Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
පිටුව වෙනුවට 'මි' ප්‍රතිස්ථාපනය කරමින්
ටැග: Replaced ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
1 පේළිය:
මි
මිනුවන්ගොඩට,වෑලිය,වැල්හේන,මාතම්මන මිත්‍රවරුනි.....
 
ත්‍රිපිඨක වාගීශ්වරාචාර්ය අතිපූජ්‍ය මහෝපාද්‍යාය පන්ඩිත කලවානේ සිරි ධම්මාලෝක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ පිළිබඳව ඔබ දන්නවාද......?
 
බස්නාහිර පලාතේ උතුරු අලුත් කූරු කෝරලේ දාසිය පත්තුවේ මිනුවන්ගොඩ කලවාන නම් ග්‍රාමයේ විසූ සත් ගුනවත් රණතුංග මංචනායක අප්පුහාමිලාගේ දොන් සාදිරිස් පෙරේරා මහත්මයා සහ මල් දෙනියගේ දෝන අබිලිනා හාමිනේ උන්වහන්සේගේ ආදරණීය දෙමව්පියෝ වූහ.
 
1897 නොවැම්බර් 25 වැනි ගුරු දින සියනෑ කෝරළයේ සූරිගම සිය මුත්තනුවන් වූ දොන් තේනිස් වෛද්‍යාචාර්‍ය තුමන්ගේ නිවසේදී මෙතුමන් උපත ලැබීය.
 
ස්වකීය මව්පියන්ගේ ජේශ්ඨ පුතනුවන් වූ මේ පින්වත් කුමරුවා පස්වෙනි විය ඉක්මවත්ම,ගමේ පාසැලට ඇතුලත් කරනු ලැබීය.දිනපතා සවස් වරුවේ මෙම දරුවාට ශතක පොත් ප්‍රගුණ කරවීමත් රාත්‍රියේ ජාතක කතා කියාදීමත්පියාගේ සිරිත වීය.ගමේ පාසැලෙන් තුන්වන පන්තිය දක්වා ඉගෙනීමෙන් අනතුරුව උඩුගම්පොළ ද්විභාශා පාඨශාලාවට ඇතුලත් කලේය.මේ කාලයේ දොබවල සී.පී රත්නායක මහතාගේ නිවසේ නැවතී සිට ඇත.
 
අනතුරුව පියානන් විසින් මේ දරුවා පැවිදි කිරීම සදහා පානදුරේ වල්පොල ශ්‍රී සත්ධර්මෝදය පරිවේනාධිපතිව වැඩ විසූ කෝදාගොඩ උපසේන ස්වාමීන් වහන්සේ වෙත භාරදෙනු ලැබීය.මීට හේතුව වූයේ උපසේන ස්වාමීන් වහන්සේ මිනුවන්ගොඩ පමුණුව බුලංකඩ ආවාසයේ නැවතී සිටිමින් දොබවල සද්ධර්ම ගුප්ත පිරිවෙන්හි සිසුවෙකුව උඩුගම්පොළ ස්වර්ණජෝති ස්වාමීන් වහන්සේගෙන් අද්‍යාපනය ලැබූ අවධියේ මංචනායක අප්පුහාමි විවාහ වීමටත් පෙර සිටම සිය ජේශ්ඨ පිරිමි දරුවා උන්වහන්සේගේ සිසුවෙකු වශයෙන් පැවිදි කරවීමට පොරොන්දු වී තිබීමයි.මේ අනුව පසු කලෙක මහානායක පදවියට පත් කෝදාගොඩ උපසේන ස්වාමීන් වහන්සේගේ ආචාර්යත්වයෙන් මේ කුළ දරුවා 1911 දෙසැම්බර් 06 වැනිදා වල්පොල සත්ධර්මෝදය පිරිවෙනේදී කලවානේ ධම්මාලෝක නමින් පැවිදි වීය.
 
1917 07 24 දින පානදුරා ගගේඋදතුකේඛප සීමාමාලකයේදී උපසම්පදා භූමියට පත් කලවානේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේ කීර්තිමත් අද්‍යාපන පණ්ඩිත උපාධිය ලැබූ ප්‍රථමයාද වීය.
 
1917 දී ප්‍රාචීන ප්‍රාරම්භ විභාගය ද 1920 මද්‍යම විභාගය ද විශිෂ්ට ලෙස සමත් වූ මුන්වහන්සේ ත්‍යාගයන්ද දිනා ගත් හ.
 
පණ්ඩිත උපාධි මහෝත්සවයෙන් පසුව එය නිමිති කරගෙන විද්‍යාරාජ පාරිවෙනස ශිශ්‍ය සංගමය මගීන් ඩබ්ලිව් එෆ් ගුණවර්ධන මුදලිතුමන්ගේ ප්‍රධානත්වයෙන් උන්වහන්සේව උත්සවශ්‍රීයෙන් ගෞරවයෙන් පිලිගැනීමක් ද සිදු කර ඇත.
 
පූජ්‍ය පමුනුවේ බුද්ධ දත්ත හිමියන්ගේ ආරාධනාවක් අනුව මිනුවන්ගොඩ මාතම්මන ශ්‍රී ජයවර්ධනාරාමයට 1926 දී වැඩම කර එහි විහාරාධිපති ධූරයට පත් වීය.
 
පිරිවෙන් කීපයක ආචාර්‍යවරයකු ලෙස ධර්මය පාලි උගන්වා ඇත.
 
1932 රණාල මහින්දාරාම පිරිවෙන ආරම්භ කරන ලද්දේ මුන් වහන්සේ විසිනි.
 
1940 දී මාතම්මන ජයවර්ධනාරාමයට වැඩම කල උන්වහන්සේ එය නිත්‍ය වාසයට තෝරා ගත්හ.
 
ප්‍රදේශයේ වෘද්ගතම සම්භාවනීය ස්වාමින් වහන්සේ මුන්වහන්සේ වීය.
 
රාමන්‍ය නිකායේ පාලක සභික වරයෙකු වීය.
 
ගම්පහ ප්‍රාදේශික සංඝ සභාවේ සභාපති වීය.
 
සංඝ සභාවේ අනුශාසක දූරය අපවත් වන තුරුම දැරීය.
 
1969 මහෝපාද්‍යාය ධූරයෙන් පිදුම් ලැබීය.
 
වැල්හේනේ රාජපක්ශාරාමය
වත්තේගෙදර පූර්වාරාමය
ආදී ආරාමයන්හි වස් වෙසෙමින් ශාසනික සේවයේ නිරත වීය.
 
මුන් වහන්සේ ගේ ජේශ්ඨ සිසුවා වැල්හේනේ පුන්‍යසාර ස්වාමීන් වහන්සේ වන්නේය.
 
ත්‍රිපිඨක වාගීශ්වරාචාර්ය අතිපූජ්‍ය මහෝපාද්‍යාය පන්ඩිත කලවානේ සිරි ධම්මාලෝක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ තමුන්ගේ ජීවිතයේ සැදෑසමය සියලු විහාරස්ථ කටයුතු වලින් ඈත්ව බොහෝ මානසික විවේකයෙන්ම සිටි අතර ,
 
සියලු වගකීම් බලතල ආදිය සිය සිසු වැල්හේනේ පුන්‍යසාර ස්වාමින් වහන්සේ වෙත පවරා දෙනු ලැබීය.
 
ජීවිතයේ අවසාන භාගයේ වුවද කිසිදු කායික මානසික දුබලතාවක් පෙන්නුම් නොකල මුන් වහන්සේ වැල්හේනේ පුන්‍යසාර ස්වාමීන් වහන්සේගේ ආදරය ගෞරවය ගුරු භක්තිය තුල උන්වහන්සේගේ හා දායකයින්ගේ විශේශ සත්කාර සැලකිලි මද්‍යයේ වසර ගානක් ගතකල සේක.
 
1989 සැප්තැම්බර් 12 වැනිදා උන්වන්සේ ලෝක සත්‍යට අවනත වෙමින් ආයුශය ශරීරයෙන් බැහැර වීමට යෙදිනි.
 
ඒ අනුව සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය ගම්වාසී ලෝක වාසී සියල්ලන්ට පසක් කරමින් එදින 5.45 ට පමණ ත්‍රිපිඨක වාගීශ්වරාචාර්ය අතිපූජ්‍ය මහෝපාද්‍යාය පන්ඩිත කලවානේ සිරි ධම්මාලෝක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ සිහි ණුවනින් යෙදීඅපවත් වන්නට යෙදිනි.
 
උන්වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.
 
සටහන
⚔ මිනුවන්ගොඩ නුවන්
"https://si.wikipedia.org/wiki/පරිශීලක:මිනුවන්ගොඩ_නුවන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි