Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
පිටුව හිස් කෙරිණි
ටැග: Blanking ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
 
1 පේළිය:
 
 
වෑලිය උතුර කියන සුන්දර ගම්මානයට බොහෝම පෞරාණික ඉතිහාසයක් තියෙනවා .ඒ ඉතිහාසය 8 වෙනි පරාක්‍රමබාහු රජතුමාගෙ රජතුමාගෙ කාලයට දිව යනවා කියලා තමයි පුරාවෘත්ත වල සඳහන් වෙන්නෙ,
 
ඒ රජතුමාගේ පුතුන් දෙදෙනෙක් හිටියා ලු සකලකලාවල්ලක බාහු සහ තනිය වල්ලක බාහු කියලා .මේ සකල කලා වල්ලක බාහු රජතුමා ප්‍රාදේශීය පාලකයෙකු වුණාට පසුව යම් ප්‍රදේශයක වැවක් නිර්මාණය කරන්නට තීරණය කරලා තිබෙනවා.
 
එතුමා විසින් නිර්මාණය කරපු වැවට පතිත වන හිරු එළිය පරාවර්ථනය වන ප්‍රදේශයේ පිහිටි ගම්මානය කියන අදහසින් වැව් එළිය කියන ගම්මානය නිර්මාණය වෙලා තියෙන්නේ ,
 
පසුකාලීන ජන ව්‍යවහාරයේ දී වැව් එළිය කියන නාමය වෑලිය ලෙස උච්චාරණය උනා කියලයි පුරාවෘත වල සදහන් වෙන්නෙ.ඊටත් පසු කාලීනව මේ වෑලිය ගම්මානය වෑලිය උතුර සහ වෑලිය දකුණ ලෙස කොටස් දෙකකට බෙදී වෙන් වෙනව.
 
මේ ගමේ වැව් ඉස්මත්තේ තියනව ස්භාවිකව පිහිටපු ගල් පර්වතයක් , මේ වැව ඉදිකරද්දි වැව වෙනුවෙන් මහා වස්තු සම්භාරයක් තැනපත් කරපු තැනක් එහෙම නැත්නම් නිධන් ගලක් විදිහට මෙතැන ගම්වාසීන් අතර මුඛ පරම්පරාවෙන් මතයක් එනව.
 
ගමේත් රටේත් ජාතියේත් අවාසනාවට මේ වෑලිය දකුණ කියන ගම්මානයට ආපු කසිප්පු මුදලාලි කෙනෙකුට දාව කාළකන්නි දරුවන් පස් හය දෙනෙක් උපත ලබනව.
 
ළමා අවධියේ කුකුළ් හොරු,පරවි හොරු,කෙසෙල් කැන් හිරු වෙච්චි මොවුන් තරුණ වෙනකොට චේන් කඩන්නන්,ගෙවල් බිදින්නන් බවට පත් වෙනව.අවසානයේ ගස් කපමින් තුරු ලතා විනාශ කරමින් මව්බිමට ශාපයක් වූ මොවුන්, මිනිසෙකුව කපා කොටා ඝාතනය කරමින් සිරගත වෙනවා.
 
වෑලිය දකුනේ තිබූ අවාසනාව වෑලිය උතුරට සංක්‍රමනය වෙන්නෙ,මේ නරුමයින් මා කලින් සදහන් කල වැව් ඉස්මත්තේ කලුගල් පර්වතය අසල පදිංචියට ඒමෙන්.
 
කලක් සිරගත වී සිට එලියට එන මොවුන් ගමේ චන්ඩින් ලෙස හැසිරෙන්නට පටන් ගත්තත්,නියම චන්ඩින්ගේ වහල් වැඩ කරනා උන් බව බොහෝ දෙනා දැන ගන්නෙ තැන් තැන් වලින් ගුටිකමින් පිහි ඇනුම් කමින් රෝහල් ගත වුනත් කිසිම චන්ඩියෙක් ඒවාට අත නොපෑම හේතුවෙන්.
 
කොහොමින් කොහොම හරි අන්තිමට මුන්ගෙ ඇස් යොමු වෙන්නෙ අර නිධානය තියන ගල් පර්වතය දෙසට.
 
මේ වෙනකොට රටට ජාතියට මහත් සෙතක් සලසන සුරකිමු හෙළ උරුමයන් පදනම පිහිටුවන්නෙ මේ වෑලිය උතුර කියන ගම්මානයේ පුද්ගලයෙක්.
 
දැනට මේ සුරකිමු හෙළ උරුමයන් පදනම විසින්.......
 
දිළිදු දෙමාපියන්ගේ දරුවන් හදුනාගෙන,එම දරුවන්ට අවශ්‍ය පාසැල් උපකරණ පරිත්‍යාග කිරීම.
 
රටෙහි සිදුවන හදිසි ආපදා තත්වයන් වලදී ආපදාවට පත් අයට ශ්‍රමයෙන් ද්‍රව්‍ය වලින් මුදලින් උපකාර කිරීම.
 
(උදා:- මීතොටමුල්ල කුණු කන්ද නාය ගිය අවස්ථාවේ විපතට පත් වූවන්ට අත්‍යාවශ්‍ය දෑ ලබා දීම,එම දරුවන්ට අවශ්‍යය පාසැල් ද්‍රව්‍ය බෙදා දීම,
 
*ගාල්ල ප්‍රදේශය ගං වතුරින් යටවූ අවස්ථාවේ ආහාර අමුද්‍රව්‍ය බෙදා දීම,අපිරිසුදු වූ නිවෙස් පිරිසිදු කර ගැනීමට ශ්‍රමයෙන් උදව් වීම.
 
*සාමසර කන්ද නාය ගිය අවස්ථාවේදී එම ආපදාවට ලක් වූවන්ට ආහාර සලාක ලබා දීම,වෙනත් අවශ්‍යතා සොයා බලා ඉටු කර දීම.
ආදීතවත් බොහෝ දේ....)
 
රටට ජාතියට විපත් වන අවස්ථාවල සෙත් පතා පිංකම් , බෝධි පූජා,අදිශ්ඨාන පූජා ආදිය සිදු කිරීම.
 
ස්වයං රැකියා ආරම්භ කිරීමට මූලික ධනය සහ භාණ්ඩ ලබාදී ස්වයං රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් ලබාදීම.
 
මූල්‍යමය ගැටලු මත අද්‍යාපනය කඩාකප්පල් වීමට ගිය පාසැල් දරුවන්ට සහ විශ්වවිද්‍යාල දරුවන්ට මාසිකව මුදල් ලැබීමේ ක්‍රමයක් සකස් කිරීම.
 
සුවකල නොහැකි ආබාධ වලින් පෙළෙනා රෝගීන්ට බෙහෙත් ලබා ගැනීම සදහා මාසිකව මුදල් ලැබීමේ ක්‍රමයක් සකස් කිරීම.
 
වැනසී යන සංස්කෘතිකාංග අනාගත පරපුරට දායාද කිරීම වෙනුවෙන් සංස්කෘතික පාසැලක් පවත්වාගෙන යාම.
 
සිය පුද්ගලික පුස්ථකාලය සුරකිමු හෙළ උරුමයන් පදනමේ සියලු සාමාජිකයින්ට,ඔවුන්ගේ දරුවන්ට සහ ගම්වාසීන්ට පොදු පුස්ථකාලයක් බවට පත්කිරීම.
 
රට තුල ඇති පෞරාණික ස්ථාන වෙත ගොස් එම ස්ථාන වල වැදගත් කම පිළිබදව ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ ප්‍රචලිත කිරීම.
 
රට තුල විනාශ වෙමින් පවතින පෞරාණික ස්ථාන වෙතට ගොස් එම ස්ථාන වල වැදගත් කම ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ ප්‍රචලිත කරමින් ඒවා රැක ගැනීමට සමාජය දැනුවත් කිරීම.
 
විශාල බුදු මැදුරක් ඉදිකරගෙන යනු ලබන අතර , නුදුරු දිනෙක පිංකම් උත්සවයක් මගීන් අගත අනගත චතුතිස සගස යන සියල්ලන් උදෙසා පූජා කිරීම.
 
ඇතුලු තවත් බොහෝ දේ මේ සුරකිමු හෙළ උරුමයන් පදනමේ සමාජ සත්කාර තුලින් රටට ජාතියට සම්බුද්ධ ශාසනයට ලැබෙමින් යුතුකම් ඉටුවෙමින් පවතින බව කිව යුතුය.
"https://si.wikipedia.org/wiki/පරිශීලක:මිනුවන්ගොඩ_නුවන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි