"සමනල කන්ද" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Reverted 4 edits by Jey.boy (talk): Content had been copied from http://www.divaina.com/2009/11/03/feature03.html and http://sampathhamuwa.blogspot.com/2013/12/blog-post.html sites. (TW)
24 පේළිය:
 
==දේශගුණය සහ කාලගුණය==
සමනල අඩවියේ වාර්ෂික වර්ෂාපතන සාමාන්‍ය මිලිමීටර් 5000 කි. වසරේ මාස හයක්‌ පුරාවට ඉතා හොඳ වර්ෂාපතනයක්‌ මෙහි පවතී. නිරිතදිග මෝසම පවතින මැයි - ජුනි - ජුලි මාසවලදී වැඩිම වර්ෂාපතනය සමනල අඩවියට ලැබේ. දෙසැම්බර් - ජනවාරි - පෙබරවාරි දක්‌වා ලැබෙන ඊසාන දිග මෝසමේදී ලැබෙන වර්ෂාපතනය ඉතා අඩුය. එබැවින් කාලගුණික බාධා මෙම සමයේදී අවම බැවින් ශ්‍රීපාද වන්දනා සමය උඳුවප් පොහොයෙන් ආරම්භව වෙසක්‌ පොහොය දක්‌වා පවතී. නිරිතදිග මෝසම් සමයේදී ගණ, තද මිහිදුම් පතනයක්‌ද සමනල අඩවියට තිබේ. මෙනිසා මෙම සමයේදී අධික සීත දේශගුණයක්‌ සමනල අඩවියෙන් හා ශ්‍රීපාද මළුවෙන් වාර්තාවේ. මෙහි වාර්ෂික උෂ්ණත්ව සාමාන්‍ය සෙන්ටි්‍රග්‍රේඩ් අංශක 15 කි. එහෙත් මැයි - ජුනි - ජූලි සමයේදී අංශක - 5-10 දක්‌වා වුවද උෂ්ණත්වය පහළ බැසිය හැකිය.
 
==පාරසරික හා වන ජීවීන්==
* ලංකාවෙහි නොඉඳුල් කඳුකර වැසි වනාන්තරය, පිවිසු‌ම් අපහසුතාව හේතුවෙන් වාණිජකරණයට ලක් වී‍මෙන් ආරක්ෂා විය. මෙය ‍ජෛවගෝල රක්ෂිතයක් ‌‍ලෙස ද, ‍ලෝක උරුමයක් ‍ලෙස ද නම්‍‍‍ කොට තිබීම ඒ සඳහා තවත් හේතුවක් විය. ‌
* සබරගමු කඳු පංතියට අයත් කඳුපන්තීන් රැසක්‌ම සමනළ අඩවියට අයත්ව පවතී. බෑන සමනළ, කුණුදිය පර්වතය, ගොන්මොල්ලිය, දෙතනගල, දෝතළුගල, සප්තකන්‍යා එම ප්‍රධාන කඳුවැටි වේ. මේ ඔස්‌සේ උපත ලබන හා ගලාහැලෙන දියකඳුරු රැසකි. එමෙන් තීව්‍ර බෑවුම් ඔස්‌සේ දියඇලි රැසක්‌ද කඩාහැලේ කළු, කැළණි, වළවේ ගංගා සෘජුවම හටගන්නේ සිරිපා අඩවියේ සමණළ ගිරෙනි. මෙම ගංගාවන්ට සම්බන්ධව දියපහර 295 ක්‌ පවතින බව තහවුරු වී ඇති අතර, මේ හේතුව නිසා ජල පෝෂිත අගය අතින් ශ්‍රී ලංකාවේ පවතින ඉහළම වනාන්තර 246 න් ප්‍රමුඛ තැන සමනළ ගිරට හිමිවන බව පර්යේෂකයින්ගේ මතයයි. එසේම ජලගැලීම් පාලනය, පස ආරක්‍ෂා කිරීම හා මිහිදුම් ඇද ගැනීමේ හැකියාව අතින් ශ්‍රී ලංකාවේ පවතින වනාන්තර 269 න් මුල්තැනද මෙම වනාන්තරයට හිමිවන බව එම පර්යේෂණ වාර්තා තවදුරටත් පෙන්වා දේ. '''<u><big>මහවැලි කැළණි කලු වල‍වේ යන ගංගා සමණල කන්ද මුදුනේ සිට පිය නැන්ගා</big></u>''' ‍
* සමනල අඩවිය පටියක්‌ මෙන් බටහිර නැගෙනහිර දිශානුගතව විහිද යයි. දිගින් කිලෝමීටර් 45 ක්‌ වන මෙම බිම් තීරුවේ සාමාන්‍ය පළල කිලෝමීටර් 18 කි. පළල අඩුම ස්‌ථානය කිලෝමීටර් 106 ක්‌ වන පටු බිම්කඩ මාරාතැන්නයි. සමනල අඩවිය මීටර් 457 සිට මීටර් 2243 දක්‌වා උස පරාසයක විහිදේ. උච්චතම ස්‌ථානය ශ්‍රී ලංකාවේ උසින් සිව්වැනි ස්‌ථානය ගන්නා ශ්‍රීපාද මළුවයි.
* රක්ෂිතයේ ශාක විශේෂ මෙන් ම කෘමීන්, උභයජීවීන්, උරඟයින්, පක්ෂීන් සහ ක්ෂීරපායීන් ඇතුළු ආවේණික ජීවී විශේෂ සඳහා සුරක්ෂිත අභය භූමියකි.ඝන ශාක වැස්ම හේතුවෙන් යාල වැනි වියලි කලාපීය වනෝද්‍යාන මෙන් වන සතුන් මෙහි දී පහසුවෙන් දැක ගත හැකි නොව්. මෙහි දී අලි දැකගත හැකි . බහුලව ම දැකිය හැකි විශාල ම ක්ෂීරපායි ජීවියා වනුයේ, ශ්‍රී ලංකා අළු වඳුරා යි.
* එක් ආශ්වාදජනක සංසිද්ධියක් වනු‌‌‍යේ පක්ෂීන් ‌‍බොහෝ විට ආහාර ‍‍සොයා යාම සඳහා සාමූහික රංචු වශ‌‍යෙන් හැසිරීමට ප්‍රවණතාවයක් දැක්වීම යි. මෙවැනි ‍රංචුවක් ‍‍බොහෝ විට මහ කවුඩා සහ රතු දෙමළිච්චා යන පක්ෂී විශේෂ වලින් සමන්විත වේ. මෙවැනි ‍රංචුවක පෙරමුණ ගන්නා මහ කවුඩා ප්‍රචණ්ඩකාරී පක්ෂියෙකු ලෙස ද රතු දෙමළිච්චා ඝෝෂාකාරී පක්ෂියෙකු ලෙසද ප්‍රචලිත ය. තවද ශ්‍රි පා සමය උදාවීමත් සමගම විවිධාකරයේ සමණලුන් දැකගත හැකි අතර බොහෝ පිරිස් පවසනුයේ සමණලුන් ශ්‍රිපා වන්දනා කරන බවයි.
'''''<u>ජෛව විවිධත්වය</u>'''''
 
රක්ෂිතයේ ශාක විශේෂ මෙන් ම කෘමීන්, උභයජීවීන්, උරඟයින්, පක්ෂීන් සහ ක්ෂීරපායීන් ඇතුළු ආවේණික ජීවී විශේෂ සඳහා සුරක්ෂිත අභය භූමියකි.
'''''<u>වනාන්තර කලාප හා ශාක විවිධත්වය</u>'''''
* සමනල අඩවිය ඉහළ කඳුකර හා උප කඳුකර වනාන්තර ආකාරවලින් යුක්‌තවේ. මීට අමතරව ජලජ පරිසර පද්ධති. තෘණපිටි, සවානා, පතන්, ගල්පර ආශ්‍රිත ශාක ප්‍රජාද දරයි. තෙත් වාර්ෂා වනාන්තර සහිත කලාපයට ගැනෙන මෙහි වනාන්තර තුළ ප්‍රධාන ශාක ප්‍රජා තුනක්‌ දක්‌නට ලැබේ. ඒ ගණ වනගහනය යටිරෝපණය හා අපිශාක වශයෙනි.
* සමනල අඩවියේ සාර්ථක ශාක හා සත්ව තොරතුරු ගවේශණයක්‌ මේතාක්‌ සිදුවී නොමැත. මෙහි වන වියනේ දඹ, කීන, මඩොල්, වෙරළු, දවුල් කුරුඳු, දොරණ, රත්දුන්, රත්මිහිරි, කිතුල් වැනි ශාක ප්‍රජාවක්‌ දක්‌නට ලැබෙන අතර, යටිරෝපණයේ නෙලු, බෝවිටියා, මහරත්මල්, කොක්‌මොට, ගිනිහොට, බේරු, ලියන්, කටුකිතුල්, රණබට, රන්දෝතළු. වැනි මීටර් 15 ක්‌ තරමේ උසට වැඩෙන ශාක ප්‍රජාවකින් සමන්විතය.
* උඩවැඩියා විශේෂ රැසක්‌, බේදුරු මහාරාවණා රැවුල, ලයිකන, මාකැන්ටියා, කුඩාහැඩයා, මහහැඩයා වැනි ශාක අපිශාක ලෙස හමුවේ. දිය සීරාව අධික බැවින් ගල්මත තෙත් පොළාව මත හරිත ඇල්ගී, නීලහරිත ඇල්ගී, පොගනේටම්, මාකැන්ටියා වැනි විල්ලූද ශාක, දිලීර (හතු) බහුල ලෙස දැකගත හැකිය. මගගිරිදඹ ප්‍රදේශයේදී හොඳින් අව් රශ්මිය ලැබෙන ස්‌ථානවල මහසුදනා, කුඩා සුදනා, නගාමැරූ අල, වැනි වටිනා දුලබ ඖෂධ ශාක වැඩේ. මහබෝටියා, පූ බෝටියා, මහනුග, කලානුග, ඉරුරාජ, සඳරාජ වැනි දුර්ලභ ඖෂධ ශාක රැසක්‌ රක්‍ෂිතය තුළින් වාර්තාවන අතර වනාන්තරයට අලංකාරයක්‌ එක්‌කරන මහරත්මල් නොහොත් අසෝකමල් ශ්‍රී ලංකාවේදී ප්‍රථමයෙන්ම වාර්තාකර ඇත්තේද ශ්‍රීපාද මාර්ගය අසබඩදීය. ඒ ලෝක ප්‍රකට දේශ ගවේෂකයකු වූ ග්‍රීක ජාතික ඉබන් බතුතා විසින් 1343 දීය. ශ්‍රී ලංකාවෙන් වඳව ගිය බවට විශ්වාස කළ මැන්ඩෝර ශාක විශේෂයක්‌ද යළිත් 1981 දී සමනල අඩවියෙන් යළිත් වාර්තා කොට ඇත.
 
* රක්ෂිතයේ ශාක විශේෂ මෙන් ම කෘමීන්, උභයජීවීන්, උරඟයින්, පක්ෂීන් සහ ක්ෂීරපායීන් ඇතුළු ආවේණික ජීවී විශේෂ සඳහා සුරක්ෂිත අභය භූමියකි.ඝන ශාක වැස්ම හේතුවෙන් යාල වැනි වියලි කලාපීය වනෝද්‍යාන මෙන් වන සතුන් මෙහි දී පහසුවෙන් දැක ගත හැකි නොව්. මෙහි දී අලි දැකගත හැකි . බහුලව ම දැකිය හැකි විශාල ම ක්ෂීරපායි ජීවියා වනුයේ, ශ්‍රී ලංකා අළු වඳුරා යි.
'''<u>සත්ත්ව විවිධත්වය</u>'''
* සමනළ අඩවියෙන් වාර්තාවන විශාලතම ක්‍ෂීරපායින් විශේෂය අලියාය. තෙත් කලාපයේ දිවිගෙවන අවසන් අලි ගහනයට අයත් එක්‌ කොටසක්‌ සිංහරාජ වනාන්තරය අවට දිවිගෙවන අතර ඉතිරි කොටස දැකගත හැක්‌කේ සමනල අඩවියෙනි. සාමාජිකයින් අට දෙනකුගෙන් සමන්විත රැළක්‌ මෙහි දිවිගෙවන බව විශ්වාස කෙරේ. රත්නපුර, කුරුවිට හා මාලිබොඩ මාර්ගවලට සම්බන්ධවන සුදුවැල්ල - හැරමිටිපහන - මැදඉන්න - බේරු මණ්‌ඩිය ප්‍රදේශවල මොවුන් දිවිගෙවන බවට සාධක තිබේ.
* කොටියා, හඳුන්දිවියා, වල් බළලා, කොළ දිවියා, ඌරා, වැලිමුවා, මුගටියා, හම්බාවා, රිලවා, වලස්‌ වඳුරා, ගෝනා, දඬුලේනා වැනි ක්‍ෂීරපායින් විශේෂ රක්‍ෂිතයේ දිවි ගෙවති. උභයජීවීන් හා උරගයින් පිළිබඳ පැහැදිලි වාර්තා නැතත් තෙත් කඳුකර කලාපීය සුවිශේෂ වූ උභයජීවී හා උරග විවිධත්වයක්‌ සමනල අඩවියේදී නිරික්‍ෂණය කළ හැකිය. උභය ජීවී විශේෂ 21 ක්‌ හා උරග විශේෂ 38 පමණ මෙහි වාර්තාවේ. මල්කරවලා, ලේමැඩිල්ලා, දලවමැඩිල්ලා, රළුඅංකටුස්‌සා, කඟමුව අංකටුස්‌සා, පලා කටුස්‌සා, ගරාකටුස්‌සා, කරමල් බෝදිලිමා, ගැරඩි සිකනලා උරගුන් අතර ප්‍රමුඛය. සමනල විශේෂ රැසක්‌ මෙහිදී වාර්තාවේ. සමනල අඩවියට නම ලැබීමට මෙම සමනල ඝනත්වයද හේතුවී තිබේ.
* සමනල අඩවියෙන් වාර්තාවන සුවිශේෂීම සත්ව කොට්‌ඨාශය කුරුල්ලන්ය. වනබද කුරුල්ලන්ගේ වැදගත් විවිධත්වයක්‌ මෙහි පෙන්නුම්කරන අතර ශ්‍රී ලංකාවට ඒකදේශීය වූ කුරුල්ලන්, නේවාසික කුරුල්ලන් හා පර්යටනික කුරුල්ලන්ද ඒ අතර වේ. පර්යේෂණ වාර්තා අනුව, ශ්‍රී ලංකාවට ආවේණික කුරුල්ලන් අතරින් අරංගයා හැර අන් සියලුම විශේෂ සමනල අඩවියෙන් වාර්තාවේ. පීතකන් කොණ්‌ඩයා, සිතැසියා, ගිරාමලිත්තා, අළුගිරවා ඒ අතරින් සුළභව දැකගත හැකි කුරුල්ලන් වේ.
* සමනළ අඩවියෙන් පක්‍ෂින් විශේෂ 160 ක්‌ පමණ වාර්තාවේ. හමුවන මත්ස්‍ය විශේෂ 17 කි. ඒ අතරින් ඒකදේශිකයින් වන ලේ තිත්තයා, බුලත්හපයා, හල්මල් දණ්‌ඩියා, මල්පුළුට්‌ටා, දෙපුල්ලියා යන තර්ජනයට ලක්‌වූ විශේෂ හමුවේ.
* '''<u>අදවන විට පොලිතින් වැනි නොදිරන අපද්‍රව්‍ය හා බොහෝ පිරිස් ගේ ක්‍රියා කලාප හේතුවෙන් මෙම පාරසරික පද්ධතිය විනාශ විමට ලක්ව ඇති බව ශ්‍රි පාද සමයේදී දැකගත හැක.</u>'''
'''වි‍ශේෂ ස්තුතිය ජගත් කණහැරආරච්චි''' මහතා වෙත
 
* එක් ආශ්වාදජනක සංසිද්ධියක් වනු‌‌‍යේ පක්ෂීන් ‌‍බොහෝ විට ආහාර ‍‍සොයා යාම සඳහා සාමූහික රංචු වශ‌‍යෙන් හැසිරීමට ප්‍රවණතාවයක් දැක්වීම යි. මෙවැනි ‍රංචුවක් ‍‍බොහෝ විට මහ කවුඩා සහ රතු දෙමළිච්චා යන පක්ෂී විශේෂ වලින් සමන්විත වේ. මෙවැනි ‍රංචුවක පෙරමුණ ගන්නා මහ කවුඩා ප්‍රචණ්ඩකාරී පක්ෂියෙකු ලෙස ද රතු දෙමළිච්චා ඝෝෂාකාරී පක්ෂියෙකු ලෙසද ප්‍රචලිත ය. තවද ශ්‍රි පා සමය උදාවීමත් සමගම විවිධාකරයේ සමණලුන් දැකගත හැකි අතර බොහෝ පිරිස් පවසනුයේ සමණලුන් ශ්‍රිපා වන්දනා කරන බවයි.
jey Boy විසින් සැකසීමක්
 
* '''<u>අදවන විට පොලිතින් වැනි නොදිරන අපද්‍රව්‍ය හා බොහෝ පිරිස් ගේ ක්‍රියා කලාප හේතුවෙන් මෙම පාරසරික පද්ධතිය විනාශ විමට ලක්ව ඇති බව ශ්‍රි පාද සමයේදී දැකගත හැක.</u>'''
 
==ශ්‍රී පාද ලාංඡනය==
"https://si.wikipedia.org/wiki/සමනල_කන්ද" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි