"රිචඩ් ද සොයිසා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
කොටස් කිහිපයක් එකතු කරන ලදී,.
තොරතුරු එකතු කරන ලදී.
18 පේළිය:
==ජීවිතය සහ මරණය==
===පසුතලය ( පසුබිම )===
සුප්‍රසිද්ද  මාධ්‍යවේදියෙකු , නිවේදකයෙකු, මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු ,ලේඛකයෙකු සහ රංගන ශිල්පියෙකු වූ රිචඩ් ද සොයිසා 1958 මාර්තු මස 18 වෙනි දින ශ්‍රී ලංකාවේදී උපත ලැබීය.  ඔහුගේ පියා ලූෂන් ද සොයිසා වූ අතර මව ආචාර්ය මනෝරාණි සරවනමුත්තු  විය. ඔහුට එක සොහොයුරියක් සහ සොහොයුරෙක් සිටියහ. ඔව්න්ඔවුන් මයිකල් සහ ලානාය. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරු  රිචඩ් ද  සොයිසා එකල බහු කුසලතා වලින් පිරි පුද්ගලයකු ලෙස ප්‍රසිද්ධියට පත්විය.  ශාන්ත තෝමස් විද්‍යාලයේ සිංහල භාෂා ගුරුවරයෙකු වූ ඩි.එස්. ජයසේකර විසින් ඔහුගේ  සිංහල නාට්‍ය රංගන කුසලතාවයන් හඳුනා ගෙන ඔහුගේ රංගන හැකියාව වැඩි දියුණු කරගැනීමට උද්යෝගමත් කළේය. 1972 අන්තර් පාසල් ෂේක්ස්පියර් ඉංග්‍රීසි නාට්‍ය තරඟයේ හොඳම නළුවා ලෙස ජයග්‍රහණය කළේය. එයට අමතරව තෝමස් විද්‍යාලයේ වාද විවාද සංගමයේ සහ නාට්‍ය සංගමයේ සාමාජිකත්වයද දැරීය. 1983 දී ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් අධ්‍යක්ෂණය කල යුගාන්තය චිත්‍රපටය සඳහාද ඔහු සිය රංගනයෙන් දායකත්වය සැපයීය.රිචර්ඩ්ගේ ඉංග්‍රීසි උච්චාරණ හැකියාව අන්තර්ජාතික මට්මක තිබු අතර ඔහු ඉතා දක්ෂ ඉංග්‍රීසි භාෂා නිවේදකයෙක් විය. ඉංග්‍රීසි සාහිත්‍ය පිළිබඳවද පුළුල් දැනුමක් ඔහු සතු විය. ඔහු ගාතනය වන කාල වකවානුවේ ඉන්ටර්ප්‍රෙස්‌ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා වාර්තාකරු ලෙස සේවය කළේය.
 
===පැහැරගෙන යාම සහ ඝාතනය===
ඔහුගේ මතයන් සහ මාධ්‍ය ක්‍රියාකාරකම් නොඉවසු කණ්ඩායමක් විසින් 1990 පෙබරවාරි 18 වන දින ඔහු පැහැරගෙන ගොස් ඝාතනය කරනු ලැබීය. රිචඩ් දී සොයිසාව මරා දැමුවේ ඔහු පෘතුගාලයේ ලිස්‌බන් නුවර ඉන්ටර්ප්‍රෙස්‌ ප්‍රවෘත්ති සේවයේ රාජකාරී භාර ගැනීමට ගිවිසුම් අත්සන් කරගෙන තිබූ අවස්ථාවකය. ඝාතනය වන සමයේ රිචඩ් ද සොයිසා සහ ඔහුගේ මව වැලිකඩ වත්ත නිවාස සංකීරණයේ ජිවත් වූහ. 1990 පෙබරවාරි මස 18 වන දින පාන්දර 3.30 ට ඔහුගේ නිවසට කඩා වැදුණු හඳුනා නොගත් සන්නද්ධ කණ්ඩායමක් විසින් කිසිඳු හේතුවක් නොදක්වා ඔහුව බලහත්කාරයෙන් නිවසේදී පැහැර ගැනුණි. ඔවුන් විසින් පැහැර ගැනීමට සඳහා 32 ශ්‍රී 4748 දරණ ලියාපදිංචි අංකය සහිත කොළ පැහැති ජීප් රථයක් භාවිත කොට තිබුණි. පැහැර ගැනුණු අවස්ථාවේ මව සහ රිචර්ඩ් ගේ සමකාලීන මිත්‍රයෙකු වූ A.V. කරුණාරත්න නිවසේ සිට ඇත. රිචර්ඩ් ගේ පැහැරගැනීම සම්බන්ධයෙන් ඔහු ගේ මව වන ආචාර්ය මනෝරාණි සරවනමුත්තු විසින් එදිනම පාන්දර 4.15 පමණ වැලිකඩ පොලිසියේ පැමිණිල්ලක් ගොනු කර තිබුණි. පහර ගැනුණු අවස්ථාවේදී ඇසින් දුටු සාක්ෂි 7 ඉතිරි විය. ඔවුන් ආචාර්ය මනෝරාණි සරවනමුත්තු ( මව ) , ගාල්ලේ ඇලටිය විතානගේ කරුණාදාස ( ඉන්ටර්ප්‍රෙස්‌ ප්‍රවෘත්ති සේවයේ මාධ්‍ය සහායක ) , ඔහුගේ බිරිඳ එල්. එම්. මල්ලිකා, සරස්‌වතී ( නිවසේ සේවිකාවක් ) , නිවසෙහි යට තට්ටුවේ පදිංචිව සිටි ඇල්ලේපොල යුවල සහ උනන්තැන්නය ( අසල් වැසියෙකු ) ලෙස සඳහන් විය.
 
පසු දින ( 1990 පෙබරවාරි මස 19 ) රිචඩ් ද සොයිසාගේ නිරුවත් මළ සිරුර මොරටුව කොරළවැල්ල දුම්රිය ස්‌ථානය අසළ තිබීවෙරළට ගොඩගසා තිබියදී ප්‍රදේශවාසීන්ට හමු විය. ධීවර බෝට්‌ටු හිමියකු වන මාකස්‌ ප්‍රනාන්දු විසින් මුහුදේ පාවෙමින් ගොඩ බිම දෙසට ගසාගෙන පැමිණෙමින් තිබු නිරුවත් මළ සිරුරක් ප්‍රථමයෙන් දැක තිබුණි. ඒ අසල ඔහුගේ සොහොයුරෙකු වන නිමල් ප්‍රනාන්දුද සිට ඇත. විශාල වශයෙන් ශරීරය ඉදිමිමකට ලක්වූ තිබු බැවින් එය කිසිවෙකුටවත් හඳුනා ගැනීමට නොහැකි විය. පසුව පොලිසියට දැනුම් දීමෙන් පසුව මෘත ශරීරය කළුබෝවිල රෝහලට යැවුනි. මොරටුව පොලිසිය මගින් එම ගොඩ ගසා තිබු මල සිරුර පිළිබඳව ශ්‍රී ලංකාවේ සියලුම පොලිස් ස්ථාන දැනුවත් කර තිබුණි. වැලිකඩ පොලිසියට ද එම පණිවිඩය ලැබී තිබූ බැවින් එම ආරංචිය පොලිසිය විසින් රිචර්ඩ්ගේ නිවසට පැමිණ දන්වන ලදී. රාත්‍රී 9.45 ට පමණ කළුබෝවිල රෝහලට පැමිණි ඔහුගේ මව සහ රිචර්ඩ්ගේ ලඟම මිත්‍රයෙකු වන තාරකී සිවරාම්  විසින් එම මළ සිරුර රිචඩ් ද සොයිසාගේ යැයි තහවුරු කරනු ලැබීය. ( තාරකී සිවරාම් මාධ්‍යවේදියව ද 2005 දී ඝාතනය කරනු ලැබීය ) රිචඩ් ද සොයිසාගේ මළ සිරුර හමුවන විට මෘත ශරීරය විශාල ලෙස ඉදිමි තිබූ අතර හිසේ පිටුපස සහ උගුරේ වෙඩි වැදුණු තුවාල තිබී ඇත. එයට අමතරව ඔහුගේ මුඛයේ හකු ඇට බිඳී තිබු බව පොලිසිය විසින් සනාථ කොට තිබුණි.
 
===Government response===
"https://si.wikipedia.org/wiki/රිචඩ්_ද_සොයිසා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි