඔහු ශ්‍රී ලංකා රජයට බලවත් තර්ජනයක් වූ බව සඳහන් විය. පසුව රජයේ මෙහෙයවීමෙන් මෙම ඝාතනය සිදුකොට ඇති බව වාර්තා විය.
 
===Government response===
"https://si.wikipedia.org/wiki/රිචඩ්_ද_සොයිසා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි